ධර්මාශෝක විද්‍යාලයට පූර්ණ තරග ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

98

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (30) දින අවසන් වූ අතර තවත් තරග කිහිපයක් ආරම්භ විය. 

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හමුවේ රාජකීයයන් තිගැස්සෙයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් ……

අද දිනයේ නිමාව දුටු තරග තුන අතුරින් තරග දෙකක් පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර දෙමින් නිමා වුවත් ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති තරගය නිමා වූයේ ධර්මාශෝක විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 43 ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි. 

දෙවන දිනයට පැවති තරග

ධර්මාශෝක විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක ධර්මාශෝක විද්‍යාලය යි. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක විය. 

පළමුව පන්දුවට පහර දුන් ධර්මාශෝක විද්‍යාලය කඩුලු 8 ක් දැවී ලකුණු 278 ක් රැස්කර ගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටවූ අතර එහිදී නායකත්වයේ පිතිකරණයක නිරත වූ ලොහාන් ද සොයිසා නොදැවී ලකුණු 150 ක් වාර්තා කරගත්තේය. ඊට අමතරව හසිත රාජපක්ෂ ලකුණු 46 ක් රැස්කර ගන්නා ලදි. 

එම ඉනිමට පිළිතුරු දුන් සංචාරක මොරටු විද්‍යාල ක්‍රීඩකයින් හට ධර්මාශෝක ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසය හඳුනා ගැනීමට පහසු වූයේ නොමැත. එහිදී වමතින් දඟපන්දු යවන ද සොයිසා පළමු ඉනිමේ කඩුලු 5 ක් දවා ගෙන මොරටු විද්‍යාල ක්‍රීඩකයින්ගේ පළමු ඉනිම ලකුණු 148 කට සීමා කළේය. 

තරගයේ දෙවන ඉනිම තුළ ද සිය සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරගත් ද සොයිසා එම ඉනිමේ දීද කඩුලු 5 අවස්ථාවක් තමන් සතුකර ගත්තේ සිය තුන් ඉරියව් දක්ෂතා මනාව පෙන්නුම් කරමිනි. 

ධර්මාශෝක විද්‍යාලය : 278/8d (85.4) ලොහාන් ද සොයිසා 150*, හසිත රාජපක්ෂ 45, සසිඳු මල්ශාන් 21, එරන් හංසමාල් 2/43, විශ්ව දිදුලන 2/90. 

මොරටු මහා විද්‍යාලය : 148 (50.5) මදුශාන් දිලක්ෂණ 43, ඩිල්ශාන් දිලක්ෂණ 27, ලොහාන් ද සොයිසා  5/52. සහ (F/O) 87 (49.2) නිරාජ් කනිෂ්ක 25, ලොහාන් ද සොයිසා 5/33, පහන් සංකල්පන 4/34. 

ධර්මාශෝක විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 43 ක ජයක් හිමි විය. 


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය 

උමයංග සුවාරිස් ලබා ගත් ශතකය සවියක් කරගනිමින් සිය පළමු ඉනිමේ ස්ථාවරත්වය ගොඩනංවාගත් සාන්ත තෝමස් විද්‍යාලය කාසියේ වාසිය දිනා ගෙන සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 252 ක් වාර්තා කරගන්නා ලදි. 

අනතුරුව සිය පළමු පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත ආනා විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී වාර්තා කරගත්තේ ලකුණු 104 ක් පමණි. හිමල්ෂ සිල්වා ලකුණු 33 ක් රැස්කර ගනිමින් ඔවුන්ගේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන විට, පා දඟපන්දු යවන ක්‍රීඩක දිල්මින් රත්නායක පළමු ඉනිමේ කඩුලු 5 ක් සහ දෙවන ඉනිමේ කඩුලු 3 ක් දවා ගනිමින් දස්කම් දැක්වූයේය. 

ඒ නිසාවෙන් සාන්ත ආනා විද්‍යාලය ලකුණු 148 ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව නැවතත් දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීමට සිදු වුවත් දිල්හාර දේශබන්දු රැස්කර ගත් සටන්කාමි ලකුණු 81 නිසාවෙන් ඉනිමක පරාජයෙන් ගැලවීමට ඔවුන්ට හැකි විය. 

සාන්ත ආනා විද්‍යාල ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය B කාණ්ඩයේ තරගයකි. 

සාන්ත තෝමස් විද්‍යාලය : 252 (46.2) උමයංග සුවාරිස් 122*, මනීෂ රූපසිංහ 43, යසිරු රොද්‍රිගෝ 40, පසිඳු තෙන්නකෝන් 5/73, රිෂිත පෙරේරා 2/11, මනාන් මුසම්මිල් 2/56.  

සාන්ත ආනා විද්‍යාලය : 104 (56.5) හිමල්ෂ සිල්වා 33, කවිඳු රණසිංහ 24, දිල්මින් රත්නායක 5/25, කේෂාන් මුණසිංහ 2/26, යසිරු රොද්‍රිගෝ 2/27. සහ (F/O) 217/9d (54) දිල්හාර දේශබන්දු 81, ලසිත් වර්ණකුලසූරිය 46, කවිඳු රණසිංහ 33, දිල්මින් රත්නායක 3/77, උමයංග සුවාරිස් 3/32.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජය)

එංගලන්තය පරාජය කරමින් දකුණු අප්‍රිකාව වැඩ අල්ලයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4 කින් යුත් ටෙස්ට්…

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය 

සාන්ත අන්තෝනි විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවති C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් පළමු පන්දුවට පහර දීමට තීරණය කළේය. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරනු ලබන අවිශ්ක තරිඳු රැස්කර ගත් ලකුණු 32 නිසාවෙන් සාන්ත අන්තෝනි විද්‍යාලය සිය මුල් ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 119ක් රැස්කර ගත්හ. සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී කඩුලු 6 ක් දවා ගැනීමට සමත් වූ කේෂර නුවන්ත පිතිකරණයේ දී ලකුණු 45 ක් රැස්කර ගැනීමට ද සමත් විය. 

සාන්ත සර්වේසස් විද්‍යාල දෙවන ඉනිමට ද කේෂරගේ දායකත්වය ඉතාමත් වටිනා වූ අතර ලකුණු 75 ක පළමු ඉනිමේ වාසියක් ලබා ගැනීමට එය ඔවුන්ට ප්‍රමාණවත් වුවත් ජයග්‍රහණයක් දක්වා එය පරිවර්තනය කර ගැනීමට නොහැකි විය. 

සාන්ත අන්තෝනි විද්‍යාලය : 119 (32) අවිශ්ක තරිඳු 32, රොමේෂ් සුරංග 22*, දමින්ද සංකල්ප 5/34, කේෂර නුවන්ත 3/17. සහ 199/8 (74) රොමේෂ් සුරංග 68*, දිනුක විශාල් 36, කේෂර නුවන්ත 3/59, දිනුජ නිලන්දූව 3/19. 

සාන්ත සර්වේසස් විද්‍යාලය : 194 (91.4) කේෂර නුවන්ත 45, පුෂ්පිත ඩිල්ශාන් 30, කවීෂ දුලංජන 7/51. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (සාන්ත සර්වේසස් විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 

පළමු දිනයට පැවති තරග 

ඉසිපතන විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූ සංචාරක ඉසිපතන විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව වෙස්ලි විද්‍යාලයට ලබා දුනි. 

Photos: Isipathana College Vs Wesley College | U19 Cricket Tournament 2019/20

වෙස්ලි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 360/6 (95) සාහිල් ඩයස් 57, සිදත් ධර්මසිරිවර්ධන 48, නිම්තක අධිකාරි 46, රාහුල් ගුණසේකර 42, සිතුක ගුණවර්ධන 3/69. 


ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය 

සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී පැවති A කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප්  ක්‍රීඩකයින් පළමුව පන්දුවට රැකීමට තීරණය කළේය. 

Photos: St. Joseph’s college Vs D. S. Senanayake College | U19 Cricket Tournament 2019/20

ඩී. එස්. සේනානායක විද්‍යාලය : 159 (53.2) මුදිත ලක්ෂාන් 77, චමත් යටවර 41, දුනිත් වෙල්ලාලගේ 3/34, ශාලින්ද සෙනෙවිරත්න  2/15, අශාන් ඩි අල්විස් 2/25.

සාන්ත ජෝසප් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 191/5 (39) දිනෙත් ජයකොඩි 57, දිනාල් අනුරාධ 37, ජොහෑන් ද සිල්වා 34, දුනිත් වෙල්ලාලගේ 22. 

ඕස්ට්‍රේලියා වේදිකාවෙන් බැස යන පීටර් සිඩ්ල්

ඕස්ට්‍රේලියාවේ ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල් වසර 11කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ……

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය 

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය යි. 

Photos: Prince of Wales College vs St. Anthony’s College | U19 Cricket Tournament 2019/20

වේල්ස් කුමර විද්‍යාලය : 318/9d (80.3) තරිඳු අමරසිංහ 144, පසිඳු පැතුම් 63, කමේෂ් මෙන්ඩිස් 25, නදුක ප්‍රනාන්දු 22*, ගිහාන් ඊබර්ට් 3/81, සසිත් හිරුදික 2/59.

සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 15/1 (6)


කොළඹ මහානාම විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය 

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක දේවපතිරාජ විද්‍යාලය යි. තරගය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වේ. 

මහානාම විද්‍යාලය : 234 (60) විනුක රූබසිංහ 83, අචින්ත සුපුන් 35, පවන් රත්නායක 29, සුධීර වීරරත්න 4/62, හිරුෂික තිමිර 3/58.

දේවපතිරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 78 (30.5) පවන් සංදේශ් 39, දෙවිඳු කැකිරදෙනිය 3/03, සදීශාන් චමෝද්‍යා 3/04, ධනුක නිර්මාණ 2/22. 


කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය 

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වූයේ සත්කාරක මලියදේව විද්‍යාලය යි. 

තර්ස්ටන් විද්‍යාලය : 244 (74.3) පවන්ත ජයසිංහ 53, යොහාන් ලියනගේ 34, රනේෂ් සිල්වා 29, සකිඳු විජේරත්න 4/70, හසිඳු රුවන්පුර 3/40.

මලියදේව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 36/3 (19.3)

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (31) දිනයේ දී දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<