අරවින්ද, ක්‍රිකට් කමිටුවෙන් ඉවත් වෙයි

1843

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක කමිටුවෙන් ඉවත්වීමට අරවින්ද ද සිල්වා මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෑත දී ගනු ලැබූ තීරණ කිහිපයකට ඔහුගේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමක් වශයෙන් මේ තීරණය ගෙන ඇත්දැයි සැක පළවන්නේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවල දී අදහස් දැක්වීමට ද ඔහු සහභාගී නොවුනු බැවිනි.

“ශූරයන්ගේ කුසලානය දිනන්න අවශ්‍ය දේ ලංකාවට තියෙනවා” – ඇලන් ඩොනල්ඩ්

ලෝක ප්‍රකට වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ්, ශ්‍රී ලංකා කණ්ඩායමට මාස දෙකක කාලයක් සඳහා වේගපන්දු..

51 හැවිරිදි අරවින්ද, 2016 වසරේ සිට ම ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක කමිටුවේ සභාපතිත්වය දැරූ අතර ඒ සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණයේ නව්‍යතා දැකීමට හැකි වූ බව නොරහසකි. පසුගිය වසරේ පැවති ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ඔහුගේ ඒ නව්‍යකරණයන් ඉවහල් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් ද තහවුරු කරනු ලැබීය.

ක්‍රිකට් ක්‍රීඩා කරන සමයේ වුවද කෙලින් සහ ඉක්මන් තීරණ ගන්නෙකු ලෙස ප්‍රකට අරවින්ද, පරිපාලනයේ දී ද කෙලින් ක්‍රියා කරන්නෙකු බැව් ප්‍රකටය. ඔහු පරිපාලනයේ සිටින අවධියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන සෑමවිටකම නොබියව එහි වගකීම භාර ගන්නට ඔහු නොපසුබට විය.

ක්‍රීඩකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව ලෝක සිතියම මත බැබළ වූ ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ක්‍රිකට් පුහුණුකරුවෙකු සහ පරිපාලකයෙකු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නැංවීමෙහිලා දායක වී තිබේ.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට