බංගලාදේශ විස්සයි විස්ස සංචිතයට ප්‍රබලයින් දෙදෙනෙක්

335

තරග තුනකින් සමන්විත බංගලාදේශ – බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ බංගලාදේශ කණ්ඩායමට මොහොමඩ් මිතුන් හා මොහොමඩ් සයිෆූද්දීන් (Mohammad Saifuddin) නම් කර තිබේ.

Sylhet හිදී දෙසැම්බර් 17 වැනිදා ආරම්භ වන තරගාවලියට සහභාගී වන සංචිතය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එළිදැක්වූ අතර ඉහත සඳහන් ක්‍රීඩකයින් දෙදෙනාම සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලි දෙකේ දී ම කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයකි.

ජාතික දැල්පන්දු ශූරතා තරගාවලියට ඩයලොග් වෙතින් අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සපයන්නා වන ඩයලොග් ආසිආටා….

සබීර් රහ්මාන් විනය කඩ කිරීමක් හේතුවෙන් මාස හයක තරග තහනමකට ලක්ව ඇති නිසා  කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර මොසද්දෙක් හුසේන් හා අබු ජායෙඩ් හට ද කණ්ඩායමේ අසුන අහිමි වී තිබේ.

පසුගිය අගෝස්තුවේ කොදෙව් සංචාරයට එක්වූ බංගලාදේශ කණ්ඩායමට මිතුන් ඇතුළත් නොවූ නමුත් ඩුබායි හිදී පැවැත්වුණු ආසියානු කුසලානයේ දී ඔහුගේ දස්කම් නිසා ඔහු සිම්බාබ්වේ සමඟ පැවති ටෙස්ට් තරගාවලියට කැඳවන ලදි. එහි දී ඔහු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

“අපි මිතුන්ව කණ්ඩායමට ඇතුළු කළේ අපිට පිතිකරණ ලැයිස්තුවේ පහළින් හොඳ පිතිකරුවෙක් අවශ්‍ය නිසා, මිතුන් පසුගිය තරග කිහිපයේ හොඳින් ක්‍රීඩා කළා” Cricbuzz වෙත අදහස් දක්වමින් බංගලාදේශ තේරීම් කමිටු ප්‍රධානියා අදහස් දක්වා තිබුණි.

ලෝක කුසලාන තරගාවලියේත් නායකයා මාලිංගයි

2019 වසර ආරම්භයත් සමඟ නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත…

සයිෆූද්දින් අවසන් වරට විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළේ මේ වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිවයි. 22 හැවිරිදි වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඔහු සිම්බාබ්වේට එරෙහිව දෙවන එක්දින තරගයේ දී කඩුලු තුනක් වාර්තා කරගත්තේ කොදෙව් සංචාරයේ ද සිය අසුන වෙන් කර ගනිමිනි.

බංග්ලාදේශ කණ්ඩායම: ෂකිබ් අල් හසන් (නායක), තමිම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, ලිටන් දාස්, මුෂ්ෆිකර් රහීම්, මහමදුල්ලා, රුබල් හුසේන්, මුස්ටෆිසුර් රහ්මාන්, මෙහෙදී හසන් මිරාස්, නස්මුල් ඉස්ලාම්, මොහොමඩ් මිතුන්, මොහොමඩ් සයිෆුද්දින්, අබු හෙඩර්, අරිෆුල් හක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<