නිමාවු සතියක පාසල් රග්බි කෙළිබිම

2183

සිංගර් කුසලාන පාසල් රග්බි තරඟාවලියේ තවත් තරඟ කිහිපයක් පසුගිය දින කිහිපය තුළ පාසල් රග්බි පිටියේ උණුසුම වැඩි කරමින් නිමාවට පත්විය.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර රග්බි තරඟය පසුගිය 22 වනදා මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එම තරගයේ පළමු අර්ධය නිමා වන විට විද්‍යා විද්‍යාලය ලකුණු 22 – 05 ක් ලෙස ඉදිරියෙන් සිටින ලදි. අවසානයේ එම තරඟය ලකුණු 53-05 ක් ලෙස විද්‍යා විද්‍යාලය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කල අතර එහිදී ,විද්‍යා විද්‍යාලය විසින්, උත්සාහක දිනුම් 3ක් ජනිත් ලක්ෂාන් විසින්ද, ජනිදු ප්‍රනාන්දු ,නිරෝෂ උදයංග සශින් මදුසංක සහ සන්ජුල රොෂාන් උත්සහක දිනුම් එක බැඟින් ද ලබා ගත් අතර විබුධ හංසජ ප්‍රවර්ථන 5 ක් හා එක් දඩුවම් පහරක් වාර්තා කරන ලදි.

  පාසල් රග්බි තරඟාවලියේ සියළුම තොරතුරු සදහා පිවිසෙන්න 

එදිනම (22) කොළඹ ඉසිපතන විද්‍යාලය හා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර තරඟය හැව්ලොක් පිටියේදී පැවැත්විණි. එම තරඟයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 17-05 ක් ලෙස ඉසිපතන විද්‍යාලය ඉදිරියෙන් පසුවූ අතර තරඟය නිමා වූයේ ලකුණු 21-36 ක් ලෙස ඉසිපතන විද්‍යාලයේ අපරාජිත වාර්තාව ද රැක ගනිමිනි. එම තරඟයේ දී ඉසිපතන කණ්ඩායම උත්සාහක දිනුම් 6 ක් හා ප්‍රවර්ථන 3 ක් සාර්ථක කරගැනීමට සමත් වූ අතර තරඟයේ වීරයා ලෙස ඉසිපතන විද්‍යාලයේ සුමුදු රන්කොත්ගේ නම් කරන ලදි.

එදිනම (22) කොළඹ වෙස්ලි විද්‍යාලය හා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය අතර තරඟය කොළඹ CR & FC පිටියේදී පැවැත්විණි. එහි පළමු අර්ධය නිමාවට පතවූයේ ලකුණු 40-07 ක් ලෙස වෙස්ලි විද්‍යාලය ඉදිරියෙන් සිටිමිනි. එම තරඟය වෙස්ලි විද්‍යාලයට ජය ගෙනෙමින් ලකුණු 64-12 ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණය ඔවුන් සනිටුහන් කරන ලදි. තරඟයේ වීරයා වූයේ අවන්ත ලී ක්‍රීඩිකයාය.

 තරගාවලියේ ඡායාරූප ඇල්බමයන් වෙත මෙයින් පිවිසෙන්න 

එම තරඟාවලියේ ඉන්පසු දිනයේ (23) මහනුවර බෝගම්බර පිටියේදී ශාන්ත අන්තෝනි විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවති තරඟයේ පළමු අර්ධය නිමාවට පත්වූයේ ශාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 22-08 ක් ‍ලෙස ඉදිරියෙන් තබමිනි. මෙම තරඟය ලකුණු 31-23 ක් ලෙස ශාන්ත අන්තෝනි විද්‍යාලය ජයග්‍රහණය කල අතර ඔවුන් උත්සාහක දිනුම් 3, ප්‍රවර්ථන 2, දඩුවම් පහර 4 ක් සමඟ ලකුණු රැස් කරමින් එම තරඟය ජයග්‍රහණය කල අතර තරඟයේ වීරයා ලෙස සමුවෙල් මදුවන්ත නම් කරන ලදි.

එදිනම (23) කොළඹ රාජකීය විද්‍යාලය හා මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය අතර තරඟය CR & FC පිටියේදී පැවැත්විණි. එම තරඟයේ පළමු අර්ධය නිමවූයේ 24 -10 ක් ලෙස ශාන්ත ජෝශප් විද්‍යාලය පෙරමුණේ සිටිමින් වුවද තරඟය නිමා වුයේ ලකුණු 27-27 ක් ලෙස ජය පරාජයකින් තොරවය. එහිදී රාජකීය විද්‍යාලය උත්සාහක දිනුම් 4ක්, ප්‍රවර්ථන 2ක් හා එක් දඩුවම් පහරක් සාර්ථක කරගත් අතර සාන්ත ජෝශප් විද්‍යාලය උත්සාහක දිනුම් 3ක්, ප්‍රවර්ථන 3ක්, එක් දඩුවම් පහරක් හා එක් ගෝල දිනුමක් මඟින් ලකුණු ලබාගැනීමට සමත් වූ අතර එම තරඟයේ වීරයා ලෙස චතුර සෙනෙවිරත්න නම් කරන ලදි.

 තවත් ක්‍රීඩා පුවත් සදහා පිවිසෙන්න 

මෙයට අමතරව කැනොන් ආර්.ඩී සේරම් පළිහ වෙනුවෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර රග්බි තරඟය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදි (23) පැවැත්වූ අතර තරඟයේ පළමු අර්ධය නිමාවට පත්වූයේ ලකුණු 05-03 ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලය ඉදිරියෙන් සිටිමිනි. තරඟය නිමා වනවිට තෝමස් විද්‍යාලීය ක්‍රීඩකයෝ ත්‍රිත්ව විද්‍යාලයට එදිරිව ලකුණු 23 – 20 ක් ලෙස සටහන් කරමින් පළිහ ජයග්‍රහණය කරන ලදි. තරඟයේ වීරයා ලෙස සාන්ත තෝමස් විද්‍යාලයේ අශ්වන්ත හේරත් සම්මාන දිනා ගන්නා ලදි. එම තරඟයේ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුම් 3ක්, එක් ප්‍රවර්ථනයක්, එක් දඩුවම් පහරක් හා එක් ගෝල දිනුමක් මගින් ලකුණු ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.