ඉන්දීය වේගපන්දු යවන්නාට ආයෙත් ආබාධයක්

202
(News18)

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Ishant Sharma යළි ආබාධයකට ලක්ව තිබෙනවා. Delhi Capitals කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහුට ඒ නිසාම ඊයේ (10) පැවැත්වුණු Chennai කණ්ඩායමට එරෙහිව තරගයත් මඟ හැරුණා.

2020 IPL තරගාවලියේ දී ආබාධයකට ලක්වුණු Ishant Sharma ඉන් සුවය ලැබුවේ මීට මාසයකට පමණ පෙරයි. අනතුරුව ඔහු සිය 100 වැනි ටෙස්ට් තරගයට ද ක්‍රීඩා කළා. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.

තවත් ක්‍රිකට් පුවත්:

Kagiso Rabada හා Anrich Nortje ද මිට සුළු දිනකට පෙර දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාවට පැමිණියා. ඔවුන් තවමත් නිරෝධායනයේ සිටිනවා. Delhi කණ්ඩායමෙන් වාර්තා වූ පුවත් වලට අනුව Sharmaගේ ආබාධය සුළු ආබාධයක් ලෙස දැක්වුනත් තවමත් නිල වශයෙන් ඔහුගේ තත්වය දැනුම් දී නැහැ.

Umesh Yadav ද Delhi වෙනුවෙන් පළමු තරගය ක්‍රීඩා කළේ නැහැ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වෙනුවට ඉන්දීය යොවුන් ක්‍රීඩක Avesh Khan පළමු තරගයට ක්‍රීඩා කළ අතර ඔහු Chris Woakes සමඟ පන්දු යැවීම ආරම්භ කළා.

Times of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<