පළමු ඉනිමේ ජයග්‍රහණ රැසක් සමඟ දිනය නිමා වෙයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20 

98

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (30) දින නිමා විය. එහිදී නාලන්දා විද්‍යාලය, මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගත්හ. 

පිතිපෙළ කඩා වැටෙද්දී සිම්බාබ්වේ ග්‍රහණය දැඩිවෙයි

තරගාවලි ජයක් පිලිබඳ සුබ සිහින දකිමින් සිටි ශ්‍රී ලංකා පිළට මරු පහරක් එල්ල වූ දිනයක් ලෙස අද (29) හරාරේ හිදී ක්‍රියාත්මක…..

  • සාන්ත තෝමස් විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය (සුහද තරගය)

නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ මෙම තරගය සාන්ත තෝමස් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී පැවති අතර කාසියේ වාසිය දිනා ගත් නාලන්දා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ගවින් බොතේජු ලකුණු 69ක් රැස්කර ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර චමෝද්‍ය රාජපක්ෂ ලකුණු 57කට කඩුලු 4ක් දවා ගනිමින් සාන්ත තෝමස් පළමු ඉනිම ලකුණු 235කට සීමා කිරීමට සහාය වූයේය.

එයට පිළිතුරු ඉනිම දියත් කළ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් නායකත්වයේ පිතිකරණයක නිරත වූ අවිශ්ක පෙරේරා ශතකයක් වාර්තා කර ගනිමින් සිය විද්‍යාලයට පළමු ඉනිමේ ජය හිමිකර ගැනීම සඳහා අවශ්‍ය මඟ සකස් කළේය. රෂාන් දිසානායක අර්ධ ශතකයක් රැස්කර ගනිමින් සිය දායකත්වය දැක්විය. 

තරගයේ දෙවන සහ අවසන් දිනය නිමා වන විට සිය පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස්කර ගෙන සිටියහ. 

සාන්ත තෝමස් විද්‍යාලය : 235 (71) ගවින් බොතේජු 69, උමයංග සුවාරිස් 46, කනිස්ටන් ගුණරත්නම් 28, චමෝද්‍ය රාජපක්ෂ 4/57, රනිඳු ද සිල්වා 2/27, දිනෙත් සමරවීර 2/40. 158/3 (34) ගවින් බොතේජු 62*, රයන් ප්‍රනාන්දු 45. 

නාලන්දා විද්‍යාලය : 299 (88) අවිශ්ක පෙරේරා 104, රශාන් දිසානායක 67, මහීම වීරකෝන් 42, රවීන් ද සිල්වා 33, තෙවින් ඊරියගම 2/39, යසිරු රොද්‍රිගෝ 2/68, දිල්මින් රත්නායක 2/81. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජය)

ත්‍රිත්ව විද්‍යාලය ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (29) දින නිමා විය.

  • මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

අර්ධ ශතක 4ක් සහ කඩුලු 5 අවස්ථාවක් වාර්තා වූ මෙම තරගයේ පළමු ඉනිම ජය ගැනීමට සාන්ත සර්වේසස් විද්‍යාලය සමත් විය. කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේසස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. 

චිහාන් කළිඳු, මදුශාන් ද සිල්වා සහ චේතක දෙනුවන් යන පිතිකරුවන්ගේ අර්ධ ශතක වලින් වර්ණවත් වූ මෙම තරගයේ දී පළමු ඉනිම දියත් කළ සාන්ත සර්වේසස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 278ක් වාර්තා කර ගන්නා ලදි. එහිදී සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් ශෂික බස්නායක ලකුණු 89කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ වාර්තා වූ එකම කඩුලු 5 අවස්ථාව සඳහා හිමිකම් කීවේය. 

මලීෂ සිල්වා නොදැවී අර්ධ ශතකයක් රැස්කර ගනිමින් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා දීමට අවශ්‍ය අඩිතාලම සකස් කිරීමට වැයම් කළත් ඒ සඳහා ඔවුන්ගේ අනෙක් පිතිකරුවන්ගෙන් නිසි සහයක් නොලැබිනි. එම නිසා ලකුණු 101ක පරතරයක් තබා ගනිමින් පළමු ඉනිම අවසන් කිරීමට ඔවුන්ට සිදුවිය. ඉනිමක ජයක් අපේක්ෂා කළ සාන්ත සර්වේසස් විද්‍යාලය සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට නැවතත් ඔවුන්ගේ දෙවන ඉනිම දියත් කිරීම සඳහා අවස්ථාව ලබා දුන් නමුත් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගැලවීමට සමත් විය. 

සාන්ත සර්වේසස් විද්‍යාලය : 278 (76) චිහාන් කළිඳු 68, මදුශාන් ද සිල්වා 53, චේතක දෙනුවන් 51, පුෂ්පිත ඩිල්ශාන් 47,  ශෂික බස්නායක 5/89. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : 177 (74.3) මලීෂ සිල්වා 53*, චන්දුල ජයකොඩි 38, අභිෂේක් කුමාර් 25, දමිඳු සංකල්ප 4/43, මදුශාන් ද සිල්වා 3/41, කොකුම් ඉන්ඳුම 3/58. සහ (F/O) 83/6 (40) මලිත් ලක්ෂාන් 28, දනංජය අමරසිංහ 3/31, චිරාත් නෙත්සරු 2/20. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (සාන්ත සර්වේසස් විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 

  • වෙස්ලි විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. සාහිල් ඩයස් පළමු ඉනිමේ දී වාර්තා කළ අර්ධ ශතකය සවියක් කර ගනිමින් වෙස්ලි විද්‍යාලය ලකුණු 212ක් රැස්කර ගත්හ. 

ඊට පිළිතුරු දුන් සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 315ක් රැස්කර ගනිමින් ලකුණු 103ක පළමු ඉනිමේ වාසියක් ලබා ගත්හ. සචිර රශ්මික, හිරන්ත ලක්ෂාන් සහ හරිඳු ජයසේකර යන තිදෙනාම අර්ධ ශතක වාර්තා කර ගනිමින් දස්කම් දැක්වූ නිසා ඔවුන්ට මෙම පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට හැකි විය. 

තේනුක පෙරේරා ලකුණු 72කට කඩුලු 5ක් දවාගනිමින් සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම මෙවැනි මට්ටමකට හෝ සිමා කිරීමට සිය හැකි දායකත්වය දැක්විය. 

තරගය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි වෙස්ලි විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 61ක් රැස්කර ගෙන සිටියදී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය. කෙසේ නමුත් මෙම තරගයේ පළමු ඉනිමේ ජය හිමිකර ගත්තේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයයි. 

වෙස්ලි විද්‍යාලය : 212 (86.1) සාහිල් ඩයස් 56, නිම්තක ඉඳුවර 27, සචිර රශ්මික 7/62. සහ 61/2 (19) සාහිල් ඩයස් 35. 

සාන්ත තෝමස් විද්‍යාලය : 315 (82.4) සචිර රශ්මික 78, හිරන්ත ලක්ෂාන් 58, හරිඳු ජයසේකර 56, තේනුක පෙරේරා 5/72, දෙනුවන් මෙන්ඩිස් 3/29. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජය)

පළමු දිනය වෙනුවෙන් පැවති තරග හෙට (31) දිනයේ දී දෙවන දිනය වෙනුවෙනුත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<