විදුලිබල, MAS, යුධ හා වරාය පෙරටම

511

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන මන්චි ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපර් ලීගයේ තෙවන දිනය අද (8) මහරගම යොවුන් කැදැල්ලේ දී පැවැත්වුණු අතර අද දිනයේ දී තරගාවලියේ පළමු වටය නිමා විය.

විදුලිබලය සහ නාවික හමුදාව සාර්ථකව සුපර් ලීගය අරඹයි

සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය

තරගාවලියේ පිරිමි අංශය සඳහා කණ්ඩායම් අටක් ක්‍රීඩා කරන අතර ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, MAS Leisure Line හා ජාතික තරුණ සේවා සභා කණ්ඩායම එම කණ්ඩායම් වේ.

  • ලංකා විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය

ජාතික කණ්ඩායම නියෝජනය කරන දීප්ති රොමේෂ්, ලිබරෝ ක්‍රීඩක ලක්මාල් ඇතුළු ක්‍රීඩකයින් රැසක් මෙම කණ්ඩායම් දෙකටම ක්‍රීඩා කිරීම නිසා මෙම තරගය ඉතා උණුසුම් වූ අතර තරගය වට පහම ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

පළමු වට දෙකම ජය ගැනීමට වරාය අධිකාරිය කණ්ඩායම සමත් වුවත් අවසන් වට තුනම ජය ගත් ලංකා විදුලි බල මණ්ඩලය තරගය ජය ගැනීමට සමත් විය. තරගයේ ලකුණු සටහන දැක්වුණේ 25-18ක්, 25-21ක්, 14-25ක්, 21-25 ක් හා 15-11ක් ලෙසයි.

  • ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය

මෙම තරගය ද ඉතා උණුසුම් වූ අතර පළමු වටය නාවික හමුදා කණ්ඩායම ජය ගත්තත් දෙවන වටයේ ජය පොලිස් කණ්ඩායම දිනා ගත්තේ කණ්ඩායම් දෙකටම තරගය විවර කරමිනි.

කෙසේ වෙතත් අවසන් වට දෙකම ජය ගත් නාවික හමුදා කණ්ඩායම තරගය ජය ගත්තේ වට 3-1ක් ලෙසිනි. ලකුණු සටහන 25-20ක්, 19-25ක්, 25-16ක් හා 25-23ක් ලෙස දැක්විය.

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුධ හමුදාව

ආරක්ෂක සේවා කණ්ඩායම් දෙකක් අතර පැවැත්වුණු මේ තරගය ද ඉතා උණුසුම් වූ අතර යුධ හමුදාව පළමු වට දෙක ජය ගත්තේ ඉතා පහසුවෙනි.

තෙවන වටය ගුවන් හමුදාව ජය ගත්තත් සිව්වැනි වටය ජය ගෙන නැවත තරගයට අවතීර්ණ වූ යුධ හමුදා ක්‍රීඩා සමාජය තරගය ජය ගන්නට සමත් විය. ලකුණු සටහන දැක්වුණේ 25-14ක්, 25-21ක්, 16-25ක් සහ 25-17ක් ලෙසයි.

  • MAS Leisure Line කණ්ඩායම හා ජාතික තරුණ සේවා සභාව

ජාතික තරුණ සේවා සභා කණ්ඩායමේ ඉතා ළාබාල යොවුන් ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කිරීම විශේෂත්වයක් විය. ප්‍රබල හා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ක්‍රීඩා කළ MAS කණ්ඩායම අඛණ්ඩව පළමු තරග වට තුන ජය ගනිමින් පහසුවෙන් තරගය ජය ගත්තේ වට 3-0ක් ලෙසයි. තරගයේ ලකුණු සටහන දැක්වුණේ 25-12ක්, 25-15ක් හා 25-12ක් ලෙසයි.

හෙට (09) දිනයේ දී තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන අතර පළමු පිරිමි අවසන් පූර්ව තරගයට MAS කණ්ඩායම හා ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායමත්, දෙවන තරගයට යුධ හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමත් සහභාගී වීමට නියමිතය.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<