සවනට කොඳුරා මරණය සිහි කළ කොදෙව් අකුණු සැරය

137
Getty Images

“මම ඉපදුණේ ක්‍රීඩාවට ඉතාම ලැදි පවුලක. පාසලේ දී පවා මම හැකි සෑම විටම ක්‍රීඩාවක නිරත වුනා. මලල ක්‍රීඩා, ක්‍රිකට්, පාපන්දු, මේසපන්දු මෙන්ම අතරින් පතර පැසිපන්දු ක්‍රීඩාව ද මම ප්‍රගුණ කළා. 

මට නියලෙන්නට නොහැකි වූයේ ටෙනිස් ක්‍රීඩාවේ පමණයි. නමුත් ක්‍රිකට් ඒ සෑම ක්‍රීඩාවක් අතරින්ම ඉදිරියෙන් තිබුණා. ක්‍රිකට් ක්‍රීඩාවට කොදෙව් දේශයේ සෑම විටකම වැඩි ඉඩකඩක් තිබුණා.”

මයිකල් හෝල්ඩිං. 

එහෙමත් නැතිනම් කොදෙව් දේශය බිහි කළ උත්තරීතර වේගපන්දු බළඇණියේ  සාමාජිකයා, එහෙමත් නැතිනම් පැත්ත ගියත් ඇත්ත කියන ක්‍රිකට් විස්තර විචාරකයා තමන්ගේ කුඩා කාලය ගැන මතකය අවධි කරන්නේ එහෙම.

“මම පුංචි කාලේ වේගපන්දු යවන්නෙක් නොවෙයි. පොඩි කාලේ යාළු මිත්‍රාදීන් සමඟ ක්‍රීඩා කරද්දි මගේ පිට දඟපන්දු යැවීමට සහ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන්නයි මම වැඩි අවධානයක් යොමු කළේ.”

1954 වසරේ ජැමෙයිකාවේ කිංග්ස්ටන්’හීදී උපත ලද මයිකල් ඇන්තනී හෝල්ඩිං ක්‍රීඩාව හා බැඳෙන්නේ පවුලෙන් ලැබූ ආභාෂය නිසාවෙනි.

කුඩා කළ මිතුරන්ට එරෙහිව පිට දඟපන්දු යැවූ හෝල්ඩිං වේගපන්දු යවන්නෙකු බවට පත්වන්නේ අහම්බයකිනි.

ශ්‍රී ලාංකිකයින්, මාර්ටින් ක්‍රෝ එවරස්ට් මුදුනින් බිම හෙළයි

“එය එවරස්ට් කන්ද මුදුනටම නැග අවසන් අඩි කිහිපයේ දී මස්පිඩු පෙරළීමකට ලක්වුණා වගේ අභාග්‍යසම්පන්න සිදුවීමක් මට වුනේ.”

“කැරීබියන් දේශයේ, විශේෂයෙන්ම ජැමෙයිකාවේ ක්‍රිකට් ක්‍රීඩා රටාවක් තිබෙනවා එය හඳුන්වන්නේ කැචී- ෂබී කියල. මෙම ක්‍රීඩා රටාවේ තිබෙන විශේෂත්වය පිතිකරුවෙකු දවාගන්න තිබෙන එකම විදිය පන්දුව කඩුල්ලේ වද්දවා ගැනීම පමණයි. කඩුල්ල මුවා කිරීමේ දැවී යෑමක් එහි තිබුණේම නැහැ.

මේ තත්වයන් යටතේ බොහෝ පිතිකරුවන් තමන්ගේ පාදය කඩුල්ල වසාගෙනයි පන්දුවට පහර දුන්නේ. ඔවුන් පන්දුව කඩුල්ලේ වදිනවාට වඩා පාදයේ පන්දුව වදින වේදනාව දරා ගත්තා.

ඉතින් මම තීරණය කළා ඔවුන් එසේ කඩුල්ල මුවා කරන විට ඔවුන්ගේ පාදය ඉලක්ක කරගෙන හැකි උපරිම වේගයෙන් පන්දු යවන්න. වේගයෙන් පන්දුව පාදයේ වදින විට ඔවුන් තවදුරටත් පාදයෙන් කඩුල්ල මුවා කළේ නැහැ. ඒ ආකාරයෙන් තමයි මට වේගපන්දු යැවීමට මූලික අඩිතාලම වැටුණේ.

ඔවුන් හැමදෙනාම මගේ මිත්‍රයින්. ඔවුන්ට රිදවීමට මට උවමනා කළේ නැහැ. නමුත් ක්‍රීඩාව අසාධාරණ විදියට කරන්න දෙන්න බැහැ. ඔවුන් පාදයෙන් කඩුල්ල මුවා කරනවා නම් තවදුරටත් මටත් කරන්න දෙයක් තිබුණේ නැහැ.

කොදෙව් දූපත්වල සිටින තරුණ ක්‍රීඩකයින්ගේ හැකියාවන් සුමට වෙන්න, ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත හරියාකාරයෙන් ක්‍රියාත්මක කරන්න පා ආවරණ, අත් ආවරණ වැනි ආරක්ෂිත උපාංග නොමැති වීම සෑහෙන බලපෑමක් ඇති කළා.

ඒ නිසාම පන්දුව ඇඟේ වද්දා නොගැනීමටත්, හැකි සෑ මවිටම පිත්තේ මුහුණත යොදාගෙන පන්දුවට පහර දීමටත් අපි පුරුදු පුහුණු වුනා.

කුඩා කාලයේ නිතරම මට ක්‍රීඩා කරන්න ලැබුණේ වයසින් තරමක් වැඩි ක්‍රීඩකයින් සමඟ. ඉතින් පන්දු යැවීමට තිබූ අවස්ථාවන් සෑම විටම ලැබුණේ නැහැ.”

ක්‍රීඩාවට කෙතරම් ලැදිවුවද හෝල්ඩිං ක්‍රීඩාවෙන් දිගු අනාගතයක් දුටුවේ නැත. 

“මට කවමදාකවත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන්නට සිහිනයක් තිබුණේ නැහැ. මම විනෝදයට ක්‍රිකට් ක්‍රීඩා කළා පමණයි.

1975/76 ඕස්ට්‍රේලියානු සංචාරය වෙනුවෙන් මුල්ම වරට මට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන්නට කැඳවීමක් ලැබුණා. මට කිසිම ආකාර‍යකින් එය සතුටුදායක ආරංචියක් වුනේ නැහැ. මගේ පළමු සිතිවිල්ල වුනේ නත්තලට මට ගෙදර සිටින්නට නොහැකි වේ ද යන්න පමණයි. 

1975/76 ඕස්ට්‍රේලියානු සංචාරය ඉතාම භයංකර එකක්. අපි 5-1ක් ලෙස ඉතාම දරුණු පරාජයක් ලැබුවේ.

නැවත කොදෙව් දේශයට පැමිණි වහාම මම මගේ පියාට කිව්වේ එය ටෙස්ට් නම් තවදුරටත් ඒ ක්‍රීඩාවේ නිරත වන්නට මගේ කැමැත්තක් නොමැති බවයි.

ටෙස්ට් ක්‍රිකට් නම් උත්තරීතර ක්‍රීඩා රටාව ගැන මා දැක්වූ දුර්වල මතය ඉන් මැනවින් පෙන්නුම් කළා.”

කුප්‍රකට ලෙදර් ජැකට්ටුවේ ටෙස්ට් තරගය

90 දශකයේ බොහෝ ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම්වලට තිබූ ප්‍රබලතම අභියෝගයන්ගෙන් එකකි දකුණු අප්‍රිකානුවන්ට…..

වැඩි කාලයක් යෑමට මත්තෙන් කොදෙව් කණ්ඩායමේ වේගපන්දු බලඇණියේ ස්ථීර සාමාජිකයෙකු වන්නට හෝල්ඩිංට අවස්ථාවක් ලැබුණි. 

1976 එංගලන්ත සංචාරය අතරතුර කොදෙව් දේශයෙන් ආ ක්‍රීඩකයින්ට එංගලන්තයෙන් ලැබුණේ එතරම් හොඳ ආගන්තුක සත්කාර නොවේ. 

අපි ඔවුන්ව දණින් වට්ටවන්නම්” යනුවෙන් එංගලන්ත නායක ටෝනි ග්‍රේග් කළ ප්‍රකාශය කොදෙව් කණ්ඩායමේ සාමාජිකයින්ගේ සිත්වලට කළ බලපෑම ස්වල්ප නොවීය. ඔවුන් සිටියේ අධික කෝපයෙනි.

“ටෝනි ග්‍රේග් පන්දුවට පහර දීමට ආ සෑම විටම අපි වඩාත් උද්‍යෝගයකින් පන්දු යැව්වා. අපි ඔහු කී දෙය ඉතාම සැරට ගත්තේ. ඔහු කඩුල්ලේ දකින වාරයක් වාරයක් පාසා අපි තව තවත් ආක්‍රමණශීලී ආකාරයෙන් ක්‍රීඩා කළා.”

හෝල්ඩිංගේ ක්‍රිකට් ජීවිතයේ අමතක නොකළ යුතු ගෞරවනීය චරිතයක් ලෙස ක්‍ලයිව් ලොයිඩ් හැඳින්වීමට පුළුවන්.

“ඔහු අපට සිටි වඩාත්ම උපක්‍රමශීලී නායකයා නොවේ. නමුත් ඔහු මානව සම්පත කළමනාකරණය සම්බන්ධයෙන් මා දුටු හොඳම පුද්ගලයා කිව්වොත් වැරදි නෑ.

බොහෝ දෙනෙක් කියනවා එවකට තිබූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕනෑම කෙනෙකුට නායකත්වය දිය හැකි එකක් කියල. නමුත් මම ඒ ප්‍රකාශයට කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ.

කොදෙව් කණ්ඩායම තැනෙන්නේ දූපත් කිහිපයක ක්‍රීඩකයින්ගේ එකතුවකින්. ඔවුන් විවිධ පෞරුෂයන් සහ විවිධ ගතිගුණ ඇති පුද්ගලයින්. එවන් පිරිසක් පොදු අරමුණක් වෙනුවෙන් ඒකරාශි කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. 

ක්ලයිව් ලොයිඩ් නම් මගේ නායකයා වෙනුවෙන් මම ඔහු කියන ඕනෑම අභියෝගයක් බිඳගෙන යෑමට සූදානමින් සිටි කෙනෙක්.”

1976 එංගලන්ත සංචාරයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පස්වැනි ටෙස්ට් තරගය අතරතුර මයිකල් හෝල්ඩිං ලකුණු 149ක් ලබා දෙමින් එංගලන්ත කඩුලු 14ක් තමා සන්තකයට ගත්තේය.

පන්දු යවන්නන්ට කිසිදු සහයෝගයක් නොදුන් තණතීරුවක හෝල්ඩිං පෑ දස්කම ක්‍රිකට් ලෝකයේම දෑස් විවර කරන්නට සමත් විය.

“ලෝකයා මා කවුදැයි හඳුනා ගත්තේ ඒ දස්කමින් පස්සේ. එය පස්වැනි සහ අවසාන ටෙස්ට් තරගය. ඒ තරඟයෙන් පස්සේ අපි කෙළින්ම මව් රටට ගියේ. අන්තිම තරඟය නිසාවෙන් බොහෝ දෙනාගේ හිතේ තදින් එම දස්කම සනිටුහන් වෙලා තිබුණා. ගුවන් තොටුපලේ සිට මම රිය පදවාගෙන නිවසට යද්දී බොහෝ දෙනෙක් මග දෙපස සිටිමින් මට ආචාර සමාචාර කළා. මට පිදුම සතුටක් ලැබුණා එමගින්.”

බොහෝ දෙනාගේ මතයට අනුව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම පන්දුවාරය යවන ලද්දේ හෝල්ඩිං විසිනි.

ශ්‍රී ලංකා හදවත පසාරු කළ කැන්ගරු හිතුවක්කාරයා

1992 අගෝස්තු මස දිනෙක සිංහල සමාජ පිටියේ දී ක්‍රිකට් ලෝකයට නව තාරකාවක් බිහි විය. ඒ වන තෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ…..

1981 තරග වාරයේ එංගලන්තයට එරෙහිව බ්‍රිජ්ටවුන්’ හීදී ක්‍රියාත්මක කළ මෙම පන්දුවාරයේ උණුසුම දැනුණේ එංගලන්තය බිහි කළ සුපිරිතම ආරම්භක පිතිකරුවෙකු වූ ජෙෆ් බෝයිකෝට්ය.

“මම මීටත් වඩා වේගයෙන් සහ හොඳින් පන්දු යවල තියනවා. ප්‍රේක්ෂකයන් මේ ගැන කතා වෙන්නේ පිතිකරුවා ජෙෆ් බෝයිකෝට් නිසාත් එය මම ඉනිමේ යැවූ මුල්ම පන්දුවාරය නිසාත් වෙන්න ඇති. තමත් මිනිස්සු පන්දුවෙන් පන්දුවට සිදු වූ දෙය මට මතක් කරනවා. නමුත් ඒ කිසිවක් මට මතක නැහැ. මගේ අවධානය තිබුණේ ඊළඟ පන්දුව ගැන පමණයි.

වේගපන්දු යවන්නෙකු වුණාම සෑම විටම ප්‍රතිවාදියා බිය ගැන්වීම කළ යුතුයි. වේගයෙන් පන්දු යැවීම සහ කෙටි පන්දු යැවීම වේගපන්දු යවන්නෙකුට අනිවාර්යයෙන්ම අවශ්‍ය කාරණාවක්.“ හෝල්ඩිං කියන්නේය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<