ඉන්දියාවේ මීළඟ නායකයා ගැන Pontingගෙන් අනාවැකියක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

6651

හිටපු ඕස්ට්‍රේලියානු නායක සහ Delhi Capitals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Ricky Ponting පසුගිය දා Rishabh Pant පිළිබඳව අනාවැකියක් පවසා තිබුණා. එහි දී ඔහු පවසා සිටියේ Rishabh Pant සහ වත්මන් ඉන්දීය නායක Rohit Sharma අතර සමානකම් පවතින බවයි.

පසුගිය මාස කීපය තුළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුළ කැපී පෙනන දස්කම් දැක්වීමට යොවුන් ක්‍රීඩක Rishabh Pant සමත් වුනා. මේ දස්කම් නිසාවෙන් ඔහු ඔහුගේ ක්‍රීඩා දිවියේ දිගු ගමනක් පැමිණ තිබෙනවා.

මේ වන විට 24 හැවිරිදි වුවද, Pant දැනටමත් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ බොහෝ දස්කම් දක්වා ඇති අතර ඔහු පිළිබඳව බොහෝ දෙනා අනාවැකි ද පළකර තිබෙනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඔහුගේ පළමු තරගාවලියෙන් අනතුරුව ඉන්දීය ජාතික කණ්ඩායමට තේරී පත් වීමට ද ඔහු සමත් වුනා.

එම අවස්ථාවේ දී ඔහු මීළඟ MS Dhoni වනු ඇති බව බොහෝ දෙනා පවසා සිටියා. කෙසේ වෙතත්, ඔහුගේ විචිත්‍රවත් වමත් පිතිකරණය පිළිබඳව අදහස් දැක්වූ බොහෝ දෙනා පවසා සිටියේ ඔහු ඕස්ට්‍රේලියානු විශිෂ්ටයෙකු වූ Adam Gilchrist සිහිපත් කරන බවයි.

හිටපු ඕස්ට්‍රේලියානු නායක සහ Delhi Capitals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Ricky Ponting පසුගිය දා Rishabh Pant පිළිබඳව අනාවැකියක් පවසා තිබුණා. එහි දී ඔහු පවසා සිටියේ Rishabh Pant සහ වත්මන් ඉන්දීය නායක Rohit Sharma අතර සමානකම් පවතින බවයි.

2013 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Rohit Sharma Mumbai Indians නායකත්වයට පත්වන විට Ricky Ponting ද එම කණ්ඩායමේ සාමාජිකයෙකු වුනා. Rohit Sharmaට පෙර නායකයා වූ Ponting නායකත්වයේ භූමිකාවෙන් ඉවත් වෙමින් තරුණ Rohit හට එම තනතුර භාර ගැනීමට සහාය දක්වා තිබුණා.

එතැන් සිට Mumbai Indians ඔවුන්ගේ නමට ශූරතා පහක් දිනාගෙන ඇති අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම බවට ද පත්ව තිබෙනවා.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් Ponting විසින් Rohit සහ Pant අතර සමානකම් දක්වා සිටියා.

මම ඇත්තටම ඒ ගැන හිතුවේ නැහැ. නමුත් මම හිතන්නේ ඔවුන් ඇත්තටම සමානයි. Rohit Sharma Mumbai Indians නායකයා වෙද්දී ඔහු තරමක් තරුණ වියේ පසු වූ ක්‍රීඩකයෙක්. ඔහු ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය ආරම්භ කළා විතරයි. ඔහු අවුරුදු 23-24ක් විතර ක්‍රීඩකයෙක්. Rishabh Pant ගේ වයසට සමානයි. සම්පූර්ණයෙන්ම අවංකව කියනවා නම්, ඔවුන් ඇත්ත වශයෙන්ම බොහෝ දුරට සමාන ක්‍රීඩකයන්. ඔවුන් විශිෂ්ට කණ්ඩායම් සගයන් කියලා මම දන්නවා. ඔවුන් නායකත්වය සහ කණ්ඩායම මෙහෙය වීම ගැන කුඩා දේවල් ද අතරමගදී හුවමාරු කර ගන්නවා”, Ponting පවසා සිටියා.

Rohit Sharma නායකයෙකු ලෙස Mumbai Indians සමඟ අත්කර ගත් දේ ලබා ගැනීමට Pantට හැකි වනු ඇති බව ද Ponting පවසා සිටියා.

“Rishabh Pantගේ ගමන Rohit Sharmaට බොහෝ දුරට සමාන වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. සාර්ථක කණ්ඩායමක තරුණ නායකයෙකු ලෙස දිනෙන් දින වර්ධනය වෙමින් Mumbai Indians එක්ක Rohit ලබා ගත් ජයග්‍රහණ Rishabhට ලබා ගත හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”, ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

මේ මස මුල දී ඉන්දීය නව ටෙස්ට් නායකයා ලෙස Rohit නම් කර තිබුණා. නමුත් Rohit මේ වන විට 34 වන වියේ පසුවන නිසා අනාගතයේ දී නායකත්ව භූමිකාව භාර ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් Rohit යටතේ තරුණ ක්‍රීඩකයන් තිදෙනෙකු තෝරාගෙන තිබෙනවා. එම අපේක්ෂකයින් අතර Pant ද සිටින බව වාර්තා වනවා. ඔහු මීට පෙර පසුගිය මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේ දී රෝහිත්ගේ උප නායකයා ලෙස ද නම් කර තිබුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වගේ ලොකු පීඩනයක් තියන තරගාවලියක දී නායකත්ව භූමිකාවක යම් අත්දැකීමක් තිබේ නම් ජාත්‍යන්තර තරගාවලියක කණ්ඩායමක් මෙහෙය වීම ලොකු අභියෝගයක් නෙමෙයි. මට කිසිම සැකයක් නැහැ ඉදිරි වසර කිහිපය තුළ Rishabh ජාත්‍යන්තර නායකයා වීමට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ”, Ponting පවසා සිටියා.

මේ අත්දැකීම් ඔහුට දිනපතාම වඩා හොඳ නායකයෙකු සහ වඩා හොඳ පුද්ගලයෙකු බවට පත්වීමට උපකාරී වේවි. පසුගිය මාස 12-18 තුළ ඔහු ඔහුගේ ක්‍රීඩාවෙන් පමණක් නෙමෙයි ඔහුගේ නායකත්වයෙන් සහ කණ්ඩායම මෙහයවීම අතින් පරිණත කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත්වුනා.”

Pantගේ ක්‍රීඩා හැකියාව සහ නායකත්ව ගුණාංග පිළිබඳව ඕස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨ ක්‍රීඩක Ricky Ponting තවදුරටත් අදහස් දක්වා සිටියා.

ඔහුට නායකත්වය කියන්නේ කුමක්ද යන්න පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තියනවා. ඔහු සාර්ථක ඉන්දීය ප්‍රිමියර් ලීග් සහ ඉන්දීය ජාතික කණ්ඩායමක හිටපු ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු අතීතයේ ශක්තිමත් නායකයින් යටතේ ක්‍රීඩා කරලා තියනවා. ඒ නිසා මට ඔහුට උදව් කළ හැකි යමක් තිබේ දැයි බැලීම මගේ වගකීමක්. මම ඒක නිවැරදිව කරන බවට වග බලා ගන්නවා.”

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<