උෂාන් තිවංක සතිඅන්තයේ දී තරග බිමට

Lone Star Outdoor Championships 2022

201
Ushan will Participate long star Outdoor Championship

මෑත කාලයේ වැඩි අවධානයක් දිනා ගත් මලල ක්‍රීඩකයෙකු වන උස පැනීමේ ශූර උෂාන් තිවංක පෙරේරා සිය මීළඟ තරගය සඳහා සෙනසුරාදා (07) අලුයම තරග බිමට පිවිසීමට නියමිතයි.

ඇමරිකානු විශ්ව විද්‍යාල තරග පිටියේ ප්‍රධාන තරගාවලියක් වන Lone Star Outdoor Championships තරගාවලියේ පිරිමි උස පැනීමේ අවසන් තරගය නියෝජනය කිරීමට උෂාන් එලෙස සූදානමින් පසුවනවා.

උස පැනීම අවසන් ඉසව්වට සහභාගී වන ක්‍රීඩක ලැයිස්තුව

මෙම තරගාවලියෙ පිරිමි උස පැනීම අවසන් තරගය සඳහා උෂාන්ට අමතරව ඇමරිකාවේ වාසය කරන තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වන සෙනිරු අමරසිංහ ද සහභාගී වීමට නියමිතයි.

මෑත කාලයේ දී වඩාත්ම කතාබහට ලක්වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු වන උෂාන් අවසන් වරට සහභාගී වූ තරගාවලියේ මීටර් 2.20ක දස්කමක් දක්වමින් නව facility වාර්තාවක් සමඟ තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්ම පිරිමි උස පැනීම ඉසව්වේ මීටර් 2.30ක දස්කමක් දක්වමින් එහි ජාතික හා දකුණු ආසියානු වාර්තාව බිඳ හෙළීමට ද උෂාන් පසුගිය වසරේ සමත් වූ අතර එම වසරේ පැවති ඇමරිකානු විශ්ව විද්‍යාල තරගාවලි රැසක දී ම උස පැනීම ඉසව්වෙහි ඉහළ දස්කම් දැක්වීමට උෂාන්ට හැකි වුනා.

මෑත කාලයේ දී උස පැනීම ඉසව්වෙන් ජාත්‍යන්තර මට්ටමෙහි දස්කම් අතර සිටීමට උෂාන්ට හැකි වීම නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතවලට උෂාන් ඇතුළත් වීම ද විශේෂත්වයක්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<