රිච්මන්ඩ් විද්‍යාලය සුපිරි තරගයක් දී ගොඩ යයි

270

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර තරගාවලියේ අද (30) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 2කින් පරාජය කළ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය එම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියාවට ලකුණු 6ක තියුණු ජයක්!

ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (29) පැවති සිව්වැනි එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 6ක තියුණු ජයක් හිමි වූ අතර තරග 5කින් සමන්විත…

ඊට අමතරව පැවැත්වුණු පාසල් මහා ක්‍රිකට් තරගවල දී මාතර සාන්ත තෝමස්, කටුගස්තොට රාහුල, කොළඹ අශෝක විද්‍යාලය ජයග්‍රහණය වාර්තා කරගත්තේය.

සීමිත පන්දුවාර අර්ධ අවසන් පූර්ව තරගය

රිච්මන්ඩ් විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාල නායක අශේන් ඩැනියෙල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමටත් පෙරාතුව සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 116ක් පමණි.

එහි දී සාන්ත ජෝසප් විද්‍යාල පාර්ශවයෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වන දිලේෂ් පෙරේරා ලකුණු 48ක් රැස්කරගත් අතර අනෙකුත් කිසිදු පිතිකරුවෙක් හට වැඩි ලකුණු අතරට පිවිසීමට අම්ෂි ද සිල්වා හා දිලුම් සුධීර සමත් විය. එහි දී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අම්ෂි කඩුලු 7ක් දවා ගන්නා ලදි.

ලකුණු 117ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුණු රිච්මන්ඩ් පිතිකරුවන් හට ද එම ඉලක්කය පහසුවෙන් හඹා යාමට සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩකයින් අවස්ථාව ලබා දුන්නේ නැත.  

කෙසේ නමුත් රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු පෙළ කඩුලු කිහිපය ඉක්මනින් බිඳ වැටෙන විට භානුක මනෝහර ඇතුළු පසුපෙළ පිතිකරුවන් රිච්මන්ඩ් විද්‍යාලයට කඩුලු 2ක තියුණු ජයක් ලබා දීමට අවශ්‍ය මඟ සකස් කළේය. නායක තවීෂ අභිෂේක් ලකුණු 20යි.

ඒ අනුව මේ තරගයේ ජයග්‍රහණය ලබා ගත් රිච්මන්ඩ් විද්‍යාලය හා වේල්ස් කුමාර විද්‍යාලය සිංගර් කුසලාන පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී එකිනෙකා මුණගැසෙනු ඇත. අප්‍රේල් මස 1 වැනිදා කොළඹ මුවර්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන එම තරගය ThePapare.com හරහා සජීවීව ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබේ.

සාන්ත ජෝසප් විද්‍යාලය – 116 (39.4): දිලේෂ් පෙරේරා 48, අම්ෂි ද සිල්වා 7/32, දිලුම් සුධීර 3/29.

රිච්මන්ඩ් විද්‍යාලය – 120/8 (36.4): භානුක මනෝහර 30, තවීෂ අභිෂේක් 20, අශේන් ඩැනියල් 4/27.

කළුතර විද්‍යාලයේ කවිඳු නායකත්වයේ වගකීම මැනවින් ඉටු කරයි

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර 61 වැනි වරට පැවති ‘මැංගුස් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමේ (දෙදින ක්‍රිකට් තරගයෙන්) කඩුලු 5ක විශිෂ්ට …

පාසල් මහා ක්‍රිකට් තරග

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය (රන් මහා සටන)

මහනුවර ප්‍රදේශයේ පැවැත්වෙන තවත් ප්‍රධාන පාසල් මහා ක්‍රිකට් තරගයක් වන මේ තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර කඩුලු 7ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී රාහුල විද්‍යාලය සමත් විය.

පිතිකරුවන්ට වැඩි වාසියක් අත්කර ගැනීමට නොහැකි වූ මේ තරගයේ දීත් පන්දු යවන්නන් වැඩි දස්කම් දක්වමින් කැපී පෙනීමට වූ අතර ශ්‍රී රාහුල විද්‍යාලයේ ඩිල්ශාන් අඹරගර හා අකාෂ් කාරියවසම් පිළිවෙළින් කඩුලු 5ක් හා කඩුලු 3ක් දවා ගත්තේ තරගයේ මුල සිටම ශ්‍රී රාහුල විද්‍යාලය පෙරමුණේ තබමිනි. අවසානයේ කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී සුමංගල විද්‍යාල ඉනිම ලකුණු 86කට සීමා විය.

ලකුණු 87ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී රාහුල විද්‍යාලය පන්දුවාර 33කුත් පන්දු 2ක් අවසානයේ එම ඉලක්කය සපුරා ගත්තේ මදුශාන් පරණවිතානගේ ද සහාය ඇතිවයි. කුෂාන් සෙනරත් ලකුණු 26යි.

ශ්‍රී සුමංගල විද්‍යාලය – 86 (34.3): ඩිල්ශාන් අඹරගර 5/07, අකාෂ් කාරියවසම් 3/25.

ශ්‍රී රාහුල විද්‍යාලය – 87/3 (33.2): මදුශාන් පරණවිතාන 30*, කුෂාන් සෙනරත්  26, ලහිරු බණ්ඩාර 2/29

රන් මහා සටනේ වාසිය ඩී. එස් අතට හැරෙයි

දිවයිනේ ප්‍රචලිත පාසල් ක්‍රිකට් මහා තරග අතර ඉදිරියෙන් සිටින කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය එකිනෙකා හා සටන්…

මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත සර්වේසස් විද්‍යාලය (19 වැනි රුහුණු නිල් මහා සටන)

19 වැනි වතාවටත් පැවැත්වුණු රුහුණු මහා නිල් සටන ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් පුෂ්පිත ඩිල්ශාන් 4 පහර 4ක් සමඟින් ලකුණු 51ක් වාර්තා කර ගන්නා විට ඔහුට සහාය වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ චිහාන් කළිඳු ලකුණු 39ක් වාර්තා කළේය. චේතක දෙනුවන් ලකුණු 34යි. පන්දු යැවීමේ දී චාමික රණසිංහ ලකුණු 31ක් තුල කඩුලු 33යි. අවසානයේ සාන්ත සර්වේසස් ලකුණු සටහන ලකුණු 231කට සීමා විය.

ලකුණු 232ක ඉලක්කයක් හඹා ගිය සාන්ත තෝමස් විද්‍යාලය ඔවුන්ගේ ඉනිමේ පළමු පන්දුවාරයේ සිටම යම් ඉලක්කයක් ඇතිව පන්දුවට පහර දුන්නේය. වොෂිත වත්සර (ලකුණු 40) ලබා ගත් ආරම්භය තරගයේ අවසානය දක්වා රැගෙන ගිය සුරංග ලක්ෂාන් හා  හිරුෂ ජීවජිත් නොදැවී පිළිවෙළින් ලකුණු 45*ක් හා ලකුණු 44*ක් රැස්කරගෙන 19 වැනි රුහුණු නිල් මහා සටනේ ජයග්‍රහණය සිය විද්‍යාලයේ නම ඉදිරියෙන් සටහන් කළේය. ගිශාන්තික ජයවීර ලකුණු 38යි.

සාන්ත සර්වේසස් විද්‍යාලය  – 231 (49.2): පුෂ්පිත ඩිල්ශාන් 51, චිහාන් කළිඳු 39, චේතක දෙනුවන් 34,  චාමික රණසිංහ 3/31.

සාන්ත තෝමස් විද්‍යාලය  – 234/5 (44.3): සුරංග ලක්ෂාන් 45*, හිරුෂ ජීවජිත් 44*, වොෂිත වත්සර 40, ගිශාන්තික ජයවීර 38, මිහිසල් අමෝද 20.

21 වසරකට පෙර එංගලන්තය දණින් වැට්ට වූ ශ්‍රී ලාංකිකයෝ

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැයි 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතයි. එංගලන්ත භූමියේ දී මීට වසර විසි එකකට පෙර ලබා…

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා කොළඹ අශෝක විද්‍යාලය (13 වැනි රත්තරන් සටන)

ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වුණු මෙම තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට අශෝක විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ජනාධිපති විද්‍යාලය සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 85ක් වන අතර එය හඹා ගිය අශෝක විද්‍යාලය පන්දුවාර 23කුත් පන්දු 5ක් අවසානයේ සිය ජයග්‍රහණය සපුර ගන්නා ලදි.

Photos: Asoka College vs President’s College Kotte – 13th One day Encounter

මේ තරගයේ දී පිතිකරුවන්ට සාපේක්ෂව පන්දු යවන්නෝ වැඩි දස්කම් දැක්වූ අතර එහි දී අශෝක විද්‍යාලයේ විහඟ ශමිල්ක හා රාහුල් චන්ද්‍රසේකර පිළිවෙළින් කඩුලු 5ක් හා කඩුලු 4ක් දවා ගත්තේය.

ජනාධිපති විද්‍යාලය  – 85 (25.4): විහඟ ශමිල්ක 5/14, රාහුල් චන්ද්‍රසේකර 4/10.

අශෝක විද්‍යාලය – 89/5 (23.5): අනුක් පසඳුල් 23*, ඉරංග හෂාන් 3/24.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<