බංගලියන්ගේ ලංකා ගමනට දින තීන්දුයි

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය 2021

295

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා වන තරග කාලසටහන අද (19) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළා.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාලව ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම එළඹෙන අප්‍රේල් 12 වැනිදා මෙරටට පැමිණීමට නියමිතයි. 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දින දෙකක පුහුණු තරගයක් සඳහා අප්‍රේල් 17 සහ 18 වැනිදා සහභාගී වීමට නියමිතයි. ඒ කටුනායක මේරියන්ස් කණ්ඩායමේ ක්‍රීඩාංගණයේ දී. 

මෙම ටෙස්ට් තරගාවලිය සඳහා තරග දෙකක් ඇතුළත් වන අතර තරග දෙකම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 21 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් 29 වැනිදා ආරම්භ වෙනවා. තරගාවලිය මැයි 03 වැනිදා අවසන් වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරගාවලිය පසුගිය වසරේ ඔක්තෝබර් –  නොවැම්බර් කාලය තුල පැවැත්වීමට නියමිතව තිබූ අතර පැතිර ගිය කොරෝනා වසංගතයත් සමඟින් තරගාවලිය කල්දැමීමට තීරණය කෙරිණි. 

තවත් ක්‍රිකට් පුවත්: 

 

 

 

 

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අවසන් වරට ටෙස්ට් තරගාවලියක් පැවැත්වුණේ 2018 වසරේ දීයි. තරග දෙකකින් සමන්විත එම ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් සංචාරයේ තරග කාලසටහන 

          දිනය           තරගය           ක්‍රීඩාංගණය 
අප්‍රේල් 17-18 පුහුණු තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය 
අප්‍රේල් 21 සිට අප්‍රේල් 25 දක්වා පළමු ටෙස්ට් තරගය  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
අප්‍රේල් 29 සිට මැයි 03 දක්වා දෙවන ටෙස්ට් තරගය  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<