ගෙවුනු දවස ජුලි 02 – ඉසිපතන තරගයට මොකද වුනේ?

555
Sri Lanka sports news last day summary july 2

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින්, ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

රග්බි –

ඉසිපතනය ජය පැන් බොයි

මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් වටයේ සුවිශේෂි තරගයක් අද (02) රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්විය. ඒ මෙතුවක් මෙම කාර්තුවේ අපරාජිත කිරුල දරණ ඉසිපතන විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහභාගී වෙමිනි. අතිශය තියුණු තරගයකින් පසුව ඉසිපතන විද්‍යාලය 24 – 20 ලෙස පීතරයින් පරදා ජයග්‍රහණය වාර්තා කර අවසන් මහා තරගය සඳහා වන ප්‍රවේශපත සිය නමට ලියවා ගැනීමට සමත් විය.

ප්‍රථම අර්ධය – ඉසිපතන විද්‍යාලය 12 : 13 ශාන්ත පීතර විද්‍යාලය

අවසන් ලකුණු – ඉසිපතන විද්‍යාලය 24 : 20 ශාන්ත පීතර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – කුෂාන් ඉඳුනිල්

සම්පූර්ණ ලිපිය: පීතරයින්ගේ අභියෝගය ඉසිපතනය භාරගනී


පාපන්දු –

DCL දෙවැනි සතියේ දෙවැනි දවසේ මොකද වුනේ?

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානයේ දෙවැනි සිතියේ තරග 3ක් ඊයේ (02) පැවැත්විනි. එම තරග වලින් කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ රිනවුන් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

සම්පූර්ණ ලකුණු –

  • කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය 04 : 00 මීගමුව යූත් ක්‍රීඩා සමාජය
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 02 : 00 සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය
  • රිනවුන් ක්‍රීඩා සමාජය 02 : 01 සුපර් සන් ක්‍රීඩා සමාජය

සම්පූර්ණ ලිපිය: කොළඹ තරුණයින් මීගමුව ක්‍රීඩකියන් අසරණ කරයි


ක්‍රිකට් –

පස්වැනි තරගෙත් පරාදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟය ඊයේ (2) කාඩ්ෆ් හිදී පැවැත්විණි. එම තරඟයද එංගලන්ත කණ්ඩායම ලකුණු 122 ක දැවැන්ත හා පහසු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

එංගලන්ත කණ්ඩායම – 324 -7 (50) ජෝයි රෑට් 93, ජෝශප් බට්ලර් 70, ජේම්ස් වින්ස් 51 , ධනුෂ්ක ගුණතිලක 3/48, සුරංග ලක්මාල් 1/65

ශ්‍රී ලංකා කණ්ඩායම – 202 -10 (42.4) දිනේෂ් චන්දිමාල් 53, ධනුෂ්ක ගුණතිලක 48, දසුන් ශානක 22, කුසල් මෙන්ඩිස් 22, ඩේවිඩ් විලී 4/34

සම්පූර්ණ ලිපිය: හඹා යාමේ අසාර්ථකත්වය


පිහිනුම් –

මැතිව්ට කොළ එලියක්

ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ පිහිනුම් ශූරයෙකු වන මැතිව් අබේසිංහ ඔලිම්පික් පරිසාධන මට්ටම අභිබවා යමින් 2016 රියෝ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් ව අැත. ඒ හොංග් කොංග් පිහිනුම් ශූරතාවලියේදි නිදහස් අාර පිහිනුම් ක්‍රමයට මීටර් 100 ඉසව්ව නියෝජනය කරමිනි.

සම්පූර්ණ ලිපිය: ඔලිම්පික් පරිසාධනය ඉක්මවු ප්‍රථම පිහිනුම් ක්‍රීඩකයා – මැතිව් අබේසිංහ

දවසේ නිමාව