Home Sinhala මිනෝද් – වනිඳු සී. සී. සී. කණ්ඩායමට ශූරතාව දිනා දෙයි

මිනෝද් – වනිඳු සී. සී. සී. කණ්ඩායමට ශූරතාව දිනා දෙයි

88

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජය Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ අද (21) සමත් වූහ. ඔවුන් ප්‍රතිවාදී හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 4කින් පරාජය කළේ අවසන් පන්දුව දක්වාම පැවති තියුණු තරගයකින් අනතුරුවය.

උඩවත්ත සහ චතුරංග එන්. සී. සී. ගොඩ ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ……….

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 8කට ලකුණු 162ක් ලබා සිට අතර පිළිතුරු ලෙසින් සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් ලබා ගත්හ. 

ජයග්‍රහණය කරා යෑමේ දී සී. සී. සී. ක්‍රීඩකයන්ට අවසන් පන්දු වාරයේ දී ලකුණු 17ක් අවශ්‍ය විය. පන්දු යැවීම සඳහා කැඳවා තිබුණේ තික්ෂිල ද සිල්වා ය. වනිඳු හසරංග එක් අන්තයකත් අනෙක් අන්තයේ මනෙල්ක ද සිල්වාත් රැඳී සිටිය හ. 

එම පන්දුවාරයට වනිඳු හසරංග පළමුවෙන් මුහුණ දුන් අතර ඔහු 6-2- 4-2 සහ 1ක් ලෙස පළමු පන්දු 5ට ලකුණු 15ක් ලබා ගත්තේ ය. අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 2ක් අවශ්‍යව තිබූ අතර මනෙල්ක ද සිල්වා 4 පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඊට පෙර සී. සී. සී. ඉනිම වෙනුවෙන් මිනෝද් භානුක අර්ධ ශතකයක් වාර්තා කළේය. 

තරගය නිමා වන විට වනිඳු හසරංග පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර් 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 60ක් ද, අනෙක් අන්තයේ සිටි මනෙල්ක ද සිල්වා පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද ලබා සිටිය හ. ඔවුන් දෙදෙනා 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු  69ක සබඳතාවක් එක් කළහ.   

Photos: Chilaw Marians CC vs CCC | SLC Invitation T20 Tournament 2019/20 | Final

කාසියේ වාසිය දිනා ගත් සී. සී. සී. නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයන්ට සිදු වූයේ නොසිතූ අකරතැබ්බයකට මුහුණ දීමටය. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 9ක්ව තිබිය දී ලහිරු කුමාරට ගොදුරු වූයේ තරගාවලිය පුරා ලකුණු අතර සිටි ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 6ක් ලබා සිටිය දී රොන් චන්ද්‍රගුප්ත වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යෑමත් සමඟිනි. 

එතැන් සිට අනෙක් අන්තයේ රැඳී සිටි ආරම්භක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමඟ එක් වූයේ නායක ෂෙහාන් ජයසූරිය ය. හලාවත මේරියන්ස් කණ්ඩායම වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩ දැමීමට ඔවුන් දෙදෙනා විශිෂ්ට ඉනිමක් දියත් කළහ. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 96කි. 

ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම වාර්තා පොත් අලුත් කරයි

ශ්‍රී ලංකා ගෘහස්ථ ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගිය ……

ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණේ කමිඳු මෙන්ඩිස්ගේ දැවී යෑමත් සමඟිනි. නුවන් තුෂාරගේ පන්දුවකට අශාන් ප්‍රියංජන් වෙත උඩ පන්දුවක් දී කමිඳු දැවී යන විට ලකුණු 46ක් ලබා සිටියේය. එම ඉනිම පන්දු 30කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරක් ඇතුලත්ව තිබුණි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව තික්ෂිල ද සිල්වා (2), පුලින තරංග (4) සහ සනෝජ් දර්ශික (2) අඩු ලකුණුවලට කඩුලු පූජා කරද්දී එක් අන්තයක සිර වූ ෂෙහාන් ජයසූරිය අමාරුවෙන් හලාවත මේරියන්ස් ලකුණු පුවරුවට ලකුණු එක් කළේය. 

ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් ෂෙහාන් ජයසූරිය දැවී යන විට මේරියන්ස් ඉනිම ලකුණු 143ක්ව තිබුණි. ෂෙහාන් පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 80ක් රැස් කළේය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ද ලකුණු පුවරුව වේගයෙන් කැරකැවීමට සමත් පිතිකරුවෙක් හලාවත මේරියන්ස් කණ්ඩායමේ සිටියේ නැත. 

රුමේෂ් බුද්ධික (9), නිමේෂ් විමුක්ති (5), චතුරංග කුමාර (නොදැවී 6), ඉරෝෂ් ප්‍රනාන්දු (නොදැවී 1) ලෙසින් සටහන් වූයේ හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසි පිතිකරුවන් 10 දෙනාගෙන් 8 දෙනෙක්ටම තනි ඉලක්කමේ ලකුණු පමණක් හිමි කර දෙමිනි. 

පන්දු යැවීමේ දී මාලින්ද පුෂ්පකුමාර සහ ලහිරු ගමගේ කඩුලු 2 බැගින් දවා ගනිද්දී නුවන් තුෂාර සහ වනිඳු හසරංග කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 163ක හඹායන සී. සී. සී. ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූයේ මළිඳු මධුරංග සහ රොන් චන්ද්‍රගුප්තයි. නමුත් ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට හලාවත මේරියන්ස් පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඉනිමේ 13 වැනි පන්දුව වෙද්දී මොවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයේ විවේක ගැන්වූයේ ලකුණු පුවරුව 4ක් ලෙසින් සටහන් වෙද්දී ය. 

මතීෂ පතිරණ ලොව වේගවත්ම පන්දුවේ වාර්තාව අලුත් කළා ද?

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ …..

මළිඳු මධුරංග එක් ලකුණකටත් රොන් චන්ද්‍රගුප්ත ලකුණු 2කටත් දැවී ගියහ. අනතුරුව පිටියේ යම් ප්‍රමාණයකින් හෝ ස්ථාවර වීමට මිනෝද් භානුක සහ නායක අශාන් ප්‍රියංජන් උත්සාහ කරද්දී නැවත එය ව්‍යර්ථ කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අශාන් ප්‍රියංජන්ගේ ඉනිම ලකුණු 14කට නිමා කරමිනි. 

අනතුරුව ලසිත් අබේරත්න (10) සහ ශාලික කරුණානායක (0) ද අඩු ලකුණුවලට සීමා වෙද්දී මිනෝද් භානුක මෙන්ම වනිඳු හසරංග ද ලබා ගත් අර්ධ ශතක ඉනිම් හේතුවෙන් සී. සී. සී. ක්‍රීඩකයෝ තම ජයග්‍රහණය සනිටුහන් කර ගත්හ. එහි දී මිනෝද් භානුක පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේය. 

කඩුලු ලබා ගැනීමේ දී පුලින තරංග ලකුණු 24කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර අසිත ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති, තික්ෂිල ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්හ. 

Result


Colombo Cricket Club
165/6 (20)

Chilaw Marians Cricket Club
162/8 (20)

Batsmen R B 4s 6s SR
Lasith Croospulle c Ron Chandraguptha b Lahiru Gamage 6 6 1 0 100.00
Kamindu Mendis c Ashan Priyanjan b Nuwan Thushara 46 30 5 1 153.33
Shehan Jayasuriya c Malindu Maduranga b Malinda Pushpakumara 80 52 9 0 153.85
Thikshila de Silva c Wanidu Hasaranga b Malinda Pushpakumara 2 3 0 0 66.67
Pulina Tharanga b Wanidu Hasaranga 4 5 0 0 80.00
Sanoj Darshika b Lahiru Gamage 2 3 0 0 66.67
Rumesh Buddika run out (Lahiru Gamage) 9 10 0 0 90.00
Nimesh Vimukthi run out (Minod Bhanuka) 5 8 0 0 62.50
Chathuranga Kumara not out 6 2 0 1 300.00
Irosh Fernando not out 1 1 0 0 100.00


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 162/8 (20 Overs, RR: 8.1)
Did not bat Asitha Fernando,

Fall of Wickets 1-9 (2.2) Lasith Croospulle, 2-105 (11.5) Kamindu Mendis, 3-110 (12.4) Thikshila de Silva, 4-122 (14.1) Pulina Tharanga, 5-139 (15.5) Sanoj Darshika, 6-143 (16.6) Shehan Jayasuriya, 7-155 (19.2) Rumesh Buddika, 8-155 (19.3) Nimesh Vimukthi,

Bowling O M R W Econ
Malinda Pushpakumara 4 0 27 2 6.75
Lahiru Gamage 4 0 30 2 7.50
Manelka De Silva 1 0 11 0 11.00
Ashan Priyanjan 4 0 31 0 7.75
Nuwan Thushara 2 0 17 1 8.50
Shalika Karunanayakke 2 0 15 0 7.50
Wanidu Hasaranga 3 0 31 1 10.33


Batsmen R B 4s 6s SR
Ron Chandraguptha b Nimesh Vimukthi 2 6 0 0 33.33
Malindu Maduranga lbw b Asitha Fernando 1 6 0 0 16.67
Minod Bhanuka c Thikshila de Silva b Pulina Tharanga 59 38 6 1 155.26
Ashan Priyanjan c Asitha Fernando b Thikshila de Silva 14 12 1 1 116.67
Lasith Abeyrathna c Pulina Tharanga b Kamindu Mendis 10 13 0 0 76.92
Shalika Karunanayakke lbw b Pulina Tharanga 0 1 0 0 0.00
Wanidu Hasaranga not out 60 34 6 1 176.47
Manelka De Silva not out 15 12 1 0 125.00


Extras 4 (b 0 , lb 2 , nb 0, w 2, pen 0)
Total 165/6 (20 Overs, RR: 8.25)
Did not bat Malinda Pushpakumara, Lahiru Gamage, Nuwan Thushara,

Fall of Wickets 1-4 (1.5) Ron Chandraguptha, 2-4 (2.1) Malindu Maduranga, 3-24 (4.4) Ashan Priyanjan, 4-74 (10.4) Lasith Abeyrathna, 5-82 (11.2) Shalika Karunanayakke, 6-96 (13.2) Minod Bhanuka,

Bowling O M R W Econ
Asitha Fernando 4 0 20 1 5.00
Nimesh Vimukthi 2 0 13 1 6.50
Thikshila de Silva 3 0 40 1 13.33
Shehan Jayasuriya 3 0 34 0 11.33
Kamindu Mendis 4 0 32 1 8.00
Pulina Tharanga 4 0 24 2 6.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<