“උතුරු සටනත්” ඇවිලෙයි

117th Battle of the North

122
117th Battle of the North

යාපනය මධ්‍ය මහා විද්‍යෘලය සහ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර පැවැත්වෙන් 117 වැනි “උතුරු සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 7 වැනිදා සිට 9 වැනිදා දක්වා යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී පැවැත්වේ.

1904 වසරේ දී ඇරඹී මෙම මහා ක්‍රිකට් තරගය මෙරට පැවැත්වෙන තෙවැනි දීර්ඝතම තරගය වන අතර යාපනය මහද්වීපයේ පැවැතෙන පැරණිත ම වාර්ෂික මහා ක්‍රිකට් තරගයයි.

සාන්ත ජෝන්ස් විද්‍යාලය

සාන්ත ජෝන්ස් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ Nesakumar Ebenzer Jezial වෙතයි. දකුණත් ආරම්භක පිතිකරුවෙක් සහ දකුණතින් මඳ වේග පන්දු යවන ඔහු කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් අතුරින් ඉදිරියෙන් ම පසුවෙන අයෙක්.

පසුගිය වසරේ පැවැති මහා ක්‍රිකට් තරගයේ දී සාන්ත ජෝන්ස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා ද වූයේ Nesakumar Ebenzer Jezialයි.

ඔහුට අමතර ව පසුගිය වසරේ උතුරු සටන වාර්ෂික මහා තරගය නියෝජනය කළ ක්‍රීඩකයන් 7 දෙනෙක් ද සමඟයි ඔවුන් මෙවර තරගයට එක් වෙන්නේ.

ඒ අනුව Anderson Sachin Kanabathi, Mahendran Kinthushan, Sangeeth Greme Smith, Jeyachandran Ashnath, Arulseelan Kavishan සහ Kirupananthan Kajakarnan ද මෙවර ද සාන්ත ජෝන්ස් කණ්ඩායම හා එක් විමට සූදානමින් පසුවෙනවා.

සාන්ත ජොන්ස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

Nesakumar Ebenzer Jezial (නායක), Anderson Sachin Kanabathi, Jeyachandran Ashnath, Arulseelan Kavishan, Sangeeth Greme Smith, Mahendran Kinthushan, Kirupananthan Kajakarnan, Murfin Randyo, Kugathas Mathulan, Vijayaraja Sanjay, Sountharajan Aatharsh, Uthayanan Abijoyshanth, Stanley Jesunesan Samson, Dineshk Larun, Uthayakumar Johnshikan, Gopalakrishnan Rogithan, Pushparasa Yanusan, Satkunarajah Vinukshan, Raymand Anushanth.

Gopalakrishnan Gopikrishna (ක්‍රිකට් භාර ආචාර්ය), Rathmanathan Lavendra (පුහුණුකරු)

යාපනය මධ්‍ය මහා විද්‍යාලය

යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙවර උතුරු සටනට එක් වෙන්නේ පසුගිය වසරේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වූ ක්‍රීඩකයන් 8 දෙනෙක් ද කැටිවයි. ඒ අතුරින් එම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ දකුණත් පිතිකරුවෙක් ලෙසත් සහ දකුණතින් පිට දඟ පන්දු යවමින් දක්ෂතා දක්වන Nishanthan Ajay වෙතයි. ඔහු පසුගිය වසරේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් ද සම්මාන ලැබුවා.

ඊට අමතර ව පසුගිය වසරේ තරගයේ දී දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලැබූ Sutharshan Anushanth මෙන් ම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනූ Ranjith Kumar Newton ද මෙවර යාපනය මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන බැවින් මෙවර ද තරගයේ වැඩි වාසි රැදී ඇත්තේ ඔවුන් වෙතයි.

ඔවුන්ට අමතර ව පසුගිය වසරේ මහා ක්‍රිකට් තරගය නියෝජනය කළ Sagathevan Sayanthan, Sathakaran Similton, Thakuthas Abilash, Sutharshan Anushanth සහ Vikkineswaran Paruthy ද මෙවර තරගයේ දී ද යාපනය මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරන බැවින් එහි වාසිය ද ඔවුන් සතුයි.

පසුගිය වසරේ දී පැවැති 116 වැනි උතුරු සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දී යාපනය මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 9කින් ජයග්‍රහණය කරනවා.

යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: 

Nishanthan Ajay (නායක), Sagathevan Sayanthan (උප නායක), Ranjith Kumar Akshayan, Arumathurai Sinthujan, Sutharshan Anushanth, Antoneshan Abhishek, Murali Thison, Thakuthas Abilash, Sathakaran Similton, Sathalingam Rilaxsan, Pathma Kumaran Navinthan, Sahaya Jehan Kevin Dericson, Vikkineswaran Paruthy, Jegatheeswaran Ashvithan, Ranjith Kumar Newton.

Thevasahayam Regno Kingsly (ක්‍රීඩා භාර ආචාර්ය), Francis Kulendran Shelton (පුහුණුකරු) 

117 වැනි උතුරු සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වෙන සාන්ත ජෝන්ස් විද්‍යාලයීය කණ්ඩායමට සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 127 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<