ආනන්දයේ අපරාජිත ගමනට තර්ස්ටන් විද්‍යාලයෙන් තිත

19න් පහළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

688
U19 Schools Cricket Tournament 2022

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් (20) අද නිමා වුනා. එහි දී මලියදේව, ද මැසනොඩ්, තර්ස්ටන් සහ මොරටු මහා විද්‍යාල ජයග්‍රහණ ලබා ගත්තා.

දිනය තුල ක්‍රියාත්මක වුනු උණුසුම තරගය බවට පත්වුණේ මලියදේව – වේල්ස් කුමර තරගයයි. මොරටුව වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවති එම තරගය තියුණු සටනකට පසුව ලකුණු 8කින් ජය ගැනීමට මලියදේව විද්‍යාලය සමත් වුනා.

ජයමිණ මුතුකුමාරණ (ලකුණු 54) සහ සකිඳු විජේරත්න (4/27) දැක්වූ දස්කම් මලියදේව විද්‍යාලය ලබා ගත් මේ ජයග්‍රහණය සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා.

ඊට අමතරව තරගාවලියේ Tier B කොටසේ Z කාණ්ඩය තුල මෙතෙක් අපරාජිතව ඉදිරියට පැමිණි ආනන්ද විද්‍යාලයේ අපරාජිත ගමන් මග නිමා කරන්නට බවන්ත ජයසිංහගේ නායකත්වයෙන් යුත් තර්ස්ටන් ක්‍රීඩකයින් සමත් වුනා. ඒ ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දී ලකුණු 206ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙනයි.

එම තරගයේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් උපුල් හෙට්ටිආරච්චි (ලකුණු 54) අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දක්වද්දී, දඟපන්දු යවන ක්‍රීඩක තනුග පලිහවඩන (3/11) පන්දු යැවීමෙන් වැඩි දස්කම් අතරට පැමිණියා.

එසේම දිනයේ ක්‍රියාත්මක වුනු අනෙක් තරගවල දී ත්‍රිත්ව විද්‍යාලයේ නායක අක්‍රම් මුතාලිබ් (ලකුණු 68), මනුල කුලරත්න (ලකුණු 52), මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ නායක හසිත අමරසිංහ (ලකුණු 52), කඳාන ද මැසනොඩ් විද්‍යාලයේ සෙනාෂ් ප්‍රනාන්දු (ලකුණු 81), මිතුල් සෙනරත් (ලකුණු 70*) අර්ධ ශතක ලබාගෙන දස්කම් දැක්වූවා.

එසේම මොරටු මහා විද්‍යාලයේ ජය තහවුරු කල තුෂාන් නිමන්ත (නොදැවී ලකුණු 48*) සහ විශ්ව දිදුලන (4/18) සාන්ත සර්වේසස් විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී දස්කම් අතරට පැමිණියා. ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් කඩුලු 5ක ජයක් ලබා ගත් ද මැසනොඩ් විද්‍යාලය තරග තුනකට පසුව තරගාවලිය තුල ලබාගත් ඔවුන්ගේ පළමු ජයග්‍රහණය අද දිනයේ දී ලබා ගැනීම කැපී පෙනුණා.

Tier A

මලියදේව විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – මලියදේව විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණය

මලියදේව විද්‍යාලය – 154 (44.1): ජයමිණ මුතුකුමාරණ 54, මතීෂ වීරසිංහ 30, රිෂි අධිෂ්ටාන් 24, කුංචන පෙරේරා 3/17, ප්‍රින්ස් ප්‍රනාන්දු 2/42

වේල්ස් කුමර විද්‍යාලය  – 146 (45.3): තනුජ කවිශාන් 29*, ඔමේෂ් මෙන්ඩිස් 29, තරිඳු අමරසිංහ 23, රෙහාන් චාමික 21, සකිඳු විජේරත්න 4/27, නෙම්සිත් චනුල් 3/41, හසිඳු රුවන්පුර 2/10.

මලියදේව විද්‍යාලයට ලකුණු 8ක ජයක්

ත්‍රිත්ව විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – ද මැසනොඩ් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – අස්ගිරිය

ත්‍රිත්ව විද්‍යාලය – 224/8 (50): අක්‍රම් මුතාලිබ් 68, මනුල කුලරත්න 52, රහල් අමරසිංහ 36, පවන් පතිරාජ 22, තුෂාන් උදයංග 2/25, සිහින සිතුමිණ 2/46

ද මැසනොඩ් විද්‍යාලය – 228/5 (44.4): සෙනාෂ් ප්‍රනාන්දු 81, මිතුල් සෙනරත් 70*, සලිඳු පතිරණ 48.

ද මැසනොඩ් විද්‍යාලයට කඩුලු 5ක ජයක්

Tier B

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත සර්වේසස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මොරටු මහා විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත සර්වේසස් විද්‍යාලය – 139 (33.4): හසිත අමරසිංහ 52, දිනිරු අබේවික්‍රමසිංහ 32, විශ්ව දිදුලන 4/18, විහඟ නිම්සර 2/19, ඉසුරු නිදර්ශන 2/29.

මොරටු මහා විද්‍යාලය – 140/5 (31): තුෂාන් නිමන්ත 48*, සුකිත දෙව්තිලන 33, තරුෂ දමමිදු 3/36, හසිත අමරසිංහ 2/38.

මොරටු මහා විද්‍යාලයට කඩුලු 5ක ජයක්

තර්ස්ටන් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණය

තර්ස්ටන් විද්‍යාලය – 279/8 (50): උපුල් හෙට්ටිආරච්චි 54, පසිඳු රත්නායක 49, සෙනුර ශානික්‍ය 37, බවන්ත ජයසිංහ 34, තරිඳු හර්ෂණ 30, ඉසුරු අයේෂ් 3/47, දුලෙන් එදිරිමාන්න 2/55.

ආනන්ද විද්‍යාලය – 73 (24.4): නෙත්ම කරුණාරත්න 31, තනුග පලිහවඩන 3/11, නිපුන් ප්‍රේමරත්න 2/18, විහාස් තෙව්මික 2/23.

තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 206ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<