සහය දිවීමේ ශූරයින්ගේ පදක්කම් සිහිනයත් බොඳ වේ

480

17 වන වතාවටත් පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ හයවැනි හා අවසන් දිනය වූ අද (15) දිනයේ දී 4X400 බාලක සහාය දිවීමේ අවසන් මහා තරගය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහි 8 වන ස්ථානය දිනා ගැනීමට හැකි විය. මෙවර ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පැවැත්වෙන්නේ ෆින්ලන්තයේ Tampere හිදීය.

බාලිකා බලාපොරොත්තු බිඳී යද්දී බාලක කණ්ඩායම බලාපොරොත්තු අතරට

ෆින්ලන්තයේ Tampere හිදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පස්වැනි දිනය

ඊයේ (14) දිනයේ දී පැවති තෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 3:08.88ක දක්ෂතාවයක් දක්වමින් ඉසව්ව නිමා කළේ එහි තෙවන ස්ථානය දිනා ගනිමිනි. ඇමරිකානු එක්සත් ජනපදය 3:5.57ක දක්ෂතාවයක් දක්වමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගන්නා විට, ශ්‍රී ලංකාවට කරට කර සටනක් දුන් ප්‍රංශය (3:08.78) එහි දෙවැනි තැන දිනා ගත්තේය.

සුදුසුකම් ලබා ගැනීමේ තරග වට තුනේ දී පළමු ස්ථාන දෙක ලබාගෙන තරග ඉසව්ව අවසන් කළ සෑම කණ්ඩායමක්ම එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර සමස්ත තරග වට 3ම අවසානයේ අනෙකුත් රටවල් ලබාගත් කාල ගණනයට අනුව අරුණ දර්ශන ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ බාලක සහාය දිවීමේ කණ්ඩායම 4X400 ඉසව්වේ අවසන් මහා තරගය සඳහා  අවතීර්ණ වූයේ ආසියානු ශූරයන් ලෙසයි. සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ රවිෂ්ක ඉන්ද්‍රජිත්, නාලන්ද විද්‍යාලයේ පබසර නිකූ, මලියදේව විද්‍යාලයේ පසිඳු කොඩිකාර හා අරුණ දර්ශන පළමු මංතිරුව යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.

ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව පදක්කමකින්ම කෙළවර වෙයිද?

ෆින්ලන්තයේ Tampere හි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ

මේ අවසන් මහා තරගයේ දී 3:09.38ක දක්ෂතාවයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට දිනා ගැනීමට හැකි වූයේ එහි අවසන් (8 වන) ස්ථානයයි. බොහොමයක් ප්‍රේක්ෂකයින් ඔවුන් රන් පදක්කම ජයග්‍රහණය කරාවි යැයි අපේක්ෂා තබාගෙන සිටියේය.

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමේ දෙවන යෂ්ටි හුවමාරුවේ දී යෂ්ටිය බිමට වැටුණු නමුත් අවසන් ක්‍රීඩකයින් දෙදෙනා රිදී පදක්කම් වෙත සිය කණ්ඩායම රැගෙන ගියේ කිසිවෙකු නොසිතූ ලෙසයි. එහි පළමු ස්ථානය දිනාගෙන මේ තරග ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඉතාලි කණ්ඩායම 3:04.05ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළේය. පෙරළිකාර ඇමරිකානු කණ්ඩායම 3:05.26ක දක්ෂතාවයක් පෙන්නුම් කරන විට ලෝකඩ පදක්කම දිනාගත් බ්‍රිතාන්‍ය (එංගලන්තය) 3:05.64ක දක්ෂතාවයක් පෙන්නුම් කරන ලදි.

ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය හා ඕස්ට්‍රේලියාව පිළිවෙළින් 4 සිට 7 දක්වා වූ ස්ථාන දිනා ගත්තේය.

ඒ අනුව මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවට එකඳු පදක්කම් හෝ දිනා ගැනීමට නොහැකි වූ නමුත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙමගින් ලැබුණු අත්දැකීම් ප්‍රමාණය අති විශාලය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<