හසිත බෝයගොඩ සුපිරි පිතිකරණයක

713

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පරාජය කළ මොරටුව මහා විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය පරාජය කළ නාලන්ද විද්‍යාලය අද (3) අවසන් වූ පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

ඊට අමතරව අවසන් වූ අනෙක් තරගවලින් සාන්ත සෙබස්තියන්, රාජකීය, ආනන්ද සහ වෙස්ලි විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

ජයග්‍රහණය මහින්ද, සාන්ත ආනා සහ මහානාම විදුහල්වලට

ගාල්ල මහින්ද විද්‍යාලය විසින් ලුම්බිණි විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 62කින් පරාජය කළ අද (2) දිනය තුළ අවසන් වූ තරගවල දී මහානාම විද්‍යාලය හා සාන්ත…

නාලන්ද විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස නාලන්ද පිටියේ දී අවසන් වූ මෙම තරගයෙන් නාලන්ද විද්‍යාලයට ඉනිමක හා ලකුණු 29ක ජයක් හිමි විය.

නාලන්ද විද්‍යාලය ලබාගත් ලකුණු 300ට පිළිතුරු ලෙස ධර්මරාජ විද්‍යාලය රැස්කළේ ලකුණු 90කි. පසුව යළිත් පිතිකරණයට පිටියට පිවිසි ධර්මරාජ ක්‍රීඩකයින් යළිත් වතාවක් පිතිකරණයෙන් අසාර්ථක විය. ලක්ෂිත රසාංජන තරගය පුරාවට හොඳින් දස්කම් දක්වන ලදි.

නාලන්ද විද්‍යාලය – 301/8d (69.3): ලක්ෂිත රසාංජන100, අවිශ්ක ප්‍රනාන්දු 54, සුහඟ විජේවර්ධන 45.

ධර්මරාජ විද්‍යාලය – 90/10 (36): දුලාජ් බණ්ඩාර 20, චමින්ද විජේසිංහ 4/28, උමේෂ්ක ඩිල්ශාන් 3/10.

ධර්මරාජ විද්‍යාල දෙවන ඉනිම (F/O) – 182/10 (70.2): බවන්ත උඩනගමුව 46, කසුන් ගුණවර්ධන 31, සචින්ත සේනානායක 26, ලක්ෂිත රසාංජන 4/33.


බණ්ඩාරනායක විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

බණ්ඩාරගම මහජන ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ මේ A කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බණ්ඩාරනායක විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත විය. මොරටු මහා විද්‍යාලයේ පන්දු හමුවේ බණ්ඩාරනායක පළමු ඉනිම ලකුණු 98ක් වැනි අවම ලකුණකට සීමා විය. නජිත මිශේන්ද්‍ර කඩුලු 3යි.

බණ්ඩාරනායක දෙවන ඉනිම ද ලකුණු 87කට සීමා කළ රශාන් ප්‍රනාන්දු හා නදිත් මිශේන්ද්‍ර කඩුලු 3 බැගින් දවා ගත්තේ සිය විද්‍යාලයට විශිෂ්ට ජයක් ගෙන එමිනි.

බණ්ඩාරනායක විද්‍යාලය – 98/10 (27.1): හචිත තිමාල් 27, රෂාන් ප්‍රනාන්දු 3/18, නජිත මිශේන්ද්‍ර 3/28.

මොරටු මහා විද්‍යාලය – 178/10 (45): නිශාන් ප්‍රනාන්දු 62, ශෙසඳ සොයිසා 34, නදීත් මිශේන්ද්‍ර 29, අරෝෂ මදුශාන් 8/48.

බණ්ඩාරනායක විද්‍යාල දෙවන ඉනිම – 87/10 (27.1): නදිත් මිශේන්ද්‍ර 3/21, රශාන් ප්‍රනාන්දු 3/21.

මොරටු මහා විද්‍යාල දෙවන ඉනිම  – 10/2 (1.5):

තරග ප්‍රතිඵලය – මොරටු මහා විද්‍යාලයට කඩුලු 8ක ජයක්

ශ්‍රී ලංකාව ලකුණු 700 පසුකර යයි; බංග්ලාදේශය අවදානමක

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ හය වැනි වතාවටත් ලකුණු 700 සීමාව ඉක්මවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු…

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සාන්ත බෙනඩික්ට් විදුහල් පිටියේ දී අවසන් වූ මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් විය.

ටශික පෙරේරා හා තරුෂ ප්‍රනාන්දු දෙපළ අර්ධ ශතක ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 305ක් දක්වා රැගෙන ගියේය. අනතුරුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. කවීශ ජයතිලක කඩුලු 3යි. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තරගය අවසන් වන විට කඩුලු ක් දැවී ලකුණු 240ක් ලබාගෙන තිබුණේ ශෙහාන් ප්‍රනාන්දු හා ශනිල් ප්‍රනාන්දු නිසාවෙනි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 135/10 (44.5): කවිශ ජයතිලක 54, නිසල්ක දුලාජ් 23, ප්‍රවීන් ජයවික්‍රම 5/44

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 305/9d (61.3): ටශික පෙරේරා 80*, තරුෂ ප්‍රනාන්දු 64, ගිහාන් සේනානායක 42*, නිෂිත අභිලාෂ් 34, කවිශ ජයතිලක 3/63.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල දෙවන ඉනිම – 240/8 (78): ශෙහාන් ප්‍රනාන්දු 79, ශනිල්ක නිර්මාල් 55, තෙනුක නන්දලාල් 34, කවීශ ජයතිලක 33, ප්‍රවීන් ජයවික්‍රම 3/70.


වෙස්ලි විද්‍යාලය හා ධර්මපාල විද්‍යාලය

ඊයේ දිනය අවසන් වන විට ධර්මපාල විද්‍යාල ලකුණු පුවරුව කඩුලු 2ක් දැවී ලකුණු 73යි. නමුත් ශෙනාල් දංගල්ල හා සකුන්ත ලියනගේ ධර්මපාල විද්‍යාල කඩුලු 6ක් දවාලමින් සිය විද්‍යාලය ලකුණු 218 සීමාව දක්වා රැගෙන යන ලදි. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් එහි පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට වෙස්ලි විද්‍යාලය සමත් විය.

වෙස්ලි විද්‍යාලය – 300/9d (75.3): මොවින් සුබසිංහ 71, සකුන්ත ලියනගේ 55*, ශෙනාල් දංගල්ල 44, රාහුල් ගුණසේකර 41, තනුක පෙරේරා 30,  ශසික ද සිල්වා 4/76.

ධර්මපාල විද්‍යාලය –  218/10 (71.2): අමිල දයානායක 38, කසුන්ත පිරිස් 36, දුලාජ් එගොඩගේ 35, ශෙනාල් දංගල්ල 3/44, සකුන්ත ලියනගේ 3/46.

වෙස්ලි විද්‍යාල දෙවන ඉනිම -185/9 (41): ශෙනාල් දංගල්ල 51, තෙනුක පෙරේරා 41, චමිඳු සමරසිංහ 7/65.

සාන්ත පීතර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය

රාජකීය පිටියේ දී කාසියේ වාසිය දිනාගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වූ අද දිනය ආරම්භ වන විට රාජකීය ලකුණු පුවරුව 22/0ක් ලෙස දිස්විය.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් කමිල් මිශාර ශතකයක් ලබාගන්නා විට පසිඳු සූරියබණ්ඩාර අද දිනයේ දී අර්ධ ශතකයක් ලබාගන්නා ලදි. රාජකීය විද්‍යාලය තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කළ පසුව සිය ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 106යි.

සාන්ත පීතර විද්‍යාලය – 262/9d (84.4): රන්මිත් ජයසේන 66, ශාලිත් ප්‍රනාන්දු 51, සචින් සිල්වා 42, සුලක්ෂණ ප්‍රනාන්දු 33, තෙමාල් බණ්ඩාර 3/57, මනුල පෙරේරා 3/61

රාජකීය විද්‍යාලය –  282/10 (73.4): කමිල් මිශාර 102, පසිඳු සූරියබණ්ඩාර 50, භාග්‍ය දිසානායක  37, සරල ගුණතිලක 26, මොහොමඩ් අමීන් 6/94.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 106/3 (34.2): දිනිත අංජුල 48, සුලක්ෂණ ප්‍රනාන්දු 35*


ආනන්ද විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි වූ මෙම තරගයේ දෙවන දිනය ආරම්භ වන විට ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 55ක් ලබාගෙන සිටියේය. අසේල සිගේරාගේ කඩුලු 6 නිසාවෙන් ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජය අහිමි විය. කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 211ක් ලබාගත් ආනන්ද විද්‍යාලයට එරෙහිව ක්‍රියාත්මක වූ හසිත බෝයගොඩ ත්‍රිත්ව දෙවන ඉනිම වෙනුවෙන් ශතකයක් ලබාගන්නා ලදි.

ආනන්ද විද්‍යාලය – 260/10 (75): දුශාන් හෙට්ටිගේ 114, ශමල් හිරුශාන් 66, ගිෂාන් විශ්වජිත් 28*, විමුක්ති නෙතුමල් 4/79, තිසරු දිල්ශාන් 3/22, කවිෂ්ක සේනාදීර 3/80.

ත්‍රිත්ව විද්‍යාලය – 174/10 (52.1): ට්‍රේවොන් පර්සිවෙල් 48, පුබුදු බණ්ඩාර 40, අසේල සිගේරා 6/51, ශමල් හිරුශාන් 3/21.

ආනන්ද විද්‍යාල දෙවන ඉනිම – 211/6d (48.4): ලහිරු හිරන්‍ය 108*, ශමල් හිරුශාන් 49, විමුක්ති නෙතුමල් 3/99.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 160/0 (22): හසිත බෝයගොඩ 101*, පුබුදු බණ්ඩාර 50*

ලකුණු 1000 පසුකර ගිය ගාල්ලේ ක්‍රිකට් තරුව

පුරෝකථනයෙන් ක්‍රීඩකයෙකු ගැන අනාවැකි ප්‍රකාශ කළ හැකි පුහුණුකරුවෙකු යනු ඔහු අත්දැකීම් සමුදායකට උරුමකම් කියන්නෙකි. ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රිකට්…

ධර්මාශෝක විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස කරන්දෙනියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු රකින ලදි.

ධර්මාශෝක පළමු ඉනිම රවිඳු රශාන්ත විසින් අලංකාරවත් කළේ ශතකයක් ලබා ගනිමිනි. දිනුක ඩිල්ශාන් ලකුණු 55යි. දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි තර්ස්ටන් විද්‍යාල ලකුණු පුවරුව 194/4ක් ලෙස දිස්විය.

ධර්මශෝක විද්‍යාලය – 284/10 (59.3): රවිඳු රශාන්ත 105, දිනුක ඩිල්ෂාන් 55, උෂාන් ඉමන්ත 48, නිමේෂ් මෙන්ඩිස් 32, නිපුන් ලක්ෂාන් 4/58

තර්ස්ටන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 194/4 (30): යෙශාන් වික්‍රමාරච්චි 96, ඉමේෂ් විරංග 52, දිනුක ඩිල්ශාන් 2/40.

පළමු දිනයට අද පැවැත්වූ තරග සියල්ලම හෙට (4) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<