කනිෂ්ක මදුවන්ත පන්දු යැවීමෙන් සුපිරි දස්කම් දක්වයි

361

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (9) සාර්ථකව නිමා විය.

අවිශ්ක, මදුෂික, සොහාන් හා උපේන්ද්‍රගෙන් වැඩි දස්කම්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අදත් (8) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක……

කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

තවත් සුහද කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 136ක් රැස්කර ගත්තේය.

සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 41ක් රැස්කරගෙන මෙවර තරගවාරය තුල ලබාගත් ලකුණු ගොන්න අතරට තවත් ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්නා ලදි. කනිෂ්ක මදුවන්ත කඩුලු 5යි.

තරගයේ අද දෙවන දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත පීතර විද්‍යාලය කඩුලු දෙකක් දැවී ලකුණු 108ක් ලබාගෙන තිබුණි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින සන්තුෂ් ගුණතිලක ලකුණු 34*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියේය.

එසේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි සන්තුෂ් දෙවන දිනයේ පළමු කාර්තුව තුල දී ම සිය ලකුණු ගොන්නට තවත් අර්ධ ශතකයක් එක්කාසු කරගත්තේ ලකුණු 66ක් වාර්තා කරගෙනයි. වමතින් පිතිකරණයේ නිරත වන නායක රන්මිත් ජයසේන ලකුණු 36යි. ඉන් පසුව සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් වහාම සාන්ත පීතර විද්‍යාලය සිය මුල් ඉනිම අත්හිටුවන ලදි.

ලකුණු 91ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තරගයේ දෙවන හා අවසන් දිනය නිමා වන විට සියල්ලන්ම දැවී ලකුණු 182ක් වාර්තා කරගත්තේය. රයන් ජෝන්පිලේ ලකුණු 49යි. පන්දු යැවීමේ දී නැවත වතාවක් සාර්ථක ඵල නෙලාගත් කනිෂ්ක හා රුවින් පිළිවෙළින් කඩුලු 5ක් හා 3ක් දවාගෙන දස්කම් දක්වන ලදි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 136 (60): ශෙහාන් ප්‍රනාන්දු 41, කවීශ ජයතිලක 29, කනිෂ්ක මදුවන්ත 5/29, රුවින් සෙනෙවිරත්න 2/42.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම  – 227/6d (64) සන්තුෂ් ගුණතිලක 66, රන්මිත් ජයසේන 36, දිනිත් අංජුල 33, මහීෂ තීක්ෂණ 3/70.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල දෙවන ඉනිම –  182 (59.3): රයන් ජෝන්පිලේ 49, ශෙහාන් ප්‍රනාන්දු 44, කවිරු පෙරේරා 33, කනිෂ්ක මදුවන්ත 5/58, රුවින් සෙනෙවිරත්න 3/21.

තරංග – තිසර ගැටුම අවසානයේ BPL කිරුළ කොමිලාවරුන්ට!

සයවැනි වරටත් පැවති බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලිය ඊයේ (08) නිමාවට පත්වූයේ ශ්‍රී ලාංකීය තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ……


කොළඹ සහිරා විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය

B කාණ්ඩයේ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ ලුම්බිණි නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ හමුවේ ක්‍රියාත්මක වූ සහිරා විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම ලකුණු 159ක් රැස් කළේය.

සත්කාරක  සහිරා විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ වමතින් පිත්ත හසුරුවන මොහොමඩ් ස්ලාසා ලකුණු 63ක් රැස්කරගෙන මෙවර තරග වාරය තුල සපුරා ගත් දෙවන ශතකය සම්පූර්ණ කරගත්තේය. ඔහුගේ එම අගනා ඉනිම 4 පහර 4කින් හා 6 පහර දෙකකින් වර්ණවත් විය.

Photos: Zahira College v Lumbini College | Singer U19 Cricket Tournament 2018/19

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ලුම්බිණි විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබාගෙන සිටි අතර සොහාන් ඩිල්ශාන් නොදැවී ලකුණු 95*ක් ලබාගෙන ඉතාමත් ස්ථාවර මට්ටමක සිටියේ සිය ශතකය සපුරා ගැනීමට තවත් ලකුණු 5ක් මෙපිටින් සිටිමිනි. රවිෂ්ක විජේසිරි ලකුණු 60ක් ලබා ගත්තේය.

අද උදෑසන තරගය ආරම්භ කරන විට ශතකයට ලකුණු 5ක් මෙපිටින් සිටි සොහාන් සිය ශතකය සම්පූර්ණ වූ වහාම දැවී යාම සහිරා විද්‍යාලයට යම් වැඩි වාසියක් වුවත් ඉන් සාර්ථක  ඵල නෙලා ගැනීමට සහිරා විද්යාටයට නොහැකි විය.

දඟපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ස්ලාසා ලකුණු 63කට කඩුලු 6ක් දවා ගනිමින් ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම පාලනය කළ නමුත් සොහාන්ගේ එම ඉනිම නිසා තරගයේ පළමු ඉනිම ජය ගැනීමට ලුම්බිණි විද්‍යාලයට හැකි විය.

ලකුණු 94ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි සහිරා විද්‍යාල දෙවන ඉනිම ලකුණු 275 අත්හිටවූ මොහොමඩ් සමාෂ් (ලකුණු95) ඇතුළු කණ්ඩායම ලකුණු 275කට සීමාවේ දී සිය ඉනිම අත්හිටුවන ලදි. අවසානයේ තරගය ජය ගැනීම වෙනුවෙන් ලකුණු 182ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ලුම්බිණි විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 118ක් ලබාගෙන සිටිය දී තරගය නවතා දැමීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 159 (40): මොහොමඩ් ස්ලාසා 63, චතුර දිල්රුක්ෂණ 28, රවිෂ්ක  විජේසිරි 4/45.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම – 253 (52.4): සොහාන් ඩිල්ශාන් 101, රවිෂ්ක විජේසිරි 60, විශ්මිත විජේසිරි 31, මොහොමඩ් ස්ලාසා 6/63.

සහිරා විද්‍යාල දෙවන ඉනිම –  275/8d (54): මොහොමඩ් සමාශ් 95, මොහොමඩ් ශාදිල් 55, රිද්මික නිමේෂ් 35*, අරවින්ත් රාජේන්ද්‍රන් 34, සිතුම් දිසානායක 3/62, රවිෂ්ක විජේසිරි 3/100.

ලුම්බිණි විද්‍යාල දෙවන ඉනිම –  118/9 (42): ප්‍රසාද් මදුසංක 48, මොහොමඩ් ස්ලාසා  3/28.

හිටපු ලෝක ශූර නායකයාගෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ගුරුහරුකම්

2003 සහ 2007 යන වර්ෂයන්හී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ශූරයින් දක්වා ගමන් කළ ඒ ජයග්‍රාහී මාවතේ නියමුවා ලෙසින් අතිමහත් සේවාවක්……..


කොළඹ ආනන්ද විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස ඊයේ (8) ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරගයේ පළමු දිනය අවසන් වන විට ආනන්ද විද්‍යාලය ඉතාමත් අසීරු අඩියක පසු විය.

එහි දී පළමුව පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාල පළමු ඉනිම අර්ධ ශතකයකින් වර්ණවත් කළ නායක කමේෂ් නිර්මාල් ලකුණු 77ක් ලබා ගන්නා ලදි. ඊට අමතරව ඔහුට සහාය වූ ජනිඳු ජයවර්ධන හා කලන විජේසිරි පිළිවෙළින් ලකුණු 45ක් හා ලකුණු 44ක් ලබාගෙන සිය පිතිකරණ වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කළේය. අවසානයේ ආනන්ද විද්‍යාල පළමු ඉනිම ලකුණු 252කට සීමා විය.

පිළිතුරු ඉනිම දියත් කළ ධර්මරාජ විද්‍යාලය තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක්  නොදැවී ලකුණු 55ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක සිටියේ ආනන්ද විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව තවත් ලකුණු 173ක් පසුපසින් සිටිමිනි. අවසානයේ ඉසුරු දයානන්ද ලබාගත් ශතකය හා යසිත් සමරරත්න ලබාගත් අර්ධ ශතකය සවියක් කර ගත් ධර්මරාජ විද්‍යාල කඩුලු 6ක් දැවී ලකුණු 317ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලද්දේ ආනන්ද දෙවන ඉනිම අඩු ලකුණකට තබා ගැනීමේ අරමුණ ඇතිවයි.

නමුත් නැවත වතාවක් ක්‍රියාත්මක වූ ආනන්ද නායක කමේෂ් හා කනිෂ්ක රන්තිලක්ගේ දෙවන ඉනිමේ දී ද දියත් කළ ඉවසිලිවන්ත පිතිකරණය නිසා එය එසේ සිදුනොවුණි.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 252 (57.4): කමේෂ් නිර්මාල් 77, ජනිඳු ජයවර්ධන 45, කලන විජේසිරි 44, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 6/88.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම – 317/6d (98): ඉසුරු දයානන්ද 122, යසිත් සමරරත්න 65, සචින්ත සේනානායක 42, ජනිඳු ජයවර්ධන 2/66.

ආනන්ද විද්‍යාල දෙවන ඉනිම – 73/1 (14): කමේෂ් නිර්මාල් 37*, කනිෂ්ක රන්තිලකගේ 26*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<