දශකයකට පසුව නවසීලන්තය ඉන්දියාවෙන් වාඩුව ගනී

1138

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර අද (10) පැවති තෙවන හා අවසන් තීරණාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලබා ගැනීමට නවසීලන්තයට හැකි විය. එම ජයග්‍රහණයත් සමඟින් නවසීලන්තය 2-1ක් ලෙස තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට සමත් විය.

සී. සී. සී. ශූරතාවය ඩැහැගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි …..

1-1ක් ලෙස දෙපිලම සම මට්ටමක සිටි නිසාවෙන් හැමිල්ටන් හිදී පැවති මෙම තරගය ඉතාමත් තීරණාත්මක හා තියුණු තරගයක් වන බවට බොහෝ ක්‍රිකට් විචාරකයින් අනාවැකි පල කර තිබුණි. කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය වැඩ බලන නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහර දීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

නවසීලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ටිම් සෙයිෆර්ට් හා කොලින් මන්රෝ ප්‍රබල හා නම් දරා සිටින ඉන්දීය පන්දු යවන්න හමුවේ පන්දු 46ක් තුල වේගවත් ලකුණු 80ක සබඳතාවයක් ගොඩනංවමින් නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් විය. එහි දී පළමු කඩුල්ල ලෙස දැවී ගිය කඩුලු රකින ක්‍රීඩක සෙයිෆර්ට් 4 පහරක් හා 6 පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු 43 ලබා ගැනීම සඳහා වැය කළේ පන්දු 25ක් පමණි. ඊට අමතරව අනෙක් අන්තයේ කඩුල්ල රැකගනිමින් 180ක පමණ ප්‍රබල ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දුන්  මන්රෝ සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 9 වැනි අර්ධ ශතකය සඳහා 6 පහර හා 4 පහර 5ක් අන්තර්ගත කරගත්තේය.

නවසීලන්ත ප්‍රබල මැදපෙළ පිතිකරුවන් දෙදෙනෙක් වන නායක කේන් විලියම්සන් හා කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම් දැවී ගිය පසු නවසිලන්ත ඉනිමේ තීරණාත්මක ලකුණු ප්‍රමාණය වාර්තා කර ගත් ඩාර්ලි මිචෙල් හා රෝස් ටේලර් නවසීලන්ත කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව වාර්තා කර ගත් දෙවන වැඩිම විස්සයි විස්ස ලකුණු ප්‍රමාණය (ලකුණු 212/4) දක්වා කණ්ඩායම රැගෙන ගියේය. පන්දු යැවීමේ දී කුලදීප් යාදෙව් කඩුලු දෙකයි.

හිටපු ලෝක ශූර නායකයාගෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ගුරුහරුකම්

2003 සහ 2007 යන වර්ෂයන්හී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ශූරයින්…..

දෙරට අතර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගෙන තරගය හා තරගාවලිය ජය ගැනීමේ අරමුණින් පිටියට අවතීර්ණ වූ ශිකර් ධවාන් හා නායක රෝහිත් ශර්මාගේ ආරම්භ කඩුල්ලේ සබඳතාවය ආරම්භක පන්දුවාරය තුල දී ම බිඳ දැමීමට මිචෙල් සැන්ටනර් සමත් විය. එය ඉන්දීය කණ්ඩායම මේ තරගයේ පරාජයට බලපෑ ප්‍රධානතම සාධකය වූයේ ඔවුන්ගේ ආරම්භය අසාර්ථක වූ නිසා ඔවුන්ගේ මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන්ගේ ද මානසිකත්වය බිඳී ගිය නිසාවෙනි.

කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අද වැඩිම ලකුණු වාර්තා කර ගත් දකුණතින් පිතිකරණයේ නිරත වන ශංකර් 4 පහර 5ක් හා 6 පහර දෙකක් සමඟින් ලකුණු 43යි.

නායක රෝහිත් ශර්මා හට ද හිස එසවීමට නවක හා ප්‍රබල නවසීලන්ත පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය කණ්ඩායමට එල්ල වන්නට වූ පීඩනය වැඩි තවත් වැඩි විය.

ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ දැවී යාමට පසුව දිනේෂ් කාර්තික් හා කෘනාල් පාන්ඩ්‍යා ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට උත්සාහ කළත් එය සාර්ථක නොවීය. පන්දු යැවීමේ දී ඩාර්ලි මිචෙල් හා මිචෙල් සැන්ටනර් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගිය අතර ඉන්දීය කණ්ඩායමට සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 208ක් පමණි.

ප්‍රමෝද් සහ නිපුන් ටැමිල් සිහිනය බිඳ දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8…

ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් නවසීලන්ත කණ්ඩායම ලබාගත් මේ විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයට එක්කාසු වූයේ වසර 10කට පසුව සිය රටේ දී (නවසීලන්තයේ දී) ඉන්දීය කණ්ඩායම තරගාවලි පරාජයකට ලක් කළ පළමු අවස්ථාව ලෙසයි.

තරගයේ වීරයා – කොලින් මන්රෝ (නවසීලන්තය)

නවසීලන්තය – 212/4 (20): කොලින් මන්රෝ 72, ටිම් සෙයිෆර්ට් 43, කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම් 30, කුලදීප් යාදෙව් 2/26.

ඉන්දියාව – 208/6 (20): විජය ශංකර් 43, රෝහිත් ශර්මා 38, දිනේෂ් කාර්තික් 33*, ඩාර්ලි මිචෙල් 2/27, මිචෙල් සැන්ටනර් 2/32.

තරගාවලියේ වීරයා – ටිම් සෙයිෆර්ට් (නවසීලන්තය)

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<