පොඩි කුසල්ට ආබාධයක්; තරගාවලිය අහිමි වෙයි ද?

388
Image Courtesy - Cricket Australia

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තව නොබෝ දිනකින් ආරම්භ වීමට සියලුම කටයුතු සූදානම්ව ඇති මොහොතක ශ්‍රී ලාංකීය ක්‍රිකට්ලෝලීන් හට තරමක කණගාටුදායක පුවතක් අද (17) වාර්තා විය.

චමීර සහ රාජිත ලබා දුන් සුපිරි ආරම්භයට පැටර්සන් හරස් කපයි

අසාර්ථක නවසීලන්ත සංචාරයකට පසු ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරග

එනම් පසුගිය වසරේ ටෙස්ට් ලකුණු 1000 සීමාව ඉක්මවා යමින් එම වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගවල දී වැඩිම ලකුණු ලාභියා වීමේ ගෞරවනාමය හිමිකරගත් කුසල් මෙන්ඩිස් අද (17) දිනයේ දී ඕස්ට්‍රේලියානු සභාපතිගේ කණ්ඩායම සමඟ පැවති පෙරහුරු තරගය අතරතුර දී ආබාධයකට ගොදුරු වීමයි.

ඩිල්රුවන් පෙරේරා විසින් යැවූ පන්දුවකට ජේක් ඩෝරන් විසින් වැරෙන් එල්ල කළ පුල් පහර ෂෝට්-ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ අත ප්‍රදේශයට එල්ල වීමෙන් අනතුරුව ඔහු ඉතා දැඩි වේදනාවකින් පසු වූ බව පුනරූපනයන් හී දර්ශනය විය.

වහාම ක්‍රියාත්මක වූ දෙපිලේම වෛද්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් ඔහුට අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දීම සඳහා ක්ෂණයෙන් කටයුතු කළ අතර හිස ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පන්දුව එන මාවත ඔහුගේ දෑත් උපයෝගී කරගනිමින් වෙනතකට යොමුකිරීමට ගත් උත්සහාය නිසාවෙන් මෙම අනතුරුව සිදුවී ඇති බව පැහැදිලි වේ.

ICCයේ ලොකු පුටුවකට අලුත් අයෙක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මනූ ස්වෝනි මහතා පත්කර තිබෙන බව

මෙන්ඩිස් හට ප්‍රතිකාර ලබා දීම සඳහා ඔහුව නැවතත් ක්‍රීඩාගාරය වෙත කැඳවා ගෙන යාමෙන් අනතුරුව ඔහු වෙනුවට එම ස්ථානයේ පන්දු රැකීමේ කාර්ය රොෂේන් සිල්වා වෙත පැවරුණු අතර ඩෝරන් දිගින් දිගටම ඉතා ජවසම්පන්න ස්වීප් පහරවල් කිහිපයක්ම එල්ල කිරීම නිසාවෙන් රොෂේන් සිල්වා හට තම සිරුර ආරක්ෂා කරගැනීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කිරීමට සිදු විය.

කෙසේ වුවත් ඔහුගේ සිරුරේ වතාවන් කිහිපයක දී ම පන්දුව ඉතා වැරෙන් වැඳීම නිසා නායක දිනේෂ් චන්දිමාල් එම ස්ථානයෙන් රොෂේන්ව වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

නිමා වූ නවසීලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ සවිමත් කරමින් අගනා ඉනිම කිහිපයක් දියත් කළ කුසල් මෙන්ඩිස්ගේ පිත්ත කැන්ගරු දේශයේ දී ක්‍රියාත්මක කිරීමට වරම් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළත් උද්ගතව ඇති තත්වය හමුවේ ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වේවි දැයි යන්න පිළිබඳ තවමත් ඇත්තේ අවිනිශ්චිතතාවකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<