ශූරතාවය අභියස පාසල් හතරක්

404

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ මෙහෙයවීම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලියේ තෙවන දිනය ඊයේ (12) සාර්ථකව නිමාවට පත්විය. ඊයේ දිනයේ දී තරග 3ක් දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

20න් පහළ පාසල් බේස්බෝල් තරගාවලියේ දෙවන දිනයත් නිමා වෙයි

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් ඊයේ (11) නිමාවට පත්විය. තරගාවලියේ දෙවන……

දිනයේ ප්‍රථම තරගය ලෙස කොළඹ රාජකීය විද්‍යාලය සමඟ මැදිරිගිරිය ජාතික පාසල තරග වැදිණි. එහි දී නියමිත කල සීමාව තුළ ඉනිම් 9ක් ක්‍රීඩා කළ අතර එම තරගයේ ජයග්‍රහණය කොළඹ රාජකීයයන් තමන් සතුකර ගත්තේ ලකුණු 09-00ක් ලෙසයි. ඒ අනුව තරගාවලියේ දී තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් මැදිරිගිරිය ජාතික පාසල් කණ්ඩායමට මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

රණබිම රාජකීය විද්‍යාලය හා වෑවල ජාතික පාසල තරග වැදුණේ දිනයේ දෙවන තරගය ලෙසයි. එම තරගයේ ඉනිම් 7ක් අවසානයේ දී ලකුණු 14-01ක් ලෙස ඉදිරියෙන් සිටීමට වෑවල ජාතික පාසල් කණ්ඩායමට හැකි විය. එම නිසා ප්‍රධාන විනිසුරු විසින් වෑවල ජාතික පාසලට ජයග්‍රහණය ලබා දුන්නේ ඉනිම් 7ක් අවසානයේ කණ්ඩායම් ද්විත්වය අතර ලකුණු පරතරය 10ට වැඩි වීම හේතුවෙනි. එම පරාජයත් සමඟ රණබිම රාජකීය විද්‍යාල කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූයේ එය, මෙවර තරගාවලියේ ලද දෙවන පරාජය වීම හේතුවෙනි.

වැස්සත් සමඟින් 20න් පහළ බේස්බෝල් තරගාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ අනුදැනුම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල්……

දිනයේ අවසාන තරගය ලෙස කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය තරග වැදුණි. එම තරගයේ ඉනිම් 7ක් අවසාන වන විට ලකුණු 14-00ක් ලෙස ඉදිරියෙන් සිටීමට කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායමට හැකි විය. ඉනිම් 7 අවසානයේ කණ්ඩායම් ද්විත්වය අතර ලකුණු පරතරය 10ට වැඩි වීම හේතුවෙන් ප්‍රධාන විනිසුරු විසින් තරගයේ ජයග්‍රහණය කොළඹ රාජකීයයන්ට පිරිනමන ලදි. කොළඹ ආනන්ද විද්‍යාලයට මෙම පරාජයත් සමඟ මෙවර තරගාවලියේ දී තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

තරගාවලියේ තෙවන දිනය නිමාවට පත්වීමත් සමඟ මැදිරිගිරිය ජාතික පාසල, රණබිම රාජකීය විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය යන පාසල් ත්‍රිත්වයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඒ අනූව තරගාවලියේ මේ වන විට රැඳී සිටීමට හැකිව තිබෙන්නේ කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, වෑවල ජාතික පාසල හා කොළඹ රාජකීය විද්‍යාලය යන පාසල් වලට පමණි.

තරගාවලියේ සිව්වැනි දිනය වන අද (13) දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී තරග පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ ඡායාරූප හා සියලුම තරග විස්තර සඳහා රැඳී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා වන ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<