දුනිත් සහ සුදීර ශතක රැස් කරයි

23න් පහළ නැගී එන ක්‍රිකට් තරගාවලිය 2023

444

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන 23න් පහළ අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (10) ආරම්භ වුනා.

දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් දුනිත් ජයතුංග නොදැවී ලබා ගත් අගනා ලකුණු 113 නිසා දිනය අවසානයේ ලකුණු 232ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට Baduraliya ක්‍රීඩකයින් සමත් වුනා.

අද දිනයේ අනිත් ශතකය වාර්තා කළේ Chilaw Marians ක්‍රීඩක සුදීර වීරරත්න විසිනුයි. ඔහු ශතකය වාර්තා කළේ Bloomfield කණ්ඩායමට එරෙහිවයි.

විනුශ්ක සිල්වාගේ (5/21) පන්දු යැවීම සහ කවිඳු අමමේත්ගේ පිතිකරණය (54) නිසා Kandy Customs කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට CCC ක්‍රීඩකයින් සමත් වුනා.

Ace Capital ක්‍රීඩකයින් පළමු ඉනිමේ පරාජය කිරීමට Nugegoda ක්‍රීඩකයින්ට හැකි වූ අතර අමිත දාබරේ ලකුණු 86ක් ලබා ගනිද්දී, ඩිල්ෂාන් හෙට්ටිආරච්චි ලකුණු 40කට කඩුලු 5ක් දවා ගත්තා.

Ragama CC සහ Police SC

  • Ragama පළමු ඉනිම – 201 (55.5): ඩිලෝන් පීරිස් 54, යොහාන් ලියනගේ 42, රන්මිත් ජයසේන 30, දනල් හේමන්ද 4/58.
  • Police පළමු ඉනිම – 59/0 (14): බිහංඟ මෙන්ඩිස් 36*.

Kandy Customs SC සහ CCC

  • Kandy Customs පළමු ඉනිම – 113 (40.4): හරිඳු ජයසේකර 36, හිරන්ත ජයසිංහ 29, විනුෂ්ක සිල්වා 5/21.
  • CCC පළමු ඉනිම – 143/5 (39): කවිඳු අමමෙත් 54, ඔන්රේ පෙරේරා 33, කුෂාන් මධූශ 3/39.

Baduraliya CC සහ Negombo CC

  • Baduraliya පළමු ඉනිම – 232/4 (55.5): දුනිත් ජයතුංග 113*, හසිත අමරසිංහ 41, රනේෂ් සිල්වා 30*, නිරෝෂ් අර්චන 2/44.

Chilaw Marians CC සහ Bloomfield C & AC

  • Chilaw Marians පළමු ඉනිම – 218 (57): සුදීර වීරරත්න 100, බිනර සංකෙත් 34, චාරුක තරිඳු 24, අරවිනාත් රාජේන්ද්‍රන් 4/77.
  • Bloomfield C & AC පළමු ඉනිම – 49/3 (14): අසිත වන්නිනායක 27*, නිපුන් ප්‍රේමරත්න 3/29.

NCC සහ Galle CC

  • NCC පළමු ඉනිම – 2/0 (1.4)

Moors SC සහ Colombo Colts CC

  • Moors පළමු ඉනිම – 220 (65): දිනුක දිල්ෂාන් 56, රිසිර වීරසූරිය 53, දේශාන් ගමගේ 24, තිළිණ පෙරේරා 4/86, යසිරු රොද්‍රිගෝ 4/28.
  • Colombo Colts පළමු ඉනිම – 57/1 (10): අවිශ්ක පෙරේරා 32*

Panadura SC සහ Kurunegala YCC

  • Panadura පළමු ඉනිම – 208 (70.4): යෂාන් අවිශ්ක 88, සුකිත මනෝජ් 47, නවීන් ජාගොඩ 3/56.
  • Kurunegala පළමු ඉනිම – 61/2 (17): කෝසල රවිඳු 27.

Army CC සහ Sebastianites C & AC

  • Army පළමු ඉනිම – 181 (53.3): ශෙහාන් ප්‍රනාන්දු 88, විදත් බටපොල 45, ශෙහාන් සිල්වා 4/25.
  • Sebastianites පළමු ඉනිම – 108/5 (27): විසල් සිල්වා 32, යොහාන් පෙරේරා 31*, සමිඳු නෝනිස් 3/33.

Ace Capital CC සහ Nugegoda S & WC

  • Ace Capital පළමු ඉනිම – 129 (30.2): සකුන ලියනගේ 56*, ඩිල්ෂාන් හෙට්ටිආරච්චි 5/40.
  • Nugegoda පළමු ඉනිම – 147/6 (40.3): අමිත දාබරේ 86, කවීන් පෙරේරා 23, සිතුම් දිසානායක 2/25.

Tamil Union C & AC සහ Air Force SC

  • Tamil Union පළමු ඉනිම – 116 (33.3): කවිඳු ඒකනායක 34, පුන්සර සඳරුවන් 3/23.
  • Air Force පළමු ඉනිම – 76/2 (34.5): සාහිල් ඩයස් 38*

23න් පහළ නැගී එන ක්‍රිකට් තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<