Colombo FC සහ Blue Eagles ජය පැන් බොයි

245

FFSL සභාපති කුසලාන 2020 පාපන්දු තරගාවලියේ අද (11) පැවති තරගවලින් SLTB සහ Crystal Palace ක්‍රීඩකයන් පරදා ජයග්‍රහණ වාර්තා කරන්නට Colombo FC සහ Blue Eagles සමත් විය.

Colombo FC VS SLTB SC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු අර්ධයේ දී ගෝල ලබා ගැනීමට ආසන්න අවස්ථා කිහිපයක්ම Colombo FC ක්‍රීඩකයන් මගහැරීම නිසාවෙන් දෙපිලම කිසිදු ගෝලයක් නොමැතිව පළමු අර්ධය අවසන් කරන ලදි.

තරගය අතරතුර දී – Image Courtesy: FFSL

Colombo FC වෙනුවෙන් 51 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුවෙන් පිටත සිට එල්ල කළ පහරක් සාර්ථක කරගනිමින් පළමු ගෝලය රැස් කිරීමට Colombo FC ක්‍රීඩක Furic සමත් වූ අතර එම අර්ධයේම 63 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායමට දෙවැනි ගෝලය රැස්කර දීමට Colombo FC ක්‍රීඩක මොහොමඩ් ෆසාල් සමත් විය.

එම ගෝලය ලබා ගැනීමෙන් මිනිත්තු අටකට පසු එනම් තරගයේ 70 වැනි මිනිත්තුවේ දී Colombo FC ක්‍රීඩක Zarwan එල්ල කළ පහරක් SLTB ක්‍රීඩක Nizamdeenගේ හිසෙහි වැදී ගෝල රාමුවට යෑමෙන් Colombo FCට තවත් ගෝලයක් හිමි වූ අතර එම ගෝලයත් සමඟින් ඉතා පහසු ජයක් ලැබීමට Colombo FC කණ්ඩායම සමත් විය.

අවසන් ලකුණු තත්වය: Colombo FC 03 (00) – 00 (00) SLTB SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Colombo FC – Furic 51’, මොහොමඩ් ෆසාල් 63’, Zarwan 70’

තවත් කියවන්න:

Blue Eagles SC – Crystal Palace SC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ 15 වැනි මිනිත්තුවේ දී Blue Eagles ක්‍රීඩක කවිඳු ඉෂාන් මුල්ම ගෝලය වාර්තා කිරීමට සමත් විය. එම අර්ධයේම 40 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුව තුළ සිට අලංකාර ස්ථානගත කිරීමක් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කරගනිමින් පළමු අර්ධය සමව අවසන් කිරීමට Crystal Palace ක්‍රීඩක මොහොමඩ් සෙයිඩ් සමත් විය.

තරගය අතරතුර දී – Image Courtesy: FFSL

තරගයේ 59 වැනි මිනිත්තුවේ දී Crystal Palace ගෝල රකින්නා විසින් සිදු කළ අත්වැරැද්දක් ප්‍රයෝජනයට ගනිමින් කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කරන්නට Blue Eagles ක්‍රීඩක නෙත්ම මල්ෂාන් සමත් වූ අතර එම ගෝලයත් සමඟින් තරගය ජයග්‍රහණය කිරීමට Blue Eagles ක්‍රීඩකයන් සමත් විය.

අවසන් ලකුණු තත්වය: Blue Eagles SC 02 (01) – 01 (01) Crystal Palace SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Blue Eagles SC– කවිඳු ඉෂාන් 15’, නෙත්ම මල්ෂාන් 59’
  • Crystal Palace SC- මොහොමඩ් සෙයිඩ් 40’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<