කෙන්යාවේ නයිරෝබි නුවර දී ඊයේ (17) ආරම්භ වූ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ තරග ඉසව් කීපයක් අද (18) පැවැත්වුනා.
මෙහි දී මීටර් 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි මූලික වටයේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. එහි දී ඔවුන්ට හිමිවුනේ හත්වැනි ස්ථානයයි.
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.30ට පැවති මීටර් 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ මූලික වටය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉසුරු කෞශල්‍යය, ඩී. එම්. ටී. ඩී. කරුණාරත්න, එච්. එච්. ආර්. එස්. ජයසුන්දර, සයුරි ලක්ෂිමා මෙන්ඩිස් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ මලල ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට වීම විශේෂත්වයක්.
ඒ මූලික වටයේ පළමු තරගය විනාඩි 3.26.62 කාලයකින් නිමා කිරීමට ඔවුන් සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේ 5 වැනි ස්ථානය දිනා ගත්තා. තරග නිමි කාලය අනුව අවසන් තරගයට සහභාගී වීමට අවස්ථාව දිනා ගැනීමට ඔවුන් සමත් වුනා.

- කෙටිදුර ඉසව්වේ නව ජවය “මේධානි”
- ශ්‍රී ලංකාවෙන් කනිෂ්ඨ ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට 7 දෙනෙක්
- ජැමෙයිකානු කෙටිදුර ශූරිය ඔලිම්පික් ඉතිහාස පොතට
- De Grasse කැනේඩියානු ඉතිහාසය අලුත් කරයි
- පැරාලිම්පික් යන “බුත්තල ලොක්කි” කුමුදු ප්‍රියංකා
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වූ මේධානි ජයමාන්න සිය පළමු ඉසව්වේ මූලික වටයේ තරග සඳහා අද සහභාගී වුනා. ඒ කාන්තා මීටර් 100 ඉසව්ව සඳහායි.
මෙම තරග වටයේ දී ඇය 12.01ක කාලයක් වාර්තා කළ අතර ඇයට හිමි වුනේ හයවැනි ස්ථානයයි. කෙසේ වෙතත් ඇගේ කාලය අනුව අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමි වුනා. අවසන් පූර්ව වටයේ ඇය සහභාගී වූ තරග වටයේ දී ඇය 11.96ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඇයට හිමිවුනේ හත්වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ඉසුරු අබේවර්ධන සහභාගී වූ පිරිමි මීටර් 400 මූලික වටයේ තරග ද අද පැවැත්වුනා. එහි දී ඉසුරු 48.02ක කාලයක් වාර්තා කළ අතර ඔහුට හිමි වුනේ මූලික වටයේ හත්වැනි ස්ථානයයි. ඔහුට අවසන් පූර්ව වටයේ ඉඩක් හිමිවුනේ නැහැ.
ශ්‍රී ලංකාවේ ශානිකා ලක්ශානි සහ ඩී. එම්. ටී. ඩී. කරුණාරත්න සහභාගී වන කාන්තා මීටර් 800 තරග ඉසව්වේ මූලික තරග හෙට (19) උදෑසන පැවැත්වීමට නියමිත අතර එහි අවසන් පූර්ව වටය එළඹෙන 20 වැනිදාත්, අවසන් තරගය 21 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු සහභාගී වන අතර තරගාවලිය අගෝස්තු 17 වැනිදා සිට 22 වැනිදා දක්වා කෙන්යාවේ නයිරෝබි නුවර දී පැවැත්වෙනවා.
තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















