භානුකගේ සුපිරි ප්‍රහාරයෙන් පංජාබ් කිංග්ස්ට සුපිරි ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

3341
Bhanuja Rajapaksa Debut IPL Game

පසුගිය 26 වැනිදා ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් Royal Challengers Bangalore සහ Punjab Kings කණ්ඩායම් අතර ඊයේ (27) පැවැත්වුනා.

එහි දී භානුක රාජපක්ෂ ක්‍රීඩා කළ වේගවත් ඉනිම සවියක් කරගෙන ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ක්‍රීඩා කළ Royal Challengers Bangalore පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට Punjab Kings සමත් වුනා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනූ Mayank Agarwalගේ නායකත්වයෙන් යුත් පංජාබ් කණ්ඩායම Faf du Plessisගේ නායකත්වයෙන් යුත් Royal Challengers Bangaloreට ලබා දුන්නා. ඒ අනුව පිටියට පිවිසි RCB නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් ලකුණු සංඛ්‍යාව 205ක් ලබා ගත්තා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ Plessis පන්දු 57කින් වේගවත් ලකුණු 88ක් රැස් කළේ හයේ පහර 7ක් හා හතරේ පහර 3ක් සමඟින්. Virat Kohli පන්දු 29කින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා. ඉනිමට වේගවත් අවසානයක් හිමිකර දුන් කඩුලු පිතිකරු Dinesh Karthik පන්දු 14කින් ලකුණු 32*ක් නොදැවී වාර්තා කිරීමට සමත් වුනා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් සමඟින්. පන්දු යැවීමේ දී Arshdeep Singh සහ Rahul Chahar එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Punjab Kings පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළ අතර ඉනිමට විශිෂ්ට ආරම්භයක් ලබා දීමට නායක Agarwal සහ Shikhar Dhawan සමත් වුනේ පළමු කඩුල්ලට ලකුණු 71ක සබදතාවයක් ගොඩනංවමින්.

වනිඳු හසරංග තමන් යොමු කළ පළමු පන්දුවෙන්ම එම සබදතාවය බිද දමමින් ලකුණු 32ක් ලබාගෙන සිටි Agarwalගේ කඩුල්ල දවා ගත්තා. Shikhar Dhawan ලකුණු 43(29)යි.

මැදපෙළ වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා මග විවර කර දීමට භානුක රාජපක්ෂ සමත් වුනා. සිය මංගල IPL තරගයේ දී ම පන්දු 22කින් ලකුණු 43ක් රැස් කර ගත් භානුකගේ එම ප්‍රහාරාත්මක ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් ඇතුළත් වුනා. Liam Livingstone ලකුණු 19කට දැවී ගියා.

පංජාබ් ජයග්‍රහණය තහවුරු කළ Shahrukh Khan සහ Odean Smith පිළිවෙළින් ලකුණු 24*ක් (20) හා ලකුණු 25*ක් (8) නොදැවී ලබා ගත්තා. පන්දු යැවීමේ දී Mohammed Siraj කඩුලු 2ක් දවා ගත් අතර, වනිඳු හසරංග, Harshal Patel සහ Akash Deep එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා.

  • Royal Challengers Bangalore – 205/2 (20): Faf du Plessis 88, Virat Kohli 41*, Dinesh Karthik 32*, Rahul Chahar 1/22, Arshdeep Singh 1/31.
  • Punjab Kings – 208/5 (19): Bhanuka Rajapaksa 43, Shikhar Dhawan 43, Mayank Agarwal 32, Odean Smith 25*, Mohammed Siraj 2/59

තරගයේ වීරයා – Odean Smith

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<