අද (6) අවසන් වූ තරග වලින් පානදුර රාජකීය විද්‍යාලය ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙද්දී, රිච්මන්ඩ් විද්‍යාලය අවසන් 4 තුළ තම ස්ථානය රැක ගනිමින් ඉදිරියටම යාමට සමත් විය.

රසාංජනගේ ශතකය නිසා සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

ක්‍රිකට් ලොව දිග්විජය කළ විශිෂ්ටයින් රැසකගේ පළමු රංග පීඨය බවට පත්වුනු සුලෝහිත සංග්‍රාමයේ 88වැනි පරිච්ඡේදය අද (05) කොළඹ SSC පිටියේ දී නිමාව දුටුවේය.

මොරටුව මොරටු මහා විද්‍යාලය හා පානදුර රාජකීය විද්‍යාලය

සත්කාරක මොරටු විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 202කට සීමා වූ අතර, එහි දී විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට නිශාන් මදුසංක සමත් විය.

එම ඉනිමට පිළිතුරු ලෙස තම දෙවන ඉනිම දියත් කල පානදුර රාජකීයයන් ලකුණු 134ක් තුල සියල්ලන්ම දැවී යද්දී, නිලාන් ප්‍රනාන්දු එක් අන්තයක තනි වෙමින් ලකුණු 71ක් තම නමට ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් විය. එම ඉනිම සුනු විසුනු කල රශාන් ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ලකුණු 87ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි මොරටු විදුහල් ක්‍රීඩකයින්ගේ දෙවන ඉනිම නොසිතූ ලෙස බිඳලීමට එරන් හංසමාල් සමත් වූයේ කඩුලු 5ක් දවා ගනිමිනි.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 154 (65.4): නිලාන් ප්‍රනාන්දු 61, ප්‍රශාන් සිල්වා 31, ශෙහාන් ජීවන්ත 5/25, රශාන් කවිශ්ක 4/43

මොරටු විද්‍යාලය පළමු ඉනිම – 202/08 dec (58): නිශාන් මදුසංක 103, නදිත් මිශේන්ද්‍ර 40, මදුෂාන් ප්‍රනාන්දු 40, එරන් හංසමාල් 4/78, ඉමල්ක ප්‍රභාෂ්වර 2/18

රාජකීය විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 134 (44.5): නිලාන් ප්‍රනාන්දු 71, රශාන් ප්‍රනාන්දු 5/46, ජීවන්ත ප්‍රනාන්දු 3/27, නදිත් මිශේන්ද්‍ර 2/18

මොරටු විද්‍යාලය දෙවන ඉනිම – සියල්ලන්ම දැවී 83 (27.2): නිශාන් මදුශික 28, එරන් හංසමාල් 5/43, බනුර ප්‍රසන්ජිත් 4/18

සීමිත පන්දුවාර තරග,


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කල ත්‍රිත්ව විදුහල පරාජය කරමින් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය සමත් විය.

අරෝන් බුලත්සිංහල ක්‍රීඩා පිටියේ දී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ හසින්ත ජයසූරිය ලකුණු 86ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහු සමඟින් එක් වූ හසිත බෝයගොඩ ලකුණු 23 යි. පන්දු යැවීමේ දී දමිත සිල්වා හා කවීන් බණ්ඩාර කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කල මලියදේව පිතිකරුවන් තම ඉලක්කය සාර්ථකව අවසන් කරමින් තරගය ජයග්‍රහණය කල අතර, එහි දී පිත්තෙන් මූලිකත්වය ගත් දුලාජ් රණතුංග ලකුණු 86ක් තම ගිණුමට බැර කර ගත් අතර ඔහුට සහය දුන් ඩිල්ශාන් කොල්ලුරේ ලකුණු 46ක් ලබා ගැනීමට සමත් විය.

ත්‍රිත්ව විද්‍යාලය – සියල්ලන්ම දැවී 214 (45.5): හසින්ත ජයසූරිය 86, හසිත බෝයගොඩ 23, දමිත සිල්වා 3/25, කවින් බණ්ඩාර 3/32

මලියදේව විද්‍යාලය – 215/4 (33.1): දුලාජ් රණතුංග 86, ඩිල්ශාන් කොල්ලුරේ 46


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

දනංජය ලක්ෂාන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණය සමඟින් අලංකාර වූ මෙම තරගය මග්ගොන සරේ පිටියේ දී නිමාවට පත්වූයේ ලකුණු 68ක ජයග්‍රහණයක් සමඟින් රිච්මන්ඩ් විද්‍යාලයට මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට දොරගුළු විවර කර දෙමිනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කල රිච්මන්ඩ් විද්‍යාලයේ දනංජය ලක්ෂාන් ලකුණු 81ක් රැස්කර ගන්නා ලදි. අනෙක් අන්තයෙන් තම හැකියාව ප්‍රදර්ශනය කල කමිදු මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කලේය. පසිදු උශෙට්ටි කඩුලු 3ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ සචිදු කොළඹගේ ලකුණු 65ක් රැස්කර ගත්තේය. සංඛ පූර්ණ, පිටිය සිසාර පහර එල්ල කරමින්  ජයග්‍රහණය තම කණ්ඩායම වෙත ඈඳා ගැනීමට වෑයම් කල ද, එය ව්‍යර්ථ කරමින් අවිදු තීක්ෂණ කඩුලු 3ක් දවා ගන්නා ලදි. දනංජය හා තිලංග උදේශන කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.

රිච්මන්ඩ් විද්‍යාලය – සියල්ලන්ම දැවී 283 (49.1): දනංජය ලක්ෂාන් 81, කමිදු මෙන්ඩිස් 51, රවිශ්ක විජේසූරිය 34, කවිශ්ක අභිශේක් 27, අවිදු තීක්ෂණ 21, පසිදු උශෙට්ටි 3/47, සචිදු කොළඹගේ 2/47

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – සියල්ලන්ම දැවී 215 (46.1): සචිදු කොළඹගේ 65, සංබ පූර්ණ 42, දුශාන් ගුරුගේ 27, ලසිත කෘෘස්පුල්ලේ 20, අවිදු තීක්ෂණ 3/26, දනංජය ලක්ෂාන් 2/24, තිලංග උදේශන 2/64

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට