වැස්සත් සමඟින් 20න් පහළ බේස්බෝල් තරගාවලිය ඇරඹේ

213

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ අනුදැනුම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලියේ සමාරම්භක උළෙල ඊයේ (09) දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දී පැවැත්විය. අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂක මංජුල කාරියවසම් මහතාගේ හා නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්විය.

සුපිරි පාසල් බේස්බෝල් තරගාවලියක් ඔක්තෝබර් මාසයේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ මෙහෙයවීම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන “වයස අවුරුදු 20න්…

තරගාවලිය අද (10) සිට ආරම්භ වන අතර දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණය, කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණය හා ශාලිකා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණවල තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ අවසන් මහා තරගය හා ත්‍යාග ප්‍රදානෝත්සවය ඔක්තෝබර් මස 14 වැනිදා දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

සමාරම්භක උළෙල වර්ණවත් කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම අතර සුහද තරගයක් සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට

ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පාකිස්තානයේ දී පැවති බටහිර-ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේ දී (West-Asian…

මෙවර තරගාවලිය සඳහා පාසල් 10ක් සහභාගී වන අතර කොළඹ රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, ඩී. එස්. සේනානායක විද්‍යාලය, කිංග්ස්වුඩ් විද්‍යාලය, වටරැක සාන්ත අන්තෝනි විද්‍යාලය, රණබිම රාජකීය විද්‍යාලය, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මැදිරිගිරිය ජාතික පාසල සහ වෑවල ජාතික පාසල මෙවර තරගාවලිය සඳහා එකතු වන පාසල් වේ.

නාලන්දා විද්‍යාලය පසුගිය වසරේ පැවති තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර කොළඹ රාජකීයයන්ට එහි අනුශූරතාවය හිමි විය.

මෙවර තරගාවලියේ ඡායාරූප හා තරග වාර්තා සඳහා රැඳී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා වන ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<