20න් පහළ පාසල් බේස්බෝල් තරගාවලියේ දෙවන දිනයත් නිමා වෙයි

584

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලියේ තවත් සාර්ථක දිනයක් ඊයේ (11) නිමාවට පත්විය. තරගාවලියේ දෙවන දිනය වන ඊයේ දිනයේ දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී හා කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී තරග 5ක් පැවැත්විය. මෙවර තරගාවලිය ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ මෙහෙයවීම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින් සංවිධානය කරන ලදි.

ප්‍රථම දිනය නිමාවෙද්දී ආනන්ද, ඩී. එස්. හා සත්කාරක නාලන්දීයයන් පෙරමුණේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ අනුදැනුම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින් සංවිධානය…

දිනයේ දෙවන තරගය ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී වෑවල ජාතික පාසල හා කොළඹ රාජකීය විද්‍යාලය තරග වැදුණි. එහි දී නියමිත කාල සීමාව තුළ (පැය 2යි මිනිත්තු 30) ඉදිරියෙන් සිටි වෑවල ජාතික පාසලට ලකුණු 06-05ක් ලෙස තියුණු ජයක් හිමි විය.

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණේ අද දිනයේ පැවැත්වූ තෙවන තරගය ලෙසයි. එහි දී නියමිත ඉනිම් 9 තුළ ලකුණු 11-06ක් ලෙස ඉදිරියෙන් සිටි සත්කාරක නාලන්දීයයන් ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් විය. ඒ අනූව කොළඹ නාලන්දා විද්‍යාලය මෙවර තරගාවලියේ දී අවසන් පූර්ව තරගයකට තේරී පත්වූ ප්‍රථම කණ්ඩායම බවට පත්විය.

වැස්සත් සමඟින් 20න් පහළ බේස්බෝල් තරගාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ අනුදැනුම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින් සංවිධානය…

දිනයේ සිව්වැනි තරගය ලෙස රණබිම රාජකීය විද්‍යාලය හා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණි. එහි දී ඉනිම් 6ක් අවසානයේ දී ලකුණු 16-01ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වූයේ රණබිම රාජකීය විද්‍යාල කණ්ඩායමයි. එහි දී කණ්ඩායම් ද්විත්වය අතර ලකුණු පරතරය 15ක් වූ බැවින් ප්‍රධාන විනිසුරු විසින් රණබිම රාජකීය විද්‍යාල කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය පිරිනමන ලදි. මෙම තරගාවලියේ දී තරග 2ක් පරාජයට පත්වීම හේතුවෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

කොළඹ රාජකීය විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අද දිනයේ පස්වැනි තරගය ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ තරග වැදුණි. එහි දී ඉනිම් 5ක් අවසානයේ දී ලකුණු 15-00ක් ලෙස ඉදිරියෙන් සිටි කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායමට ප්‍රධාන විනිසුරු විසින් ජයග්‍රහණය ලබා දුන්නේ කණ්ඩායම් ද්විත්වය අතර ලකුණු පරතරය 15ක් වූ බැවිනි. එම තරගයේ පරාජයත් සමඟ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාල කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූයේ ඒ වන විට ඔවුන් තරග 2ක් පරාජයට පත්වී තිබීම නිසාවෙනි.

ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට

ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පාකිස්තානයේ දී පැවති බටහිර-ආසියානු කුසලාන බේස්බෝල් …

අද දිනයේ අවසාන තරගය ලෙස කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා වෑවල ජාතික පාසල තරග වැදුණි. එහි දී ඉනිම් 9ක් අවසානයේ ලකුණු 11-02ක් ලෙස තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල කණ්ඩායම සමත් විය. ඒ අනූව මෙම තරගාවලියේ දී අවසන් පූර්ව තරගයකට තේරී පත්වූ දෙවන කණ්ඩායම බවට පත්වීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය.

තරගාවලියේ දෙවන දිනය නිමාවට පත්වීමත් සමඟ වටරැක සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හා හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය යන පාසල් ත්‍රිත්වයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඒ අනූව තරගාවලියේ මේ වන විට ඉතිරිව ඇත්තේ කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, වෑවල ජාතික පාසල, රණබිම රාජකීය විද්‍යාලය,කොළඹ රාජකීය විද්‍යාලය හා මැදිරිගිරිය ජාතික පාසල  පාසල් 7ක් පමණි.

තරගාවලියේ තෙවන දිනය වන අද (12) ද දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී තරග පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ ඡායාරූප හා සියලුම තරග විස්තර සඳහා රැඳී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා වන ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<