මහේලට උපදේශක තනතුරක් ගැන ෆ්‍රාබේස්ගෙන් එංගලන්තයට යෝජනාවක්

109

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම පිතිකරුවකු වූ මහේල ජයවර්ධන උපදේශක මට්ටමෙන් වර්තමාන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමේ දැඩි අවධානයක් යොමුවී ඇතැයි දැනගන්නට ඇත.

2014 වසරේ ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 ක්‍රිකට් ලෝක ශූරතාව දිනාගනිද්දී ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ පෝල් ෆ්‍රාබේස් මේ වන විට එංගලන්ත පිලේ සහාය පුහුණුකරු ලෙස සේවය කරන අතර මෙම අවස්ථාව මහේලට ලබාදීමට එංගලන්ත ක්‍රිකට් පිලේ අධ්‍යක්‍ෂවරයා වන ඇන්ඩෘෘ ස්ට්‍රාවුස්ට ෆාබේ්‍රස් පසුගියදා යෝජනා කර තිබිණි. එහෙත් එම අදහසට තවමත් ස්ට්‍රාවුස්ගේ අනුමැතිය ලැබී නැත.

වත්මන් එංගලන්ත ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු වන ට්‍රෙවෝ බේලිස්ද කලකට ඉහතදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇති බැවින් ඔහුද මහේල පිළිබඳ මනා වැටහීමක් ඇති තැනැත්තකු වීම මහේලට එවන් තනතුරක් ලැබීමට අතිරේක වාසියක් ලෙසද පැවැසේ.


පිතිකරුවකු හා නායකයකු ලෙස වසර 18ක් පුරා මහේල පෙන්වන ලද කුසලතාද විශේෂයෙන් ආසියානු උප මහද්වීපයේ තණතිලි මත දක්වන ලද දස්කම්ද මහත් ඉහළින් අගය කර ඇති ෆාබේ්‍රස් ඉදිරි මාස 18ක කාලය තුළ එංගලන්ත පිල පාකිස්තානය සමඟ එක්සත් අරාබි එමීර්හිදී මෙන්ම ඉන්දියාවේ හා බංග්ලාදේශයේද සංචාරය කිරීමට සිදුව තිබීමත් හා 2016 වසරේ ඉන්දියාවේදී පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි විය යුතු වීමත් එකී උපදේශක තනතුරක් ලබා දීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට බලපෑ ප්‍රධාන හේතුව ලෙස සඳහන්ය.