ත්‍රිත්ව විද්‍යාලය ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

291

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (29) දින නිමා විය. එහිදී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පූර්ණ තරග ජයග්‍රහණයක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

රාජකීයයට සහ මහින්දයට ජයග්‍රහණය නූලෙන් මඟ හැරෙයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග…

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (D කාණ්ඩයේ තරගය) 

අස්ගිරිය ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දු රකින ලදි. අභිෂේක් ආනන්දකුමාර් රැස්කර ගත් ලකුණු 92 ඔවුන්ගේ ලකුණු පුවරුවේ සවිය සඳහා පදනම බවට පත්කර ගත් ත්‍රිත්ව විද්‍යාලය, සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම ලකුණු 102කට සීමා කළේ උවිඳු විමලධර්ම සහ ආනන්දකුමාර්ගේ දස්කම් සවියක් කර ගෙනයි. පසුව නැවතත් සාන්ත සෙබස්තියන් දෙවන ඉනිම සඳහා අවස්ථාව ලබා දුන් ත්‍රිත්ව විද්‍යාලය ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ සෙබස්තියන් දෙවන ඉනිම ලකුණු 160කට සීමා කළේ ෂේන් ගුණතිලකගේ කඩුලු 5ත් සවියක් කර ගනිමිනි. 

ඔවුන්ට ඉනිමක ජයක් වෙත ළඟ වීමට නොහැකි වුවත් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 37ක් වාර්තා කර ගනිමින් මෙම තරගය කඩුලු 9කින් ජය ගත්තේය. 

ත්‍රිත්ව විද්‍යාලය : 230 (63.2) අභිෂේක් ආනන්දකුමාර් 92, තෙවින් අමරසිංහ 39, රනුද සෝමරත්න 24, කලන සංදීප 3/79, ඉඳුවර ද අල්විස් 2/30, සසික පෙරේරා 2/38. සහ  37/1 (7.1) 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : 102 (45.4) යෂාන් අවිශ්ක 43*, දුනිත් ජයතුංග 26, උවිඳු විමලධර්ම 4/29, අභිෂේක් ආනන්දකුමාර් 3/19. සහ (F/O) 160 (55.1) කලන සංදීප 31, සුකිත ප්‍රසන්න 30, බිහඟ මෙන්ඩිස් 25, ෂේන් ගුණතිලක 5/45, අභිෂේක් ආනන්දකුමාර් 3/43. 

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 9ක ජයක් හිමි විය. 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය (D කාණ්ඩයේ තරගය) 

කටුනේරිය ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙමින් ඔවුන්ගේ පළමු ඉනිම සඳහා ලකුණු 164ක් රැස්කර ගත් අතර කවිඳු නිර්මාණ ලකුණු 38ක් වාර්තා කිරීමට සමත් වෙමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඊට පිළිතුරු දුන් සත්කාරක සාන්ත ජෝසප් වාස් විද්‍යාලය චමත් ප්‍රනාන්දුගේ ලකුණු 37 සවියක් කර ගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 113ක් රැස්කර ගත්තේ රිච්මන්ඩ් පළමු ඉනිමට වඩා ලකුණු 51ක් පසුපසින් සිටිමිනි. 

එම වාසියට තවත් ලකුණු 180ක් එක්කළ රිච්මන්ඩ් විද්‍යාලය, සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම සඳහා ලකුණු 232ක ඉලක්කයක් ජයග්‍රහණ සඳහා ලබා දුන් නමුත් තරගය අවසන් වන විට කඩුලු 8ක් දැවී ඔවුන්ට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 119ක් පමණි. 

රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් පළමු ඉනිමේ ද වැඩිම ලකුණු ලාභියා වූ කවිඳු නිර්මාණ දෙවන ඉනිමේ දී ලකුණු 67ක් රැස්කර ගත් අතර ඊට අමතරව දිමුත් සඳරුවන් නොදැවී සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගන්නා ලදි. 

රිච්මන්ඩ් විද්‍යාලය : 164 (69) කවිඳු නිර්මාණ 38, සඳුන් මෙන්ඩිස් 28, ශෝන් ශෙනිල් 3/19, මෙනූශ පෙරේරා 3/45, ධනුක නිර්මාල් 2/22. සහ 180/3d (38) කවිඳු නිර්මාණ 67, දිමුත් සඳරුවන් 59*, භානුක මනෝහර 34. 

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය : 113 (44.5) චමත් ප්‍රනාන්දු 37, පසිඳු දසනායක 29, සුගීත් නිම්නාද 4/26, තරින්ද නිර්මාල් 3/09. සහ 119/8 (37) පසිඳු දිසානායක 30, විශ්ව රාජපක්ෂ 27, ඔනෙල් ඉලන්ගසේකර 25, තරිඳු නිර්මාල් 3/13, චමත් දිල්සර 3/13. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 

නවසීලන්තයේ දී ඉන්දීය විස්සයි විස්ස වාර්තා පොත අලුත් වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර හැමිල්ටන් හිදී අ…

සාන්ත තෝමස් විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය (සුහද තරගය) 

සාන්ත තෝමස් විද්‍යාල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් නාලන්දා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

සාන්ත තෝමස් විද්‍යාලය : 235 (71) ගවින් බොතේජු 69, උමයංග සුවාරිස් 46, කනිස්ටන් ගුණරත්නම් 28, චමෝද්‍ය රාජපක්ෂ 4/57, රනිඳු ද සිල්වා 2/27, දිනෙත් සමරවීර 2/40. 

නාලන්දා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 83/1 (24) අවිශ්ක පෙරේරා 48*, රෂාන් දිසානායක 29*. 

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (C කාණ්ඩයේ තරගය) 

කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේසස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි. 

සාන්ත සර්වේසස් විද්‍යාලය : 278 (76) චිහාන් කළිඳු 68, මදුශාන් ද සිල්වා 53, චේතක දෙනුවන් දෙනුවන් 51, පුෂ්පිත ඩිල්ශාන් 47,  ශෂික බස්නායක 5/89.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 18/1 (9) 

අමුතු එක්දින තරගයේ දී හයේ පහර 48යි; හතරේ පහර 70යි

බංග්ලාදේශයේ පැවැත්වෙන දෙවන පෙළ එක්දින ක්‍රිකට් තරගයක දී කණ්ඩායම් ද්විත්වයම එක්ව…

වෙස්ලි විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

වෙස්ලි විද්‍යාලය : 212 (86.1) සාහිල් ඩයස් 56, නිම්තක ඉඳුවර 27, සචිර රශ්මික 7/62. 

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 29/1 (7) 

පළමු දිනය වෙනුවෙන් පැවති තරග හෙට (30) දිනයේ දී දෙවන දිනය වෙනුවෙනුත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<