මාරිස් ස්ටෙල්ලා, රිච්මන්ඩ් සහ ඉසිපතන අවසන් පූර්ව වටයට

19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2021/22

830

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A සහ Tier B අර්ධ අවසන් පූර්ව වටයේ තරග 3ක් අද (30) ක්‍රියාත්මක වුනා.

එහි දී මීගමුව මාරිස් ස්ටෙල්ලා, ඉසිපතන සහ රිච්මන්ඩ් විද්‍යාල පිළිවෙළින් මොරටු මහා විද්‍යාලය, සාන්ත සිල්වෙස්ටර් සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාල පරාජයට පත් කරමින් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගත්තා.

Tier A අර්ධ අවසන් පූර්ව තරගය,

  • කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි

ක්‍රීඩාංගණය – මග්ගොන

රිච්මන්ඩ් විද්‍යාලය – 198 (48.3): විශාර ප්‍රනාන්දු 58, තමිඳු ප්‍රදීප්ත 52, ජනෙත් කෞෂාල් 29, ට්‍රෙවින් මැතිව් 4/32, ලහිරු අබේසිංහ 2/41.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 134/9 (37.5): අසිත වන්නිනායක 33, මොහොමඩ් ආකිල් 31, ශාරෝන් අභිෂේක් 4/23.

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 37ක ජයක්

Tier B අර්ධ අවසන් පූර්ව තරග,

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය

  • කාසියේ වාසිය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 230 (50): මහිඳු මලිත් 42*, හංසජ හිරුන 34, ශේන් ආධිත්‍ය 26, මලිත් රූපසිංහ 3/51.

මොරටු මහා විද්‍යාලය – 123 (40): ඉසුරු නිදර්ශන 33, ශේන් ආධිත්‍ය 4/19, මහිඳු මලිත් 3/14.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ලකුණු 107ක ජයක්

ඉසිපතන විද්‍යාලය සහ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

  • කාසියේ වාසිය – ඉසිපතන
  • ක්‍රීඩාංගණය – සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩාංගණය

ඉසිපතන විද්‍යාලය – 210/9 (50): කවිඳු ආමන්ත 52, යසිත් කළුපහන 31, කෙවින් සැමුවෙල් 30*, අකිල වික්‍රමසිංහ 3/45.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 164 (43): ඉඳුවර වික්‍රමසිංහ 54, මලීෂ සිල්වා 28, මලිත් ලක්ෂාන් 27, කවිඳු ආමන්ත 6/38, සිතුක ගුණවර්ධන 3/26.

ඉසිපතන විද්‍යාලයට ලකුණු 46ක ජයක්

මෙවර තරගාවලියේ Tier A අර්ධ අවසන් පූර්ව තරග පවත්වා අවසන් වී තිබෙන නිසා පළමු පෙළ Tier A කොටසේ අවසන් පූර්ව තරග පහත පරිදි වෙනවා,

  • පළමු අවසන් පූර්ව තරගය – මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය
  • දෙවැනි අවසන් පූර්ව තරගය – මහානාම විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය

තවද Tier B කොටසෙන් ඉසිපතන, මාරිස් ස්ටෙල්ලා සහ තර්ස්ටන් විද්‍යාලය අවසන් පූර්ව වටය සඳහා තේරී තිබෙන අතර එහි අවසන් අර්ධ අවසන් පූර්ව තරගය හෙට (1) සාන්ත පීතර විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<