දිවයිනේ දිස්ත්‍රික් පැසිපන්දු කණ්ඩායම්වලට ශ්‍රේණිගත කිරීම් තුළින් ඉහළට පැමිණීමට අවස්ථාව සලසා දෙන සමස්ත ලංකා පැසිපන්දු තරගාවලිය, දිගුකාලීන නිහඬතාවකින් පසු නැවතත් කරලියට පැමිණීමට සූදානම්ව ඇත. එහි 51 වැනි තරගාවලිය, පෙබරවාරි 2 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වේ.

පැසිපන්දු ශූරතා දෙකම ධර්මාශෝකයට

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී පැසිපන්දු සංගමය විසින් දකුණු පළාතේ පැසිපන්දු ක්‍රීඩාව නඟා සිටුවීම උදෙසා සංවිධානය කෙරුණු…

පැසිපන්දු ක්‍රීඩාව ප්‍රචලිත දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මෙවර තරගාවලියට කණ්ඩායම් 46ක් සහභාගී වන අතර මට්ටම් 3ක් යටතේ (level 1, level 2, level 3) සති 3ක් පුරාවට තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

මේ වසරේ තරගාවලිය, ශ්‍රී ලංකාවේ වාණිජ දිස්ත්‍රික්කය වන කොළඹ සිට කිලිනොච්චි දිස්ත්‍රික්කය දක්වා එක් අන්තයකිනුත් මාතර දක්වා තවත් අන්තයකිනුත් විහිදී යනු ඇත.

ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ සභාපති, අසංග අමරතුංග මහතා ThePapare.com සමඟින් විශේෂයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,

“මේ වසර ආරම්භයේදීම අදාළ දිස්ත්‍රික්ක වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දස්කම් ප්‍රදර්ශනය කිරීම සඳහා ශක්තිය ලබාදීමයි අප සිදුකරන්නේ. වැදගත්ම දේ තමයි තරගාවලිය දිවයින පුරාම පැවැත්වීම නිසා සියළු දිස්ත්‍රික්ක යළි පණගැන්වීම සහ පැසිපන්දු ජවය නැවතත් ඇතිවීම.” යනුවෙනි.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship commencing on the 3rd of February to 18th February we give you a chance to select your favorite team…

පළමු මට්ටම (level 1)

පළමු මට්ටම සඳහා පිරිමි කණ්ඩායම් 10ක් කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩා කරනු ලබයි. කාණ්ඩ තරග පැවැත්වෙන්නේ ලීග් ක්‍රමයටයි. කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව තරග නියෝජනය කරන අතර ඉන් ජයගන්නා කණ්ඩායම් ශූරතාවය සඳහා ක්‍රීඩා කරනු ඇත.

කාන්තා අංශයේදී කණ්ඩායම් 5ක් තරග වදිනු ලැබේ. කණ්ඩායම් තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර සමස්ත කණ්ඩායම් පහෙන් එක් කණ්ඩායමක් තරගාවලියෙන් ඉවතට යයි. ඉතිරි කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග සඳහා ක්‍රීඩා කළ පසු ඒවායේ ජයග්‍රාහකයන් අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත.

පළමු මට්ටම යටතේ පැවැත්වෙන තරග පෙබරවාරි 13 වනදා ආරම්භ වේ. එහි සියළු තරග පැවැත්වෙන්නේ කොළඹදීය.

පිරිමි අංශය.

A කාණ්ඩය.

  • වෙළඳ සේවා කණ්ඩායම.
  • කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම.
  • ශ්‍රී ලංකා නාවික හමුදාව.
  • ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම.
  • ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම.

B කාණ්ඩය.

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව.
  • හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම.
  • මඩකලපුව දිස්ත්‍රික් කණ්ඩායම.
  • ශ්‍රී ලංකා යුධ හමුදාව.
  • ශ්‍රී ලංකා පොලීසිය.

කාන්තා අංශය.

  • වෙළඳ සේවා කණ්ඩායම.
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව.
  • ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම.
  • කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම.
  • ශ්‍රී ලංකා යුධ හමුදාව.

පොලිස් ක්‍රීඩාංගණය, හෙන්රි පේද්‍රිස් පැසිපන්දු කවය, අමල් ජාත්‍යන්තර පාසල, ඔටර්ස් ක්‍රීඩා සමාජය, සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය යන ස්ථාන වලදී තරග පැවැත්වෙනු ඇත.

දෙවන මට්ටම (level 2)

කාණ්ඩ දෙකකට බෙදන ලද කණ්ඩායම් 6ක් දෙවන මට්ටමේ පිරිමි තරග සඳහා ක්‍රීඩා කරනු ලබයි. කාණ්ඩ තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර ඉන් පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග සඳහා ක්‍රීඩා කරනු ලබයි. ඒවායේ ජයග්‍රාහකයන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

කාන්තා අංශයෙන් කණ්ඩායම් 9ක් කාණ්ඩ දෙකකට බෙදී ක්‍රීඩා කරයි. ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගවලින් අනතුරුව පෙරමුණ ගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබන අතර ඉන් ජයගන්නා කණ්ඩායම් අවසන් මහා තරගය වෙත පියමන් කරනු ඇත.

මේ වටයේ තරග පෙබරවාරි 2 වනදා ආරම්භ වන අතර පෙබරවාරි 5 වන දා දක්වා තරග පැවැත්වේ. සියළු තරග පැවැත්වෙන්නේ මහනුවරදීයි.

පිරිමි අංශය

A කාණ්ඩය.

  • යාපනය දිස්ත්‍රික් කණ්ඩායම.
  • පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම.
  • ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම.

B කාණ්ඩය.

  • මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම.
  • ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම.
  • කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම.

කාන්තා අංශය.

A කාණ්ඩය.

  • මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම.
  • පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම.
  • කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම.
  • යාපනය දිස්ත්‍රික් කණ්ඩායම.
  • ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම.

B කාණ්ඩය.

  • ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම.
  • ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම.
  • මාතර දිස්ත්‍රික් කණ්ඩායම.
  • රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම.

තෙවැනි මට්ටම (level 3)

කණ්ඩායම් 13කගේ සහභාගීත්වයෙන් කාණ්ඩ 4ක් යටතේ මේ තරග පැවැත්වේ. කාණ්ඩ 4න් කණ්ඩායම් දෙක බැගින් අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි. ඒවායින් ජයගන්නා කණ්ඩායම් අවසන් පූර්ව තරග සඳහා ද, එහි ජයග්‍රාහකයන් අවසන් මහා තරගය සඳහාද සුදුසුකම් ලබනු ඇත.

පෙබරවාරි 9 වනදා සිට 12 වනදා දක්වා “A” සහ “C” කාණ්ඩවල තරග මාතරදී පැවැත්වෙන අතර “B” සහ “D” කාණ්ඩවල තරග පිළිවෙලින් කිලිනොච්චිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලදී පැවැත්වේ.

A කාණ්ඩය.

  • මුලතිවු කණ්ඩායම.
  • අනුරාධපුර කණ්ඩායම.
  • කළුතර කණ්ඩායම.

B කාණ්ඩය.

  • කිලිනොච්චි කණ්ඩායම.
  • කෑගල්ල කණ්ඩායම.
  • වව්නියා කණ්ඩායම.
  • රත්නපුර කණ්ඩායම.

C කාණ්ඩය.

  • මාතර කණ්ඩායම.
  • ත්‍රිකුණාමල කණ්ඩායම.
  • මන්නාරම කණ්ඩායම.

D කාණ්ඩය.

  • බදුල්ල කණ්ඩායම.
  • මාතලේ කණ්ඩායම.
  • පොළොන්නරුව කණ්ඩායම.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට  

Original Article: 51st Basketball Senior Nationals in Full Swing