සිවිල් ආරක්ෂකයින්, ගුවන් භටයන් හමුවේ පරාජය වේ

679

සුපිරි තිස් දෙදෙනාගේ වටයේ තවත් උද්වේගකර තරගයක්, සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර අද (21) කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී නිමාවට පත්විය. නියමිත කාලය නිමා වන විට ගෝල 1-1ක් ලෙස අවසන් වූ තරගයේ ජය පරාජය තීරණය කිරීම සඳහා දඬුවම් පහර වටයක් ක්‍රියාත්මක කළ අතර, එය 4:3ක් ලෙස නිමාවට පත්වූයේ ගුවන් හමුදා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි වෙමිනි.

ජය ලේක් හවුස්ට; අනෙක ජය පරාජයෙන් තොරයි

වෙළඳසේවා පාපන්දු තරගාවලිය හේතුවෙන් මෙම සතිය පුරාවටම සිටි ලීග් පාපන්දු සංකීර්ණය කාර්ය බහුල වූ අතර..

තරගය ආරම්භ වී කාලය ගත වී යන අතරතුර කණ්ඩායම් දෙකම සාර්ථක ආරම්භයන් ලබා ගනිමින් උද්වේගකාරීව ක්‍රීඩා කරනු දක්නට ලැබුනි. දේපිලේම ක්‍රීඩකයන් කෙමෙන් කෙමෙන් තම ආධිපත්‍ය තරගය පුරා පැතිර වීමට දැඩි උත්සාහයක යෙදෙනු දක්නට හැකිවිය.

කෙසේ නමුත් තරගයේ පළමු ගෝලය තම කණ්ඩායම ඉදිරියෙන් සටහන් කර ගැනීමේ අවස්ථාවක් සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායමේ මැදපෙල ක්‍රීඩක ප්‍රියංකර අතින් ගිලිහී ගියේ ගුවන් හමුදා ගෝල රකින ක්‍රීඩක රුවන් අරුණසිරිගේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසාවෙනි.

තරගයේ එතෙක් පැවති ගෝල නිහැඬියාව බිඳ දමමින් ගුවන් හමුදාවට තරගයේ ආධිපත්‍ය ලබා ගැනීමට ඩී. කේ. දුමින්ද විසින් දරනු ලැබූ උත්සාහය, ගෝල රාමුවේ හරස් කණුව මගින් වළක්වනු ලැබීය.

තරගයේ උණුසුම තවදුරටත් වැඩි කරමින් පළමු විනාඩි 30 නිමා වීමට පෙර සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායමේ ඩබ්. ඩී. ඩී. වීරමන් සහ සුරේශ් කුමාර හට කහ කාඩ්පත් අවවාද ලබා දීමට විනිසුරුවරයාට සිදු විය.

පළමු අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ඉතා දක්ෂ මෙන්ම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් ගුවන් හමුදා කණ්ඩායම තරගය හසුර වනු ලැබූ නමුත්, ඒවා ගෝල අවස්ථාවන් බවට පත් කර ගැනීමට සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායමේ පසුපෙල ක්‍රීඩකයෝ ඉඩ ලබා නොදුන්හ.

පළමු අර්ධය: ගුවන් හමුදාව 00 – 00 සිවිල් ආරක්ෂක සේවා බලකාය

දෙවන අර්ධය තුළ තම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව තවදුරටත් දියත් කිරීමේ අරමුණෙන් ගුවන් හමුදා පුහුණුකරු විසින් තරගයේ පළමු ක්‍රීඩක මාරුව සිදු කරනු ලැබූවේ, රොෂාන් ප්‍රනාන්දු, ලක්මාන් ගුණසිංහගේ ස්ථානය වෙත මාරු කරමිනි.

ගුවන් හමුදා ක්‍රීඩක කුමාර ලංකේසර කහ කාඩ්පත් අවවාදයකට ලක්වූයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසුවයි.

ගුවන් හමුදාවේ සුපිරි 16 දෙනාගේ වටයට යාම සඳහා වූ සියලු  බලාපොරොත්තු සුන් කරමින් සිවිල් ආරක්ෂක කණ්ඩායමේ ඒ. ආර්. වික්‍රමසිංහ විසින් පළමු ගෝලය තම කණ්ඩායම වෙත හිමි කර දෙන ලදි. ඔහු ඕෆ්සයිඩ් නීතිය උල්ලංඝණය කර ඇති බව පැහැදිලිව දක්නට ලැබුණු නමුත් පැති විනිසුරු ඒ බවක් දක්නට නොලැබුණු ආකාරයක් දක්නට ලැබීය. සිවිල් සේවා කණ්ඩායම සතු එක් ගෝලයක වාසියත් සමඟ තරගය තවදුරටත් ක්‍රියාත්මක විය.

තරගයේ උණුසුම ක්‍රීඩකයන් වෙත තදින්ම කා වැදී ඇති බවක් දක්නට ලැබුණේ 59 වන මිනිත්තුව නිමා වීමට පෙර සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායම් නායක එන්. යූ. මධුසංක හා ගුවන් හමුදා ක්‍රීඩක එස්. ගයාෂාන් යන දෙදෙනාටම කහ කාඩ්පත් අවවාද වලට ලක්වූ බැවිනි.

ගුවන් හමුදා කණ්ඩායමට නව බලාපොරොත්තු ගොන්නක් එකතු කරමින් දේවින්ද බණ්ඩාර තම කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කළේ තරගයේ ලකුණු සටහන 1:1ක් ලෙස සම කරමිනි.

ලබා ගත් ගෝලයත් සමඟින් නැවත තරගයට ප්‍රවිෂ්ට වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් පිට පිටම සිය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව දියත් කරන්නට විය. එල්ල වූ එම ආක්‍රමණ දරා ගනිමින් තරගය 90 වැනි මිනිත්තුව දක්වාම ගෝල 1-1 ක් ලෙස තරගය මෙහෙය වීමට සිවිල් ආරක්ෂක සේවා පසුපෙල සමත් විය.

අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීම නිසා දඬුවම් පහර වටය දක්වා යාමට විනිසුරුවන් තීරණය කරන ලදි.

දෙවන අර්ධය: ගුවන් හමුදාව 01 – 01 සිවිල් ආරක්ෂක සේවා බලකාය

ගුවන් හමුදා කණ්ඩායම වාර්තා කළ එකම ගෝලයේ හිමිකරුවා වූ දේවින්ද බණ්ඩාර, දඬුවම් පහර වටය ආරම්භ කරමින් එල්ල කළ පළමු පහර ගෝල රාමුවෙන් ඉවතට විසි වී ගියේ ගුවන් හමුදාවේ බලාපොරොත්තු බිඳ දමමිනි.

නමුත් එස්. ගයාශාන්, මධුශාන් පෙරේරා, දනිදු කුමාර යන ක්‍රීඩකයින් තමන් ලද අවස්ථා සාර්ථක කර ගනිමින් ගුවන් හමුදාවට දඬුවම් පහර 3:2ක් ලෙස ඉදිරියට ගෙන එන ලදි.

කුමාර ලංකේසර, ජීවන්ත ප්‍රනාන්දු, සුමේද ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් විසින් සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායමේ දඬුවම් පහර තුනම සාර්ථක කර ගනු ලැබුවේ තවත් දඬුවම් පහර තුනක් කණ්ඩායම ඉදිරියේ ඉතිරිව තිබිය දී ය.

ගුවන් හමුදාව සතු අවසාන දඬුවම් පහර කවිඳු ඉෂාන් විසින් සාර්ථක කර ගැනීම හේතුවෙන් සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායමට අවසන් දඬුවම් පහර අනිවාර්යයෙන්ම සාර්ථක කර ගත යුතුව පැවතුනි.

චරිඳු සම්පත් විසින් ලබා ගත් සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායමේ අවසාන දඬුවම් පහර, ගුවන් හමුදා ගෝල රකින ක්‍රීඩක රුවන් අරුණසිරි විසින් ගෝලය තුලට නොයෑමට වග බලා ගත් අතර තරගයේ ජය 4:3ක් ලෙස ගුවන් හමුදාවට හිමි විය.

දඬුවම් පහර වටය: ගුවන් හමුදාව 04 – 03 සිවිල් ආරක්ෂක සේවා බලකාය

ගෝල ලාභීන්:

  • සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායම: ඒ. ආර්. වික්‍රමසිංහ 56′
  • ගුවන් හමුදාව: දේවින්ද බණ්ඩා‍ර 74′

කහ කාඩ්පත් ලාභීන්:

  • සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායම: ඩී. ඩී. වීරමන් 22′, සුරේෂ් කුමාර 33′, එන්. යූ. මධුසංක 59′
  • ගුවන් හමුදා කණ්ඩායම: කුමාර ලංකේසර 51′, එල්. එස්. ගයාෂාන් 5

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට