ආසියානු රග්බි පිටිය ආක්‍රමණයට සැරසෙන ශ්‍රී ලංකා සංචිතය එළිදකි

352

එළඹෙන මැයි මස අවසන් සතියේ දී ආරම්භ වීමට නියමිත මැලේසියානු සංචාරය සහ චීන තායිපේ හිදී පැවැත්වීමට නියමිත ආසියානු රග්බි ශූරතාවලිය සඳහා වන 39 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ඊයේ (10) එළිදක්වා තිබුණි.

කොළඹ-පිට පළාත් ගැටුමෙන් පිට පළාත් කණ්ඩායම ජයගනී.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට මහත් සේවාවක් ඉටුකළ …..

ශ්‍රී ලාංකීය රග්බි ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා සුවිශාල කාර්යභාරයක් ඉටු කළ, දැනට රෝගාතුරව සිටින චන්ද්‍රිශාන් පෙරේරා මහතා වෙනුවෙන් පසුගිය දා පැවති ප්‍රදර්ශනාත්මක රග්බි තරගය මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් තෝරාපත් කරගැනීමේ මූලිකම මිනුම්දණ්ඩ ලෙස යොදා ගනු ලැබූ අතර එහි දි කොළඹ සහ පිට පළාත් ලෙස තමන් ද්විතීයික අධ්‍යාපනය ලැබූ පාසල පිහිටි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මෙරට ප්‍රබල රග්බි තරු එකිනෙකා සමඟ උරින් උර ගැටුණු අතර එහි දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයින් හට සංචිතය වෙත එක්වීමේ භාග්‍ය උදා විය.

දීර්ඝ නිහැඬියාවකින් පසුව නැවත වතාවක් ශ්‍රී ලංකා වර්ණයන්ගෙන් සැරසී තරග වැදීමේ වරම් හිමිකර ගන්නා රොෂාන් වීරරත්න සුපුරුදු පරිදි නායකත්වයේ භාර ධූර වගකීම සිය කර මතට ගෙන තිබෙන්නේ තරුණ සහ අත්දැකීම් බහුල දක්ෂ ක්‍රීඩක සම්මිශ්‍රණයක් සහිත සංචිතය ශූරතාවලිය සඳහා මෙහෙයවීමේ අරමුණෙනි.

අවස්ථා කිහිපයක දී ම මහනුවර කණ්ඩායම සුවිශේෂී ජයග්‍රහණයන් කරා රැගෙන යමින් ලීග් ශූරතාව දිනා දීමේ පුරෝගාමි මෙහෙවරක් ඉටු කළ රොෂාන් ජාතික කණ්ඩායම සමඟ එක්වන්නේ 2013 වර්ෂයේ අවසන් වරට පැවති තුන්කොන් තරගාවලියෙන් අනතුරුව වීම සුවිශේෂී වේ.

ශ්‍රී ලංකා රග්බි දැවැන්තයාට දිරියක් වෙන්නට පැමිණි ක්‍රිකට් දැවැන්තයින්

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ දැවැන්තයෙකු වන චන්ද්‍රිශාන් …..

සුදර්ශන මුතුතන්ත්‍රි, අනුරාධ හේරත්, තිළිණ විජේසිංහ සහ ප්‍රසාද් මධුසංක වැනි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්යන්තර තලයේ අත්දැකීම් බහුල තරගකරුවන් කිහිප දෙනෙකුම මෙවර කණ්ඩායම වෙත නම් කොට තිබීම සංචිතයේ සමබරතාව රැකගැනීම සඳහා වඩාත් ඉවහල් වී ඇති නමුත් රීසා මුබාරක්, ධනුෂ්ක රන්ජන්, ගයාන් වීරරත්න, ශෙහාන් පතිරණ සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම සේවය අහිමි වී යාම ද ඒ හා සමානව කණ්ඩායමේ දක්ෂතාවන් කෙරෙහි යම් බලපෑමක් එල්ල කරනු ඇති බව නොඅනුමානයි.

කෙසේ නමුත් ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ ප්‍රධාන බල කණු කිහිපයක් වන කවිඳු පෙරේරා, බුද්ධිම පියරත්න, කෙවින් ඩික්සන් සහ රීසා රෆයිඩීන් වැනි ප්‍රවේගකාරී ක්‍රීඩකයින්ගේ පැමිණීම වඩාත් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නියැලීමට මහෝපකාරී වනු ඇත.

තවද මෙවර අත්දැකීම් බහුල ප්‍රබල ක්‍රීඩකයින් රැසක් විවේක ගන්වමින් ජවසම්පන්න තරුණ ක්‍රීඩකයින් රැසකට  ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමේ අවකාශ සලසා දී තිබෙන්නේ නුදුරු අනාගතයේ දී වඩාත් දක්ෂ ක්‍රීඩක සුසංයෝගයන්ගෙන් සැදුම්ලත් සංචිතයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් බව පැහැදිලිය. ඒ අතරින් දිනුක් අමරසිංහ, මොහොමඩ් ෂබීර්, තිලිණ බණ්ඩාර, සැමුවෙල් මධුවන්ත, සචිත් සිල්වා සහ අස්මීර් ෆාජුඩීන්ගේ එක්වීම වඩාත් කැපී පෙනේ.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන නවසීලන්ත ජාතික මැට් ලී මහතා මෙම නම් කළ ඇති සංචිතය පිළිබඳ සිය අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම නම් කොට තිබෙන සංචිතය පිළිබඳ තමා සෑහීමට පත්වන බව සහ නම් කර ඇති සියලුම ක්‍රීඩකයින් ඉතාමත් දක්ෂ හැකියාවන්ගේ පිරිපුන් ක්‍රීඩකයින් බව තමා අවිවාදයෙන් පිළිගන්නා බවත්ය.

සාන්තුවරයන් ඉසිපතන, වෙස්ලි, විද්‍යා සමඟ දෙවැනි වටය අරඹයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ……

කෙසේ නමුත් මෙම ඉදිරි සති දෙකක කාලසීමාව තුල දී ක්‍රීඩකයින් 26 දෙනෙකු දක්වා සංචිතය සීමා කරමින් වඩාත් උචිතම කණ්ඩායම තරගාවලි ද්විත්වය සඳහා රැගෙන යාම ඔහුගේ අරමුණ බව ප්‍රකාශ කොට තිබුණි.

ශ්‍රී ලංකා සංචිතය

  • මහනුවර ක්‍රීඩා සමාජය – රොෂාන් වීරරත්න(නායක), යාකූබ් අලි, උචිත ජයසූරිය, මොහොමඩ් ෂබීර්, සුහිරු ඇන්තනි, තරිඳු චතුරංග, තිළිණ විජේසිංහ
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – මිතුන් හපුගොඩ, ෆායිස් අබ්දුල්ලා, අස්මීර් ෆාජුඩීන්, උමේෂ් මධුෂාන්, ලසිදු ඉෂාන්, සංදේශ් ජයවික්‍රම, දිනුක් අමරසිංහ, තීක්ෂණ දිසානායක
  • CH&FC – ජේසන් මෙල්ඩර්, සත්‍ය රණතුංග, ප්‍රසාද් මධුසංක, සජිත් සාරංග, නිවංක ප්‍රසාද්, සුදර්ශන මුතුතන්ත්‍රි, සැමුවෙල් මධුවන්ත, අනුරාධ හේරත්
  • CR&FC – ඔමල්ක ගුණරත්න, කවිඳු පෙරේරා, කෙවින් ඩික්සන්, රීසා රෆයිඩීන්, රහුල් ද සිල්වා
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – කසුන් ද සිල්වා, බුද්ධිම පියරත්න, මොහොමඩ් අබ්සාල්, ගිහාන් පෙරේරා
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – චාල්ස් ප්‍රවීන්, තිළිණ බණ්ඩාර, නුවන් පෙරේ
  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – ප්‍රභාත් කුමාර, අශාන් බණ්ඩාර, සුධාරක දික්කුඹුර,
  • පොලිස් ක්‍රීඩා සමාජය – සචිත් සිල්වා

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<