කණ්ඩායමේ ඉලක්ක ගැන Gujarat Titans නායකයා අදහස් දක්වයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

930

IPL තරගාවලියේ 2022 අදියර එළඹෙන මාර්තු 26 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ Chennai Super Kings හා Kolkata Knight Riders අතර මුම්බායි හිදී පැවැත්වෙන තරගයත් සමඟිනුයි.

මෙවර තරගාවලියට නව කණ්ඩායම් දෙකක් එක් වෙනවා. ඒ Lucknow Super Giants හා Gujarat Titans. Titans කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya හටයි.

2015 වසරේ Mumbai Indians සමඟ එක්වූ Pandya එතැන් සිට මේ දක්වා දිගටම එම කණ්ඩායමේ රැඳී සිටින්නට සමත් වුනා. කෙසේ වෙතත් Mumbai කණ්ඩායම මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහුව නිදහස් කළ අතර Titans විසින් ඔහුව සිය කණ්ඩායමේ නායකයා ලෙස තෝරා ගෙන තිබුණා.

Twitter ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Pandya පවසා තිබුණේ, Gujarat Titans කණ්ඩායමට කිසිවෙකුට කිසිවක් “ඔප්පු” කිරීමට අවශ්‍ය නැති බවයි. එමෙන්ම කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය ක්‍රීඩකයින්ට දක්ෂතා දැක්විය හැකි හොඳ වාතාවරණයක් ඇති කිරීම බවත් ඔහු පවසා තිබුණා.

මම මගේ පවුල සමඟ කාලය ගෙව්වා. මහන්සි වෙලා පුහුණුවීම් කළා. මම තරගාවලියට හොඳින් සූදානම් වුනා”, Hardik එම වීඩියෝවේ පවසා තිබුණා.

මම කණ්ඩායම ගැන සතුටුයි. මේක නව කණ්ඩායමක් හා අපි එන්නේ කිසිම දෙයක් ඔප්පු කරන්න නෙවෙයි. අපි එන්නේ හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරන්න. අපි උත්සහ කරන්නේ ක්‍රීඩකයින්ට හොඳින් දක්ෂතා දැක්විය හැකි වාතාවරණයක් ගොඩ නගන්න. ලොකු බලාපොරොත්තු නැහැ. අපි දිනෙන් දින දියුණු වන කණ්ඩායමක් බවට පත් වෙන්න උත්සහ කරනවා.”

Gujarat Titans කණ්ඩායමේ පළමු තරගය එළඹෙන මාර්තු 28 වැනිදා Lucknow Super Giants කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<