කළුතර විද්‍යාලයේ කවිඳු නායකත්වයේ වගකීම මැනවින් ඉටු කරයි

381

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර 61 වැනි වරට පැවති ‘මැංගුස් හටන’  වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමේ (දෙදින ක්‍රිකට් තරගයෙන්) කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කළුතර විද්‍යාලය අද (30) සමත් විය.

​මැංගුස් සටන් ඉතිහාසය වෙනස් කරන්නට සූදානම් වන 61 වැනි හටන

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 29 සහ 30 දෙදින මග්ගොන සරේ….

ඊයේ (29) විද්‍යාලය දෙක අතර තරගය මග්ගෝන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනා ගත් කළුතර විද්‍යාල නායක කවිඳු ජයවික්‍රම මුලින්ම පන්දු රැකීම තෝරා ගත්තේය.

ඒ අනුව කළුතර තිස්ස විද්‍යාල පළමු ඉනිම පන්දුවාර 47ක් තුල ලකුණු 145කට සීමා කිරීමට කළුතර විද්‍යාලයීය පන්දු යවන්නන් සමත් විය.

තිස්ස ඉනිම වෙනුවෙන් වැඩිම දායකත්වය දැක්වූ පිතිකරුවා වෙමින් කෝසල රවිඳු ලකුණු 47ක් රැස් කළ අතර, අශේන් චනුල සහ ඔෂේන් මිනෝද් පිළිවෙළින් ලකුණු 30ක් සහ 21ක් වාර්තා කළහ. තිස්ස ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට නවතා දැමීමේ වගකීම කරට ගත් නායක කවිඳු ජයවික්‍රම ප්‍රතිවාදී කඩුලු 5ක් ලකුණු 51ක් පමණක් ලබා දෙමින් දවා ගත්තේය. ඊට අමතරව අවිශ්ක ලක්ෂාන් ලකුණු 31ක් ලබා දී කඩුලු 3ක් බිඳ දැමීය.

Photos: Kalutara Vidyalaya vs Tissa Central College | 61st Battle of The Mangosteen

අනතුරුව කළුතර විද්‍යාලය සිය පළමු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසිය ද ඔවුන්ට ද බලාපොරොත්තු වූ මට්ටමේ පිතිකරණ දක්ෂතා අතරට පැමිණිමට නොහැකි විය. ඒ අනුව කළුතර පළමු ඉනිම පන්දුවාර 48 පන්දු 3ක් තුල ලකුණු 161කට සීමා විය. එහි දී තරගයේ වාර්තා වූ පළමු අර්ධ ශතකය වාර්තා කරමින් කළුතර පිලේ ක්‍රිෂාන් විරංග ලකුණු 50ක් රැස් කළ අතර සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 40 සීමාව පසුකර යාමට නොහැකි විය.

කෙසේ වෙතත් කළුතර ඉනිමට බලාපොරොත්තුවක් එක් කරමින් මිෂාර ප්‍රනාන්දු ලකුණු 31ක් සහ සුබෝධ වනිගසිංහ ලකුණු 23ක් කළුතර විද්‍යාල ලකුණු පුවරුවට එක් කළහ.

ගුවන්, පොලිස්, නැවියන් සහ පානදුර සමසේ සතුටු වෙති

ශ්‍රි ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ පසුගිය (27) වැනිදා ආරම්භ වූ තරග 4ක් ඊයේ (29) නිමාවට පත් විය. එයින් ගාල්ල සහ කළුතර ක්‍රීඩා සමාජ අතර පැවති තරගයෙන්….

තිස්ස විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රොෂාන් සංජය ලකුණු 44කට කඩුලු 4ක් සහ අෂේන් නවංජන කඩුලු 3ක් ලකුණු 28කට බිඳ දැමූහ.

අනතුරුව ලකුණු 16ක් ද පිටුපසින් සිට තිස්ස පිතිකරුවන් සිය දෙවන ඉනිම ආරම්භ කළ නමුත්, දෙවන ඉනිමේ දී පළමු ඉනිමට වඩා පසුබෑමකට ලක් වීමට ඔවුන්ට සිදු විය. ඒ අනුව තිස්ස දෙවන ඉනිම ලකුණු 126කට සීමා වුණේ පන්දුවාර 35ක් තුල දී ය. තිස්ස ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ එරන්ද දෙව්මිත් ලකුණු 33ක් සහ දර්ශ මදුශංක ලකුණු 32ක් රැස් කළ නමුත් සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට කළුතර පන්දු යවන්නන් ඉඩ සැලසුවේ නැත.

විශ්මික කොස්තා දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 15කට කඩුලු 4ක් සහ නැවත වරක් ක්‍රියාත්මක වූ නායක කවිඳු ජයවික්‍රම ලකුණු 43ක් ලබා දී කඩුලු 3ක් බිඳ දැමීය.

ඒ අවසරයෙන් කළුතර විද්‍යාලයට 61 වැනි ‘මැංගුස් හටන’ තමන් නමින් ලියවා ගැනීමට ලකුණු 111ක ඉලක්කයක් හිමි විය. ඒ අනුව කළුතර විද්‍යාලයීය ක්‍රීඩකයන් පන්දුවාර 28යි එක් පන්දුවක් පමණක් වැය කර කඩුලු 5ක් දැවී තිබිය දී ලකුණු 114ක් ලබා ගනිමින් නියමිත ඉලක්කය පසුකර යාමට සමත් විය. මැංගුස් හටනේ ජය ඉක්මන් කරමින් ඒ වෙනුවෙන් වවිදු සිල්වා ජයග්‍රහණය තෙක් පිටියේ රැඳෙමින් ලකුණු 57ක් රැස් කිරීම කැපී පෙනුණි.

මෙවර පැවති 61 වන මැංගුස් හටනේ ජයත් සමඟින් මේ වන විට කළුතර විද්‍යාලය තරග 23ක් ජයගෙන ඇති අතර, තිස්ස විද්‍යාලය ජයගෙන ඇත්තේ තරග 6ක් පමණි. මීට අමතරව තරග 31ක් ජය පරාජයෙන් තොරව නිමාව දැක තිබේ.

රන් මහා සටනේ වාසිය ඩී. එස් අතට හැරෙයි

දිවයිනේ ප්‍රචලිත පාසල් ක්‍රිකට් මහා තරග අතර ඉදිරියෙන් සිටින කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය එකිනෙකා හා සටන්…

කළුතර තිස්ස විද්‍යාල පළමු ඉනිම: සියල්ලන් දැවී 145 (47) කෝසල රවිඳු 47, අශේන් චනුල 30, ඔෂේන් මිනෝද් 21, කවිඳු ජයවික්‍රම 5/51, අවිශ්ක ලක්ෂාන් 3/31

කළුතර විද්‍යාල පළමු ඉනිම: සියල්ලන් දැවී 161 (48.3) ක්‍රිෂාන් විරංග 50, මිෂාර ෆර්නැන්ඩෝ 31, සුබෝද වනිගසිංහ 23, රොෂාන් සංජය 4/44, අෂේන් නවංජන 3/28, හේෂාන් උමිංද 2/31

කළුතර තිස්ස විද්‍යාල දෙවන ඉනිම: සියල්ලන් දැවී 126 (35) එරන්ද දෙව්මිත් 33, දර්ශ මදුශංක 32, විශ්මික කොස්තා 4/15, කවිඳු ජයවික්‍රම 3/43, දිලීෂ් අරුණෝද්‍යය 2/22

කළුතර විද්‍යාල දෙවන ඉනිම: කඩුලු 5ක් දැවී 114 (28.1) වවිදු සිල්වා 57*, හේෂාන් දුමින්ද 2/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<