මහානාම සහ සාන්ත සෙබස්තියන් තියුණු ජයග්‍රහණ අතරට

19න් පහළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

244
U19 Schools Cricket Tournament 2022

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 8ක් (21) අද නිමා වුනා.

එහි දී සාන්ත ජෝසප්, වෙස්ලි, සාන්ත සෙබස්තියන්, දේවපතිරාජ, මහානාම, සාන්ත සිල්වෙස්ටර්, මාරිස් ස්ටෙල්ලා සහ මොරටු මහා විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නට සමත් වුනා.

එම ජයග්‍රහණ අතරින් ගුරුකුල විද්‍යාලය හමුවේ මහානාම විද්‍යාලය ලකුණු 8ක තියුණු ජයක් ලබා ගන්නා විට, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව කඩුලු දෙකක තියුණු ජයක් ලබා ගත්තා.

පැවති අනෙකුත් තරගවල දී කිසිදු ශතකයක් වාර්තා නොවුණු නමුත් අර්ධ ශතක 11ක් වාර්තා වීම කැපී පෙනුණා. මහානාම විද්‍යාලයේ ධනජ සඳලිඳු (61), ගුරුකුල විද්‍යාලයේ නෙලුක හේෂාන් (60), සාන්ත ජෝසප් විද්‍යාලයේ සදීෂ් ජයවර්ධන (55*) සහ ශෙවෝන් ඩැනියල් (52*), ඩී. එස්. සේනානායක විද්‍යාලයේ මනුර පීරිස් (58), වෙස්ලි විද්‍යාලයේ නායක සාහිල් ඩයස් (73), සාන්ත තෝමස් විද්‍යාලයේ මහිත් පෙරේරා (59*), සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ කේසර මධුසංක (73), සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ මලීෂ සිල්වා (72), ලුම්බිණි විද්‍යාලයේ නබීල් රාජුඩීන් (50 සහ 3/30) සහ දේවපතිරාජ විද්‍යාලයේ ජීවක ශෂීන් (59) යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබාගෙන අද දිනයේ පිතිකරුවන් ලෙස වැඩි දස්කම් අතරට පැමිණියා.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ වේගපන්දු යවන ක්‍රීඩක සදීප රත්නායක (4/34) සහ මොරටු මහා විද්‍යාලයේ ඉසුරු නිදර්ශන (ලකුණු 40ක් සහ 4/21) දිනය තුල වාර්තා වුනු කඩුලු 4 අවස්ථා සාර්ථක කර ගත් පන්දු යවන්නන් බවට පත්වුනා.

මේ තරග ප්‍රතිඵලත් සමඟ සාන්ත ජෝසප්, නාලන්දා සහ මහානාම විද්‍යාල පිළිවෙළින් Tier A කොටසේ X, Y සහ Z යන කාණ්ඩවල අපරාජිතව සිටිමින් පෙරමුණ ලබාගෙන තිබෙන අතර රිච්මන්ඩ් ක්‍රීඩකයින් ද එහි Y කාණ්ඩයේ දෙවැනි තැන දිනාගෙන සිටින්නේ අපරාජිතවයි.

Tier B කොටසේ දැනට තිබෙන ප්‍රසාද ලකුණු සටහනට අනුව බම්බලපිටිය සාන්ත පීතර (අපරාජිතව), මොරටු මහා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය පිළිවෙළින් X, Y සහ Z යන කාණ්ඩවල පෙරමුණ දිනාගෙන සිටින අතර Tier A කොටසට වඩා Tier B කොටසේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දිනා ගැනීම සඳහා තියුණු සටනක් මේ වන විට නිර්මාණය වී තිබීම කැපී පෙනෙනවා.

Tier A

මහානාම විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – මහානාම විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – CCC ක්‍රීඩාංගණය

මහානාම විද්‍යාලය – 214 (48.3): ධනජ සඳලිඳු 61, දෙවිඳු කැකිරිදෙනිය 24, අංජල බණ්ඩාර 23, අනුක විජේවර්ධන 22, ජනිත ෂෙහාන් 3/55, යුවන්ත මදුසංක 3/56, පූර්ණ කල්හාර 2/26.

ගුරුකුල විද්‍යාලය – 206 (49.5): නෙලුක හේෂාන් 60, මොහොමඩ් මුර්ශාඩ් 36, දෙනුර දෙමන්සිත් 32, සිතිජ චමෝද් 28, ඉනුක කරන්නාගොඩ 3/13, දුවිඳු රණතුංග 3/38.

මහානාම විද්‍යාලයට ලකුණු 8ක ජයක්.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාලය – 118 (42.1): ලහිරු අබේසිංහ 40, චමිඳු වික්‍රමසිංහ 28, ට්‍රෙවින් මැතිව් 23, මිතිර තෙනුර 3/12, දේශාන් සෙනෙවිරත්න 3/24, දුනිත් වෙල්ලාලගේ 2/11.

සාන්ත ජෝසප් විද්‍යාලය – 123/1 (19.2): සදීෂ් ජයවර්ධන 55*, ශෙවෝන් ඩැනියල් 52*.

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

වෙස්ලි විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – වෙස්ල් ක්‍රීඩාංගණය

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 149 (39.3): මනුර පීරිස් 58, ලිනාල් සුබසිංහ 2/24, සෙමිල ලියනගේ 2/32, චමත් ගෝමස් 2/33

වෙස්ලි විද්‍යාලය – 150/4 (28): සාහිල් ඩයස් 73, අශාන් ඉසිර 30, සෙනුර සිල්වා 2/25.

වෙස්ලි විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලය – 237/8 (50): මහිත් පෙරේරා 59*, සේනාධි බුලන්කුලම 47, රොමේෂ් මෙන්ඩිස් 30, කැනිස්ටන් ගුණරත්නම් 26, මුයිස් නවුශාන් 21, කුෂාන් හේරත් 3/55, සන්දීෂ් ප්‍රනාන්දු 2/54.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 238/8 (48.3): කේසර මධුසංක 73, යෂාන් අවිශ්ක 46, සනේෂ් ප්‍රනාන්දු 30*, රයන් දිසානායක 29, චාරුක පීරිස් 3/31, කැනිස්ටන් ගුණරත්නම් 2/57

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 2ක ජයක්.

Tier B

සහිරා විද්‍යාලය සහ සිල්වෙස්ටර් විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – සහිරා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණය

සහිරා විද්‍යාලය – 162 (42.3): සමීර් මජීඩ් 42, මොහොමඩ් යසීර් 30, රායිඩ් රිස්වාන් 23, අකිල වික්‍රමසිංහ 3/19, ශෂික බස්නායක 3/39, කවිෂ්ක ඉමේෂ් 3/44.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 163/6 (32.3): මලීෂ සිල්වා 72, කවිෂ්ක ඩිල්ශාන් 43*, මලිත් ලක්ෂාන් 21, මොහොමඩ් හුමෙයිඩ් 2/30.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 190 (48.3): හංසජ හිරුන 38, ශේන් ආධිත්‍ය 32, සදෙව් රත්නායක 28, සදීප රත්නායක 4/34, තිසරු වන්නිනායක 2/25.

ධර්මරාජ විද්‍යාලය – 163 (49.5): එවින් කල්හාර 3/14

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ලකුණු 27ක ජයක්.

ලුම්බිණි විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – ලුම්බිණි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මොරටු මහා විද්‍යාල ක්‍රීඩාංගණය

ලුම්බිණි විද්‍යාලය – 148 (30.5): නබීල් රාජුඩීන් 50, සකුණ ලියනගේ 27, ඉසුරු නිදර්ශන 4/21, විශ්ව දිදුලන 2/14, විහඟ නිම්සර 2/22.

මොරටු මහා විද්‍යාලය – 149/7 (36.3): ඉසුරු නිදර්ශන 40, විහඟ නිම්සර 27*, තුෂාන් නිමන්ත 25, නබීල් රාජුඩීන් 3/30, මලිත් කවිඳු 2/21.

මොරටු මහා විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ දේවපතිරාජ විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 157 (49.3): චමත් ප්‍රනාන්දු 47, අවිශ්ක ප්‍රභාශ්වර 21, ජනිත් ප්‍රනාන්දු 21, දර්ශක සංදීප 3/23, මතීෂ සාරංග 2/18, ඉරුෂික තිමිර 2/23.

දේවපතිරාජ විද්‍යාලය – 159/6 (30.2): ජීවක ශෂීන් 59, පවන් සංදේශ් 32, මතීෂ සාරංග 25*, හසිත කුෂාන් 3/29.

දේවපතිරාජ විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<