ඉසුරුගේ ශතකය මොරටු මහා විද්‍යාලයට ජයගෙනෙයි

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

261
U19 Schools Cricket Tournament 2022/23

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ එක්දින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (11) නිමාවට පත්වුනා.

පළමු පෙළ Tier B කොටසේ පැවති එම තරගයෙන් මහනුවර සාන්ත සිල්වෙස්ටර් ක්‍රීඩකයින් පරදවා මොරටු මහා විද්‍යාල ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කළා.

පළමු පෙළ කොටසේ අද දිනයේ වැඩිම ලකුණු ලාභියා වූ ඉසුරු මිදර්ශන අගනා ශතකයක් රැස් කරමින් ලකුණු 113ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී එම කණ්ඩායමේ ඉසුරු නිදර්ශන ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා.

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කහන්ක වික්‍රමසිංහ ලකුණු 47ක් ලබා ගැනීමට සමත් වෙද්දී, මලිත් ලක්ෂාන්, අකිල වික්‍රමසිංහ, කවිශ්ක ඉමේෂ් සහ නිමේෂ සිල්වා අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

කෙටි ලකුණු පුවරුව

මොරටු මහා විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (Tier B)

  • මොරටු මහා විද්‍යාලය – 201 (48.3): ඉසුරු මිදර්ශන 113, දෙනෙත් සිතුමිණ 32, මලිත් ලක්ෂාන් 2/26, අකිල වික්‍රමසිංහ 2/27, කවිශ්ක ඉමේෂ් 2/29, නිමේෂ සිල්වා 2/46.
  • සාන්තර සිල්වෙස්ටර් විද්‍යාලය– 148 (46.1): කහන්ක වික්‍රමසිංහ 47, කාශ්‍යප දිසානායක 25, මලිත් ලක්ෂාන් 22, ඉසුරු නිදර්ශන 4/23.

මොරටු මහා විද්‍යාලයට ලකුණු 53ක ජයක්.

පාසල් ක්‍රිකට් පිටියේ ඉදිරි තරගවල තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<