ශ්‍රී ලංකාව තරගාවලි ජයග්‍රහණය අභියස

248

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික තරගාවලි ජයග්‍රහණයක එළිපත්තට රැගෙන එමිනි. ලකුණු 413ක දැවැන්ත ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියානුවන් අද (05) දිනයට තරගය නිමා කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 25ක් ලබා සිටියි.

පසුගිය ලිපි: සුභ ඇරඹුමක් ලැබුණු 250වන ටෙස්ට් තරගය

අද උදෑසන දෙවන දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු 281ට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානුවන් කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54කි. රංගන හේරත්ගේ සහ දිල්රුවන් පෙරේරාගේ දඟ පන්දුවේ බලය හමුවේ අසරණ වූ කැන්ගරුවන්ට ඉතිරි කඩුලු 8 වෙනුවෙන් ලබා ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 52ක් පමණයි.

ඕස්ට්‍රේලියානු කඩුලු දඩයමේ එක් අන්තයක දඩයක්කරුවා වූ රංගන, ටෙස්ට් තරගයක කඩුලු ත්‍රිත්වයක් වාර්තා කල දෙවන ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත් විය. 25වන පන්දුවාරයේ 4, 5 සහ 6වන පන්දු වලදී වාර්තා වූ මෙම කඩුලු ත්‍රිත්වයට ගොදුරු වූයේ ඇඩම් වෝජස්, පීටර් නෙවිල් සහ මිචෙල් ස්ටාක් යන ක්‍රීඩකයින් තිදෙනායි. මිචෙල් ස්ටාක් නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙසට විනිසුරුවරයා සංඥා කළත්, විනිසුරු තීරණය නැවත සලකා බැලීම මගින් (DRS) රංගනට සාධාරණයක් ඉටුවිය.

රංගන සහ දිල්රුවන් කඩුලු 8ක අයිතිය සමව බෙදා ගනිද්දී ලක්ෂාන් සඳකැන් මේ ඉනිමට අවශ්‍ය වූයේ පන්දු 2ක් යැවීම සඳහා පමණයි. ඔහු අවසන් කඩුල්ල ලෙස මිචෙල් මාෂ් දවාගනිද්දී, ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 106කට සීමා විය. මේ තරගයේදී ශ්‍රී ලංකාවේ පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමද ඉහල මට්ටමක පැවතීම කැපී පෙනුණු කරුණක් වු අතර දිමුත් කරුණාරත්න ද විශිෂ්ට උඩ පන්දු 2ක් රැක ගැනීමට සමත් විය.

ලකුණු 175ක් ඉදිරියෙන් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා  ආරම්භක පිතිකරුවන් යලිත් වරක් අසාර්ථක වූයේ කණ්ඩායමේ ඔවුන්ගේ ස්ථානය පිලිබඳ ඉතා අවිනිශ්චිත තත්ත්වයක් මතු කරමිනි. කුසල් මෙන්ඩිස් ද ලකුණු 7කට දැවී යන ලදී. කෙසේ වෙතත් අනෙක් පිතිකරුවන් සියලු දෙනාම අඩු වැඩි වශයෙන් ලබා දුන් දායකත්වයත් සමග දෙවන ඉනිමත් ලකුණු 200 සීමාව ඉක්මවා ගොඩනගා ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.

උදෑසන ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට හිසරදයක් වූ දිල්රුවන් පෙරේරා සවස් වරුවේ ඔවුන්ගේ පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත්වූයේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 64ක් රැස්කරමිනි. නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් සහ කුසල් ජනිත් ලකුණු 35ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ක්‍රීඩා කළේ වෙනත් තණ තීරුවක දැයි සැක සිතෙන තරමටම මුරලිදරන්ගෙන්ද උපදෙස් ලැබූ නේදන් ලයන්ට ශ්‍රී ලංකා පිතිකරුවන් අභියෝග කරද්දී මිචෙල් ස්ටාක් යම් ගෞරවනීය පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 50කට බිඳහෙලූ කඩුලු සංඛ්‍යාව 6කි. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙක් ශ්‍රී ලංකාවේදී වාර්තා කල හොඳම පන්දු යැවීම වන්නේද මෙයයි.

ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 237කට සීමා වෙද්දී ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 413කින් ඉහල යන ලදි. පිත්ත බිම තැබූ සැනින් පන්දුව අතට ගත් රංගන සහ දිල්රුවන් යලිත් වරක් කැන්ගරු දඩයම ආරම්භ කෙරිනි.

පළමු පන්දුවාරයේදීම රංගන, ජෝ බර්න්ස් පිටියෙන් ඉවත් කරද්දී, සිවුවන පන්දුවාරයේ පිට පිට පන්දු 2කින් නේදන් ලයන් සහ උස්මාන් කවාජා දවා ගන්නට දිල්රුවන් සමත් විය. මේ අනුව හෙට දිනය ආරම්භ වන්නේ ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක් පමණක් අතැතිව තවත් ලකුණු 388ක දැවැන්ත අභියෝගයක් හිමි කර දෙමිනුයි.

යම් ප්‍රාතිහාර්යයක් වැනි සිදුවීමක් නොවන්නට දෙරට අතර තරගයකට වඩා රංගන සහ දිල්රුවන් අතර තරගයේ වීරයා සම්මානය සඳහා වන ගැටුමක් බවට පත්ව ඇති මේ තරගය හෙට දිනයේදී ශ්‍රී ලංකාවට සිහිනයක් බඳු තරගාවලි ජයක් උරුම කරමින් අවසන් වනු ඇති බව බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.

ලකුණු පුවරුව:

ශ්‍රී ලංකා පළමු ඉනිම – සියල්ලන් දැවී 281 (73.1) – කුසල් මෙන්ඩිස් – 86, ඇන්ජලෝ මතිව්ස් – 54, කුසල් ජනිත් – 49, ධනංජය ද සිල්වා – 37, මිචෙල් ස්ටාක් – 5/44, නේදන් ලයන් – 2/78

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – සියල්ලන් දැවී – 106 (33.2) – ඩේවිඩ් වෝනර් – 42, මිචෙල් මාෂ් – 27, දිල්රුවන් පෙරේරා – 4/29, රංගන හේරත් – 4/35, ලක්ෂාන් සඳකැන් 1/00, විශ්ව ප්‍රනාන්දු – 1/16

ශ්‍රී ලංකා දෙවන ඉනිම – සියල්ලන් දැවී 237 (59.3) – දිල්රුවන් පෙරේරා – 64, ඇන්ජලෝ මැතිව්ස් – 47, කුසල් ජනිත් – 35, ධනංජය ද සිල්වා – 34, රංගන හේරත් – 26, මිචෙල් ස්ටාක් – 6/50, නේදන් ලයන් – 2/80

ඕස්ට්‍රේලියා දෙවන ඉනිම – 25/3 (6) – ඩේවිඩ් වෝනර් – 22*, දිල්රුවන් පෙරේරා – 2/09, රංගන හේරත් – 1/16

ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය සඳහා කඩුලු 7ක් අතැතිව ලකුණු 388ක් පසුපසින් සිටියි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට

Full Scorecard

Batsmen Dismissal Runs Balls
Dimuth Karunarathne  c Burns b Starc 0 1
Kaushal Silva  c Nevill b Starc 5 16
Kusal Janith Perera c Smith b Lyon 49 82
Kusal Mendis c Nevill b Starc 86 137
Angelo Mathews  c Nevill b Marsh 54 65
Dinesh Chandimal  c Khawaja b Hazelwood 5 14
Dhananjaya De Silva  LBW b Holland 37 63
Dilruwan Perera LBW b Lyon 16 32
Rangana Herath  b Starc 14 19
Lakshan Sandakan  b Starc 1 7
Vishwa Fernando Not Out 0 4
Extras (14) TOTAL 281 (73.1 overs)

Fall of wickets :  1-0 (Karunaratne, 0.1 ov), 2-9 (Silva, 4.4 ov), 3-117 (MDKJ Perera, 31.2 ov), 4-184 (Mendis, 45.3 ov), 5-199 (Chandimal, 48.5 ov), 6-224 (Mathews, 56.4 ov), 7-259 (MDK Perera, 67.1 ov), 8-265 (de Silva, 68.6 ov), 9-274 (Sandakan, 71.4 ov), 10-281 (Herath, 73.1 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc  16.1 7 44 5
Josh Hazelwood 15 3 51 1
Nathan Lyon 18 1 78 2
Mitchell Marsh 9 0 30 1
Jon Holland 15 0 64 1
Batsmen Dismissal Runs Balls
 Joe Burns c K Perera b Fernando 0 2
 David Warner c Mathews b Perera 42 41
 Usman Khawaja b Perera 11 44
 Steve Smith b Herath 5 10
 Adam Voges c Karunarathne b Herath  8 28
 Mitchell Marsh c Karunarathne b Sandakan 27 42
 Peter Nevill LBW b Herath 0 1
 Mitchell Starc LBW b Herath 0 1
 Nathan Lyon c Mendis b Perera 4 10
 Josh Hazelwood c Mathews b Perera 3 16
Jon Holland Not Out 0 5
Extras (6) TOTAL 106 (33.2 overs)

Fall of wickets :  1-0 (Burns, 0.2 ov), 2-54 (Warner, 13.3 ov), 3-59 (Khawaja, 15.6 ov), 4-59 (Smith, 16.1 ov), 5-80 (Voges, 24.4 ov), 6-80 (Nevill, 24.5 ov), 7-80 (Starc, 24.6 ov), 8-85 (Lyon, 27.2 ov), 9-89 (Hazlewood, 31.2 ov), 10-106 (Marsh, 33.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Vishwa Fernando  2 0 16 1
Rangana Herath 11 2 35 4
Dilruwan Perera 15 4 29 4
Angelo Mathews 3 1 13 0
Dhananjaya De Silva 2 1 7 0
Lakshan Sandakan 0.2 0 0 1
Batsmen Dismissal Runs Balls
Kaushal Silva  c Smith b Hazelwood 2 6
Dimuth Karunarathne  c Marsh b Starc 7 8
Kusal Janith Perera b Lyon 35 38
Kusal Mendis c Nevill b Starc 7 14
Angelo Mathews  b Lyon 47 69
Dinesh Chandimal  c Nevill b Starc 13 29
Dhananjaya De Silva  c Nevill b Starc 34 48
Dilruwan Perera  b Starc 64 89
Rangana Herath  b Holland 26 55
Lakshan Sandakan  Not Out 0 0
Vishwa Fernando c Voges b Starc 0 1
Extras (2) TOTAL 237 (59.3 overs)

Fall of wickets :  1-5 (Silva, 1.6 ov), 2-9 (Karunaratne, 2.2 ov), 3-31 (Mendis, 6.1 ov), 4-79 (MDKJ Perera, 15.3 ov), 5-98 (Chandimal, 23.2 ov), 6-121 (Mathews, 31.4 ov), 7-172 (de Silva, 39.6 ov), 8-233 (Herath, 58.6 ov), 9-237 (MDK Perera, 59.2 ov), 10-237 (Fernando, 59.3 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc  12.3 1 50 6
Josh Hazelwood 9 3 13 1
Nathan Lyon 19 2 80 2
Jon Holland 10 1 69 1
Adam Voges 1 0 4 0
Mitchell Marsh 4 1 7 0
Steve Smith 4 0 13 0
Batsmen Dismissal Runs Balls
David Warner Not Out 22  18
Joe Burns c De Silva b Herath 2  4
Nathan Lyon  c Silva b Perera 0  7
Usman Khawaja b Perera 0  1
Steve Smith Not Out 1  6
Extras (0) TOTAL 25/3 (6 overs)

Fall of wickets :   1-3 (Burns, 0.6 ov), 2-10 (Lyon, 3.3 ov), 3-10 (Khawaja, 3.4 ov)

Bowler Overs Maidens Runs Wickets
Rangana Herath  3  1  16 1
Dilruwan Perera  3 0  9  2