21 වසරකට පෙර එංගලන්තය දණින් වැට්ට වූ ශ්‍රී ලාංකිකයෝ

605
Cover Photo : The Cricketer

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැයි 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතයි. එංගලන්ත භූමියේ දී මීට වසර විසි එකකට පෙර ලබා ගත් ජයග්‍රහණයක් පිළිබඳව ඔබේ මතකය අලුත් කරන්නට අද අපි තීරණය කළා.

1998 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරයක යෙදුණේ ටෙස්ට් තරඟයකට මෙන්ම තුන්කොන් එක්දින තරගාවලියකට සහභාගී වීමට. මෙම තුන්කොන් එක්දින තරගාවලියට ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම නිල නොලත් ලෝක ශූරයින් ලෙස හැඳින්වුණු දකුණු අප්‍රිකාවත්, සත්කාරක එංගලන්තයත් තරග වැදුණා.

එමිරේට්ස් සමාගම අනුග්‍රාහකත්වය දැරූ මෙම තරගාවලිය එංගලන්ත භූමියේ දී වර්ණ ඇඳුමින් යුතුව පැවැත්වුණ ප්‍රථම එක්දින තරගාවලිය බවට වාර්තා පොත් අතරට එක්වුණා.

මෙම තරගාවලියේ මූලික වටයේ ආකෘතිය වූයේ එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම දෙක සමඟ එක් වතාවක් ක්‍රීඩා කිරීමයි.

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික විරුවා

“1981 වසරේ පෙබරවාරි පළමු වැනිදා සවස 5.42ට සිදු වූ එම සිදුවීම මම අදටත් විශ්වාස කරන්නේ නවසීලන්ත

  • දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව

එමිරේට්ස් තුන්කොන් තරගාවලිය ආරම්භ කරමින් මුල්ම තරගයට එක්වූයේ ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් නිල නොලත් ලෝක ශූරයින් ලෙස හැඳින්වුණු දකුණු අප්‍රිකානු කණ්ඩායම.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායක හැන්සි ක්‍රෝන්ජේගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවන් දෙදෙනා සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ පළමු කඩුල්ලට පන්දුවාර එකොළහක් ඇතුළත වේගවත් ලකුණු 85ක් එක් කළා. මැද පෙළ යම් කඩා වැටීමක් තිබුනත් අර්ජුන රණතුංගගේ වටිනා අර්ධ ශතකය නිසා ලකුණු 258ක් දක්වා තම ලකුණු පුවරුව ඉහල දමා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනා.

ලකුණු 259ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ගේ පළමු කඩුලු හතර ලකුණු 32ක් ඇතුළත ක්‍රීඩාගාරයට හරවා යවන්නට ශ්‍රී ලාංකික පන්දු යවන්නන් සමත් වුනා. ඉන් වඩාත්ම තර්ජනාත්මකව පන්දු යැවූ ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ බිඳ වැටුණු කඩුලු හතරෙන් තුනකටම වගකියනු ලැබුවා. ජොන්ටි රෝඩ්ස් මෙන්ම පැට් සිම්කොක්ස් තර්ජනාත්මකව පන්දුවට පහර දෙමින් අර්ධ ශතක ලබා ගත් නමුත් පන්දුවාර 49ක් තුළ දකුණු අප්‍රිකානුවන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 201ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 30කට කඩුලු තුනක් දවා ගත් ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ තරගයේ වීරයා ලෙස තෝරා ගනු ලැබුවා.

  • එංගලන්තය සහ ශ්‍රී ලංකාව

තරගාවලියේ ලෝඩ්ස් හි පැවති ඊළඟ තරගය ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් ලබන්නට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුනා. තරගයෙ මුලින් පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 49.3ක දී සියලු දෙනා දැවී ලකුණු 247ක් රැස් කළා. ග්‍රැහැම් හික් සහ ඇලෙක් ස්ටුවර්ට් ශතක වාර්තා කර ගත් එංගලන්ත ඉනිම වරෙක දිස්වුනේ කඩුලු තුනක් දැවී ලකුණු 223ක් ලෙසයි. සනත් ජයසූරියගේ තර්ජනාත්මක පන්දු යැවීම හේතුවෙන් එංගලන්ත මැදපෙළ සහ පසුපෙළ ඉතා ඉක්මනින් බිඳ වැටුණා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු තුන මුල්ම පන්දුවාර පහ ඇතුළත ක්‍රීඩාගාරයට හරවා යවන්නට එංගලන්ත වේගපන්දු යවන්නන් සමත් වුනා. මුත්තයියා මුරලිදරන් ඇතුළු පසුපෙළ පිතිකරුවන්ගේ දායකත්වය නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුවට යම් ගෞරවනීය බවක් ලැබුණා. පන්දුවාර 49.3 තුනක් ඇතුළත සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි.

  • එංගලන්තය සහ දකුණු අප්‍රිකාව

තරගාවලියේ තෙවැනි තරගය පැවැත්වුණේ සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. මේ තරගයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් සිය පන්දුවාර පනහ තුළ දී කඩුලු හතක් දැවී ලකුණු 244ක් ලබා ගත්තා. නැවත වතාවක් පිත්තෙන් සාර්ථක වූ පැට් සිම්කොක්ස් අර්ධ ශතකයක් වාර්තා කර ගත්තා.

විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ එක්තරා සුවිශේෂී සංධිස්ථානයක්. මෙම අවසාන මහා

දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව හඹා එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 230ක් පමණයි. එංගලන්තය වෙනුවෙන් ග්‍රැහැම් හික් සහ නික් නයිට් අර්ධ ශතක වාර්තා කර ගත්තා. කණ්ඩායම් තුනම එක් තරගය බැගින් ජය ගත්තත් දල ලකුණු වේගය මත අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායමයි.

  • ශ්‍රී ලංකාව සහ එංගලන්තය (අවසාන මහා තරගය)

අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. තරගාවලියේ කිසිදු කණ්ඩායමක් දෙවනුව පන්දුවට පහර දී ජයගෙන තිබුණේ නැහැ. එංගලන්ත නායකයාගේ තීරණය නිවැරදි බව පසක් කළ එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 132ක් එක් කළා. නමුත් මුත්තයියා මුරලිදරන්ගේ දඟපන්දු හමුවේ අසරණ වූ එංගලන්ත පිතිකරුවන්ට සිය පන්දුවාර පනහ ඇතුළත ලබා ගත හැකි වූයේ කඩුලු අටක් දැවී ලකුණු 256ක් පමණයි. එංගලන්ත ඉනිම වෙනුවෙන් මයිකල් ඇතර්ටන් සහ නික් නයිට් අර්ධ ශතක වාර්තා කර ගත් නමුත් වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වන්නට ඉඩකඩ ලැබුණේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලෙස සනත් ජයසූරිය පළමු පන්දු වාරයේ දී ම දැවී ගියා. ඉන් අනතුරුව දෙවන කඩුල්ලට ලකුණු 140ක සම්බන්ධතාවයක් ඇති කරන්නට රොමේෂ් කළුවිතාරණ සහ මාවන් අතපත්තු සමත් වුනා. විටින්විට කඩුලු දැවී ගියත් කඩුලු පහක් දැවී තම ජයග්‍රාහි ඉලක්කය පසුකර යන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මාවන් අතපත්තු නොදැවී ලකුණු 132ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කර තිබුණා.

අවසාන තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු පහක් දවා ගත් මුත්තයියා මුරලිදරන් තරගයේ වීරයා බවට පත්වුනා. අවසන් තරගයේ දී අනපේක්ෂිත ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගිය මාවන් අතපත්තු තරගාවලියේ වීරයා බවට තෝරාගනු ලැබුවා.

එමිරේට්ස් තුන්කොන් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක් ටෙස්ට් තරගයක් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණ අතර එම තරගය ඉතා පහසුවෙන් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මෙම තරගාවලි ජයග්‍රහණ 1999 ලෝක කුසලානය ගැන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ඇති කළේ නැවුම් බලාපොරොත්තු. නමුත් ඉතාම අභාග්‍යසම්පන්න ලෙස ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ආපසු හැරී එන්නට එවකට ලෝක ශූරයින් වූ ශ්‍රී ලංකාවට සිදු වුනා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<