Home Sinhala පළාත් තරගාවලියේ මංගල ශතකය කමිල් මිශාරගෙන්

පළාත් තරගාවලියේ මංගල ශතකය කමිල් මිශාරගෙන්

368

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ මංගල ශතකය වාර්තා කිරීමට කොළඹ කණ්ඩායමේ නායක කමිල් මිශාර අද (18) සමත් විය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මහනුවර කණ්ඩායමට එරෙහි වාර්තා කරන ලද ඔහුගේ ඉනිම ලකුණු 152කින් සමන්විත විය. පන්දු 161කට මුහුණ දුන් ඔහු ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් එල්ල කළේය. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ ද කමිල් මිශාර ය. 

තරගාවලිය අරඹමින් මහනුවර චමිඳුගෙන් විශිෂ්ට ඉනිමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරගවල දී….

කොළඹ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ මහනුවර වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම

දඹුල්ලේ දී පැවති මෙම තරගයෙන් කොළඹ වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ලකුණු 95ක ජයග්‍රහණයක් ලබා ගත්හ. කොළඹ කණ්ඩායම මෙම තරග ජයග්‍රහණයත් සමගින් පිට පිට දෙවැනි තරගයත් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්විය. 

කාසියේ වාසිය දිනා ගත් කොළඹ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 269ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් මහනුවර ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 174කි. 

Photos : Colombo Vs Kandy | SLC U19 Super Provincial Tournament 2019

කොළඹ ඉනිමේ දී කමිල් මිශාරට අමතරව අහන් වික්‍රමසිංහ පන්දු 32ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් එක් කළහ. කොළඹ ඉනිමේ හොඳම ලකුණු සබඳතාව 5 වැනි කඩුල්ලේ දී වාර්තා කිරීමට කමිල් මිශාර සහ චමිඳු විජේසිංහ සමත් වූහ. ඔවුන් දෙදෙනා ලකුණු 99ක සබඳතාවක් ගොඩ නැගූහ. 

පන්දු යැවීමේ දී වමතින් දඟ පන්දු යැවූ රොහාන් සංජය ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත්තේය. ඊට අමතරව කවිඳු නදීශාන් කඩුලු 2ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ වමත් පිතිකරු ගිහාන් රත්නායක ය. ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තේය. ඊට අමතරව අවිශ්ක තරිඳු ලකුණු 32ක් ද දුනිත් ජයතුංග ලකුණු 30ක් ද බැගින් රැස් කළහ. 

ක්‍රීඩා ඇමති පුහුණුකරුවන්ට ගෙදර යන්න කියයි!

එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන්ට සිය ධුරවලින්…

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් මද වේග පන්දු යැවූ චමිඳු විජේසිංහ ලකුණු 11කට කඩුලු 3ක් දවා ගත් අතර වමතින් ආරම්භක වේගපන්දු යැවූ ප්‍රවීන් නිමේෂ් ද සිල්වා ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තේය.

මේ අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර වයස අවුරුදු 19න් පහළ සහ ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළහ.

තරගාවලියේ මිළඟ තරග මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිත අතර එහි දී ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර තරගය දඹුල්ලේ දී ද දඹුල්ල සහ මහනුවර අතර තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතය. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<

Result


Colombo U19
269/10 (50)

Kandy U19
174/10 (38)

Batsmen R B 4s 6s SR
Johanne De Zilva c Ravindu Rathnayakke b Ruvin Peiris 8 17 2 0 47.06
Kamil Mishara c Kavindu Nadeeshan b Rohan Sanjaya 152 161 15 3 94.41
Mohammed Shamaz c Chamod Sandaru b Rohan Sanjaya 9 19 1 0 47.37
Ahan Wicrkamasinghe b Kavindu Nadeeshan 30 32 3 0 93.75
Sonal Dinusha c Avishka Perera b Kavindu Nadeeshan 3 4 0 0 75.00
Chamindu Wijesinghe run out (Avishka Tharindu) 29 43 0 0 67.44
Thashika Nirmal c Avishka Tharindu b Rohan Sanjaya 0 2 0 0 0.00
Sandaruwan Chinthaka b Rohan Sanjaya 2 4 0 0 50.00
Avishka Lakshan c Avishka Perera b Chamindu Wickramasinghe 1 2 0 0 50.00
Praveen de Silva not out 9 8 0 0 112.50
Dilmin Rathnayake run out (Avishka Perera) 10 10 0 1 100.00


Extras 16 (b 1 , lb 1 , nb 1, w 13, pen 0)
Total 269/10 (50 Overs, RR: 5.38)
Fall of Wickets 1-17 (5.4) Johanne De Zilva, 2-45 (11.2) Mohammed Shamaz, 3-111 (24.6) Ahan Wicrkamasinghe, 4-0 (26.4) Sonal Dinusha, 5-219 (43.3) Chamindu Wijesinghe, 6-228 (44.2) Thashika Nirmal, 7-245 (46.3) Kamil Mishara, 8-245 (46.4) Sandaruwan Chinthaka, 9-247 (47.1) Avishka Lakshan,

Bowling O M R W Econ
Chamindu Wickramasinghe 10 0 50 1 5.00
Ruvin Peiris 7 1 38 1 5.43
Ravindu Rathnayakke 5 0 23 0 4.60
Rohan Sanjaya 10 0 50 4 5.00
Subhanu Rajapakse 5 0 41 0 8.20
Avishka Tharindu 3 0 19 0 6.33
Kavindu Nadeeshan 10 0 46 2 4.60


Batsmen R B 4s 6s SR
Avishka Perera c Ahan Wicrkamasinghe b Praveen de Silva 16 11 4 0 145.45
Chamindu Wickramasinghe c Sandaruwan Chinthaka b Chamindu Wijesinghe 13 37 2 0 35.14
Dunith Jayathunga lbw b Sandaruwan Chinthaka 30 43 2 0 69.77
Umayanga Suwaris b Dilmin Rathnayake 0 2 0 0 0.00
Ravindu Rathnayakke c Kamil Mishara b Chamindu Wijesinghe 49 54 4 3 90.74
Avishka Tharindu lbw b Sonal Dinusha 32 39 4 0 82.05
Kavindu Nadeeshan c Kamil Mishara b Chamindu Wijesinghe 0 4 0 0 0.00
Chamod Sandaru c Kamil Mishara b Praveen de Silva 6 15 0 0 40.00
Rohan Sanjaya c Chamindu Wijesinghe b Praveen de Silva 3 5 0 0 60.00
Ruvin Peiris c Kamil Mishara b Sonal Dinusha 14 16 1 1 87.50
Subhanu Rajapakse not out 0 3 0 0 0.00


Extras 11 (b 0 , lb 4 , nb 0, w 7, pen 0)
Total 174/10 (38 Overs, RR: 4.58)
Fall of Wickets 1-22 (2.6) Avishka Perera, 2-41 (9.5) Chamindu Wickramasinghe, 3-42 (10.3) Umayanga Suwaris, 4-93 (22.2) Dunith Jayathunga, 5-129 (27.1) Ravindu Rathnayakke, 6-130 (27.6) Kavindu Nadeeshan, 7-1560 (33.6) Avishka Tharindu, 8-156 (34.2) Chamod Sandaru, 9-174 (37.3) Ruvin Peiris, 10-174 (38.3) Rohan Sanjaya,

Bowling O M R W Econ
Praveen de Silva 8.2 1 27 3 3.29
Avishka Lakshan 5 0 41 0 8.20
Chamindu Wijesinghe 6 1 11 3 1.83
Dilmin Rathnayake 5 0 32 1 6.40
Thashika Nirmal 4 0 15 0 3.75
Sonal Dinusha 6 0 20 2 3.33
Sandaruwan Chinthaka 4 0 24 1 6.00