Home Sinhala දිලුම් සුධීරගේ දක්ෂ පන්දු යැවීමත් සමඟ දඹුල්ල අවසන් දෙදෙනාට

දිලුම් සුධීරගේ දක්ෂ පන්දු යැවීමත් සමඟ දඹුල්ල අවසන් දෙදෙනාට

764

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත්  වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (21) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දඹුල්ල සහ නුවර අතර තරගයේ දී වමතින් දඟපන්දු යැවූ දිලුම් සුධීරගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නුවර ක්‍රීඩකයෝ අසරණ වූහ. 

මිශාරගේ දස්කම් සමඟින් කොළඹ අපරාජිතව ඊළඟ වටයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට්…

තරගය අවසන් වූයේ දඹුල්ල ක්‍රීඩකයන්ට ලකුණු 7ක ජයග්‍රහණයක් අත් කර දෙමිනි. මෙම තරගයත් සමඟ අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ පළමු වටයේ අවසන් වූ අතර ඒ අනුව දඹුල්ල ක්‍රීඩකයෝ අවසාන මහා තරගය කොළඹ ක්‍රීඩකයන්ට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලබා ගත්හ.   

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල ක්‍රීඩකයෝ පළමු වෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 223ක් ලබා ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලක්ෂාන් ගමගේ ය. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේය. ඔහුට අමතරව රවිඳු රශාන්ත පන්දු 32ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේය. 

දඹුලු ඉනිම ලකුණු 118කට කඩුලු 7ක් දැවී තිබිය දී ලක්ෂාන් ගමගේ සහ අශේන් ඩැනියෙල් එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් එක් කළහ. අශේන් ඩැනියෙල් පන්දු 71කට මුහුණ දෙමින් ලකුණු 30ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමේ එකඳු හෝ සීමා ලකුණක් නොවීම කැපී පෙණුනි.

පන්දු යැවීමේ දී නුවර නායකයා පන්දු යවන්නෝ 9 දෙනෙක් උපයෝගී කර ගත් අතර ඒ අතුරින් කවිඳු නදීශාන් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය. 

ලකුණු 223ක ඉලක්කයක් පසුපස ගිය නුවර ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 216ක් පමණි. ඒ තවත් පන්දු 11ක්  ඉතිරිව තිබිය දී තම ඉනිම අවසන් කර ගැනීම නිසාය. නුවර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දකුණත් පිතිකරු අවිශ්ක තරිඳු ය. ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේය. ඔහුට අමතරව අභිෂේක් ආනන්දකුමාර (31) සහ දුනිත් ජයතුංග (31) ද නුවර ඉනිම ගොඩ ගැනීමට උත්සාහ කළහ.

>>ඇඹුල්දෙණියගේ පන්දුකරණය ශ්‍රී ලංකා පිළේ දෛවය කණපිට හරවන ලකුණු!

එහෙත් පන්දු යැවීමෙන් එකී බලාපොරොත්තු සුන් කිරීමට දිලුම් සුධීර සහ අශේන් ඩැනියෙල් සමත් වූහ. ඔවුන් දෙදෙනා කඩුලු 3 බැගින් දවා ගනිද්දී දිලුම් සුධීර පන්දුවාර 10 ලකුණු 26කට සීමා කරමින් කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

තරගාවලියේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් වෙනුවෙන් පැවැත්වෙන තරගය හෙට (22) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානය හිමිකර ගත් නුවර කණ්ඩායම ද සිව්වැනි ස්ථානය හිමිකර ගත් ගාල්ල කණ්ඩායම ද තරගයට පිවිසීමට නියමිතය. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<

Result


Dambulla U19
223/10 (49.5)

Kandy U19
216/10 (48.1)

Batsmen R B 4s 6s SR
Leshan Amarasinghe lbw b Rohan Sanjaya 23 42 4 0 54.76
Supun Sumanarathna c Subhanu Rajapakse b Ravindu Rathnayakke 26 22 4 0 118.18
Ravindu Rasantha c Chamindu Wickramasinghe b Lohan Arosha 32 32 6 0 100.00
Nipun Dananjaya c Subhanu Rajapakse b Abishek Anadhakumar 10 28 0 0 35.71
Sudeera Weerarathana c Avishka Tharindu b Kavindu Nadeeshan 4 19 0 0 21.05
Dineth Jayakody lbw b Kavindu Nadeeshan 10 20 0 1 50.00
Sudeera Thilakarathne c Abishek Anadhakumar b Kavindu Nadeeshan 2 13 0 0 15.38
Lakshan Gamage c Abishek Anadhakumar b Chamindu Wickramasinghe 55 47 2 3 117.02
Ashian Daniel run out (Lohan Arosha) 30 71 0 0 42.25
Yasiru Rodrigo not out 11 4 1 1 275.00
Nimnaka Jayathilaka run out (Chamindu Wickramasinghe) 0 1 0 0 0.00


Extras 20 (b 0 , lb 1 , nb 0, w 19, pen 0)
Total 223/10 (49.5 Overs, RR: 4.47)
Fall of Wickets 1-46 (6.3) Supun Sumanarathna, 2-87 (15.5) Leshan Amarasinghe, 3-87 (16.1) Ravindu Rasantha, 4-96 (21.3) Sudeera Weerarathana, 5-110 (25.4) Dineth Jayakody, 6-114 (28.2) Nipun Dananjaya, 7-118 (29.6) Sudeera Thilakarathne, 8-202 (47.2) Lakshan Gamage, 9-223 (49.4) Ashian Daniel, 10-223 (49.5) Nimnaka Jayathilaka,

Bowling O M R W Econ
Chamindu Wickramasinghe 3.5 0 19 1 5.43
Ruvin Peiris 2 0 24 0 12.00
Ravindu Rathnayakke 4 0 23 1 5.75
Lohan Arosha 9 2 24 1 2.67
Rohan Sanjaya 9 3 51 1 5.67
Abishek Anadhakumar 8 0 23 1 2.88
Kavindu Nadeeshan 10 1 27 3 2.70
Matheesha Pathirana 2 0 23 0 11.50
Subhanu Rajapakse 2 0 7 0 3.50


Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe st Leshan Amarasinghe b Lakshan Gamage 3 10 0 0 30.00
Dunith Jayathunga lbw b Sudeera Thilakarathne 31 50 4 0 62.00
Abishek Anadhakumar b Sudeera Thilakarathne 35 64 3 1 54.69
Lohan Arosha run out (Sudeera Thilakarathne) 28 41 3 0 68.29
Ravindu Rathnayakke c Leshan Amarasinghe b Ashian Daniel 9 17 1 0 52.94
Avishka Tharindu lbw b Yasiru Rodrigo 64 54 6 2 118.52
Kavindu Nadeeshan lbw b Sudeera Thilakarathne 16 19 0 1 84.21
Ruvin Peiris c & b Yasiru Rodrigo 14 19 0 1 73.68
Rohan Sanjaya not out 7 8 1 0 87.50
Subhanu Rajapakse c & b Ashian Daniel 0 2 0 0 0.00
Matheesha Pathirana b Ashian Daniel 3 5 0 0 60.00


Extras 6 (b 0 , lb 4 , nb 0, w 2, pen 0)
Total 216/10 (48.1 Overs, RR: 4.48)
Fall of Wickets 1-13 (3.4) Chamindu Wickramasinghe, 2-50 (15.1) Dunith Jayathunga, 3-96 (26.5) Abishek Anadhakumar, 4-103 (29.4) Lohan Arosha, 5-113 (31.4) Ravindu Rathnayakke, 6-163 (39.1) Kavindu Nadeeshan, 7-204 (45.3) Avishka Tharindu, 8-205 (45.5) Ruvin Peiris, 9-210 (46.4) Subhanu Rajapakse, 10-216 (48.1) Matheesha Pathirana,

Bowling O M R W Econ
Yasiru Rodrigo 10 2 33 2 3.30
Lakshan Gamage 5 0 22 1 4.40
Sudeera Thilakarathne 10 3 26 3 2.60
Nimnaka Jayathilaka 10 0 60 0 6.00
Ashian Daniel 9.1 0 56 3 6.15
Sudeera Weerarathana 4 0 15 0 3.75