දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවට ශ්‍රී ලංකාවෙන් 6 දෙනෙක්

South Asian Cross- Country Championship 2024

142

ලබන මාර්තු මස 03 වැනි දා පාකිස්තානයේ ලාහෝර් හිදි පැවැත්වීමට නියමිත 2024 දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියට (පිරිමි) ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් හය දෙනෙකු සුදුසුකම් ලබා ගත්තා.

පසුගිය ජනවාරි 20 වැනි දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ආශ්‍රිතව පැවැත්වුණු තේරීම් තරගාවලියකින් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ඉසව් ද්විත්වයෙන් මුල් ස්ථාන තුන හිමි කර ගත් ක්‍රීඩකයින් හය දෙනෙකුටයි මෙම දකුණු ආසියානු තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වී තිබෙන්නේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සමඟ එක් වූ ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ මෙම රට හරහා දිවීමේ තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ කිලෝමීටර් 10 තරගය ජයග්‍රහණය කිරීමට යුද හමුදාව නියෝජනය කළ Vicknaraja Vakshan විසින් සමත් වුනේ විනාඩි 32 තත්පර 11කින් මෙම තරගය නිමා කරමිනුයි.

මේ අතර කිලෝමීටර් 08 කනිෂ්ඨ තරගය ජයග්‍රහණය කිරීමට රත්නපුර සාන්ත ඇලෝශියස් විද්‍යාලය නියෝජනය කළ ලහිරු අචින්ත විසින් සමත් වූ අතර ඔහුගේ තරග නිමි කාලය විනාඩි 27 තත්පර 53ක් ලෙස සටහන් වුනා.

ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ තරග අංශවලින් මුල් ස්ථාන අතරට පිවිසෙමින් දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයින් මෙසේයි;

ජ්‍යෙෂ්ඨ තරගය – කිලෝමීටර් 10

1.V. Vakshan (යුද හමුදාව) – විනාඩි 32.11

2.ආර්.ඒ. හේමන්ත කුමාර (පොලිස්) – විනාඩි 32.20

3.ඩබ්ලිව්.එම්.එන්.ජි. අබේරත්න (යුද හමුදාව) – 32.27

කනිෂ්ඨ තරගය – කිලෝමීටර් 8

1.ලහිරු අචින්ත (රත්නපුර සාන්ත ඇලෝශියස් විද්‍යාලය) – විනාඩි 27.53

2.ඩබ්ලිව්.එච්.කේ. මධුශාන් (කඩුවෙල ජාතික පාසල) – 27.54

  1. ආර්. විදුෂාන් (දිගන රාජාවෙල හින්දු විද්‍යාලය) – 28.26

2024 දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<