ලෙවින්ගෙන් අගනා ශතකයක්; කෙවින්ගෙන් තුන් ඉරියව් දස්කම්

U19 Division 1 School Cricket Tournament 2023/24

186

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) දිනයේ ක්‍රියාත්මක වුනා. 

අද පැවැත්වුණු තරගවල දී මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය ප්‍රමුඛ විද්‍යාලය කිහිපයක් ම ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා. 

මෙම තරගවල දී; 

කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය ජයග්‍රහණයක් කරා රැගෙන ගිය ලෙවින් ප්‍රනාන්දු අගනා ශතකයක් (ලකුණු 132) ලබා ගනිද්දී, අමීෂ ප්‍රනාන්දු කඩුලු 5 දස්කමක් ද සමගින් සමස්ත තරගයේ දී කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වුනා. 

කොළඹ වෙස්ලි විද්‍යාලයේ ලිනාල් සුභසිංහ ලකුණු 85ක් ලබා ගැනීමට සමත් වුනා. 

මොරටු මහා විද්‍යාලයට එරෙහිව පැවැත්වුණු තරගයෙන් කොළඹ ඉසිපතන විද්‍යාලය දැවැන්ත ජයක් කරා රැගෙන ගිය කෙවින් සැමුවෙල් පිත්තෙන් ලකුණු 99ක් ලබා ගන්නා අතරේ, පන්දු යැවීමෙනුත් කඩුලු 4ක් (ඉනිම දෙකේ දී ම) දවා ගැනීමට සමත් වුනා. 

කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් තනුජ රණසිංහ සහ නවිඳු ප්‍රනාන්දු විසින් අර්ධ ශතක රැස් කර ගන්නා අතරේ, තනුග පලිහවඩන විසින් කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා. 

බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලයට එරෙහිව හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් ඊයේ කඩුලු 7ක දස්කමක් ප්‍රදර්ශනය කළ ශෙහාන් චාමික අද දිනයේ ද කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනේ ඉනිම් දෙකේ දී සමස්ත කඩුලු 15ක් දවා ගනිමිනුයි. 

මහනුවර ත්‍රිත්ව සහ කඳාන ද මැසනඩ් විද්‍යාල අතර තරගයේ පළමු දිනයේ ම කඩුලු 29ක් බිඳ වැටුණා, මින් කඩුලු 7ක් ත්‍රිත්ව විද්‍යාලයේ මලිත් රත්නායක (ඉනිම් දෙකේ දී) සතු වූ අතර, මැසනඩ් විද්‍යාලයේ දිනිඳු සස්මිත්ට කඩුලු 5ක් හිමි වුනා. 

කොළඹ සහිරා විද්‍යාලය වෙනුවෙන් අබ්දුල් රහුමාන් ලකුණු 91ක් ලබා ගත්තා. 

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විහඟ තීක්ෂණ කඩුලු 6ක් බිඳ හෙළද්දී, කෑගල්ල සාන්ත මේරි විද්‍යාලයේ සමිත සඳරුවන් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා. 

අද ක්‍රියාත්මක වූ තරග විස්තර සැකෙවින්; 

පළමු කොටසේ Tier A තරග 

කොළඹ රාජකීය විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය  

  • කොළඹ රාජකීය විද්‍යාලය -171/10 (60) රෙහාන් පීරිස් 57, අනික් ප්‍රනාන්දු 52, අමීෂ ප්‍රනාන්දු 4/34 & 112/10 (56.1) රමිරු පෙරේරා 35, අමීෂ ප්‍රනාන්දු 5/33 හසිඳු පෙරේරා 4/50 
  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය 242/10 (65.3) ලෙවින් ප්‍රනාන්දු 132, යොහාන් ආලෝක 34,  රනුක මලවිආරච්චි 3/49, ඔවින අඹන්පොල 3/13 & 42/2 (8.4) ලෙවින් ප්‍රනාන්දු 22 

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට කඩුලු 8ක ජයක්. 

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය  

  • කොළඹ වෙස්ලි විද්‍යාලය – 265/10 ලිනාල් සුභසිංහ 85, රුක්ශාන් තරංග 36, මිනෝද් කල්දේරා 4/54 
  • කොළඹ නාලන්ද විද්‍යාලය – 67/1 (15) සදෙව් සමරසිංහ 56* 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය  

  • කඳාන ද මැසනඩ් විද්‍යාලය – 64/10 (25.1) උවිඳු පෙරේරා 15, තිසල් යාපා 4/13, මලිත් රත්නායක 3/9 & 101/9 (34) නෙශාන් ඩයස් 33, මලිත් රත්නායක 4/36, තරණ විමලධර්ම 2/36 
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය – 70/10 (30.1) විදුක ධම්මගේ 22, දිනිඳු සස්මිත් 5/11, කවිඳු කෞශල්‍ය 3/25 

පළමු කොටසේ Tier B තරග 

මොරටු මහා විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය  

  • මොරටු මහා විද්‍යාලය – 148/10 (42) කාන්චන නිම්ශාන් 52*, දසිත් සෙනාල් 4/41, කෙවින් සැමුවෙල් 3/17 & 100/10 (30.3) මහිත් අප්පුහාමි 18, සිතුක ගුණවර්ධන 4/36 
  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 281/10 (80.1) කෙවින් සැමුවෙල් 99, රන්මිත් දිනුවර 50, නිශිත ප්‍රනාන්දු 3/53 

ඉසිපතන විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 33ක ජයක්. 

කොළඹ සහිරා විද්‍යාලය සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය  

  • කොළඹ සහිරා විද්‍යාලය – 271/10 (80) අබ්දුල් රහුමාන් 91, තබිත් රිස්ෆිකාර් 60, විදුර ලක්ෂාන් 4/71, හසිත සුරංග 3/53 
  • ගාල්ල ඇලෝශියස් විද්‍යාලය – 38/2 (12) තීක්ෂණ තාරුක 10* 

සාම්ප්‍රදායික දෙදින තරග 

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය විද්‍යාලය සහ බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය  

  • හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය – 204/10 රවිඳු තීක්ෂණ 48, පමෝද් හිම්සර 40, තරුෂ තේජාන් 5/59 & 150/10 (39.5) රවිඳු තීක්ෂණ 44, හසිඳු රාජපක්ෂ 5/48 
  • බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලය – 82/10 (36.2) හසිදු රාජපක්ෂ 35, ශෙහාන් චාමික 3/7 & 129/10 (48.5) කෞශික චන්ද්‍රසිරි 32, ශෙහාන් චාමික 8/42 

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 142ක ජයක්. 

වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය සහ හොරණ රාජකීය විද්‍යාලය  

  • වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය – 138/10 (46) දිනුක පෙරේරා 31, යසිරු රත්නායක 4/36, මිනිඳු හඳපාන්ගොඩ 2/8 & 74/10 (28) තිසුල සොයිසා 24, පසන් පෙරේරා 2/2, මිනිඳු හඳපාන්ගොඩ 2/15 
  • හොරණ රාජකීය විද්‍යාලය – 258/10 (79.4) පසන් පෙරේරා 123, මිනිඳු හඳපාන්ගොඩ 30, තිසුල සොයිසා 3/16, යසිත් සස්මිත 3/55 

හොරණ රාජකීය විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 46ක ජයක්. 

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සහ ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය  

  • අනුරාධපුර මධ්‍ය විද්‍යාලය – 97/10 (25.4) චමෝද් සෙනෙවිරත්න 34, දුල්ශාන් කුලගලගේ 5/8 & 154/10 (37.2) නිර්මාල් තිලකසිරි 42, කවිඳු විමලසූරිය 46, රවිඳු සිරිවර්ධන 5/38 
  • ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය -150/10 (41.3) ඉසුරු ජයසිංහ 67, කවිඳු විමලසූරිය 3/48, නිර්මාල් තිලකසිරි 2/11 & 76/10 (30.2) ඉසුරු ජයසිංහ 21, කාවින්ද දයාරත්න 4/20  

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ලකුණු 25ක ජයක්. 

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය  

  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 215/10 (56.4) තනුජ රාජපක්ෂ 36, ශානික්‍ය දේශප්‍රිය 34, දිමත් අබේසිංහ 6/63 & 287/9 (71) තනුජ රාජපක්ෂ 85, නවිඳු ප්‍රනාන්දු 82, දිමත් අබේසිංහ 4/92, තවීශ බාලසූරිය 3/109 
  • කුරුණෑගල මලියදේව විද්‍යාලය – 246/10 (75.4) දිමන්ත නිසංක 55, ගයන වීරසිංහ 40, තනුග පලිහවඩන 5/88 තලිශ නානායක්කාර 4/58 

තරගය ජය පරාජයෙන් තොරයි, කුරුණෑගල මලියදේව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (දෙවන කණ්ඩායම) 

  • තර්ස්ටන් විද්‍යාලය – 139/10 (45.1) ආදිත්‍ය සත්මින 44, මිනග සස්මිත 4/24 & 116/10 (41.2) සදීප් ප්‍රනාන්දු 24, පුනල් රවිශ්ක 3/10  
  • රිච්මන්ඩ් විද්‍යාලය – 116/10 (46.3) තෙනුශ නිම්සර 38, තිශේන් වික්‍රමසිංහ 3/22 & 84/10 (44.5) රන්දිනු අබේසිරි 40, තිශේන් වික්‍රමසිංහ 6/32 

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 55ක ජයග්‍රහණයක්. 

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය (දෙවන කණ්ඩායම)  

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය – 109/10 (31.2) මෙනෝද් ශෙවින් 29, තරුල් සමදිත් 5/24 & 103/10 (39.4) මනුජ සනුදය 25, තරුල් සමදිත් 4/46 
  • කොළඹ රාජකීය විද්‍යාලය – 188/9d (55.1) රයන් සුගතදාස 72, හස්තික ද සිල්වා 4/51 & 26/0 හිරුන් මතීෂ 21 

කොළඹ රාජකීය විද්‍යාලයට කඩුලු 10ක ජයක්. 

කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය විද්‍යාලය සහ සීදුව සාන්ත තෝමස් කතෝලික පාසල  

  • ශ්‍රී රාජසිංහ විද්‍යාලය – 157/10 (47) ලක්ෂාන් ආලෝක 44, ට්‍රියෝන් ක්‍රිස්ටෝපර් 6/37 
  • සාන්ත තෝමස් කතෝලික පාසල – 55/4 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය  

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 301/9 (79.3) නාතන් කල්දේරා 68, කවිඳු ඩයස් 50, කවීශ මෙන්ඩිස් 4/79 අශින්ස නයිනායක 3/51 
  • කොළඹ ආනන්ද විද්‍යාලය – 42/2 (16) දනිඳු සෙල්ලපෙරුම 17* 

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මේරි විද්‍යාලය  

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 123/10 (38.1) මහීෂ සිතුම් 32, සමිත සඳරුවන් 5/43, චමෝද් ආකර්ෂ 3/24 & 58/2 (15)  
  • සාන්ත මේරි විද්‍යාලය – 122/10 (42) රොශේන් සස්මිත 62, විහඟ තීක්ෂණ 6/21 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය (දෙවන කණ්ඩායම)  

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 218/10 (65.1) මනිත් ප්‍රනාන්දු 50, චනුත් ඇහැලියගොඩ 45, සාරධ ජයරත්න 3/19 
  • කොළඹ ආනන්ද විද්‍යාලය – 96/6 (34) මිහින් මුණසිංහ 39, අනුක් දේවනාරායන 3/25 

අද දිනයෙන් ආරම්භ වූ තරග සියල්ලේ ම දෙවන සහ අවසන් දිනය හෙට (26) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<