ගෙවුනු දවස ජනවාරි 29 – උත්සාහක දිනුම් 11ක් සමඟ ජය මහනුවරට

545
Sri Lanka Sports News last day summary 29th January

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

  රග්බි  

ලකුණු 5කින් ජය පොලීසියට

Police vs CH&FC2016/17 ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ 12 වැනි සතියේ අවසන් තරග ද්විත්වය ඊයේ (29) නිත්තවෙලදී සහ පොලිස් ක්‍රීඩා පිටියේදී පැවැත්විය. එහිදී මහනුවර සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර පැවති තරගයෙන් 73-13ක් ලෙස ප්‍රභල ජයග්‍රහණයක් සත්කාරක කණ්ඩායම විසින් ලබා ගන්නා විට අනෙක් තරගයෙන් සුපුරුදු පරිදී CH කණ්ඩායම පරාජය වූයේ පොලීසීය හමුවේ ලකුණු 5ක වෙනසකිනි.

මහනුවර සහ ගුවන් හමුදාව අතර තරගය

  • ප්‍රථම අර්ධය: ගුවන් හමුදාව 06 – 40 මහනුවර
  • අවසන් ලකුණු තත්වය: මහනුවර 73 (11T 9C) – 13 (2T 1P) ගුවන් හමුදාව
  • ThePapare.com තරගයේ වීරයා: ගයාන් රත්නායක (මහනුවර)

CH & FC සහ පොලීසිය අතර තරගය

  • ප්‍රථම අර්ධය: පොලීසිය 26 – 07 CH & FC
  • අවසන් ලකුණු තත්වය: පොලීසිය 26 – 21 CH & FC
  • ThePapare.com තරගයේ වීරයා: රොමේෂ් ආචරිගේ (පොලිස්)

සවිස්තර වාර්තාව බලාපොරොත්තුවන්න


  ක්‍රිකට්  

කඩුලු 10කින් ජය ගුරුකුලට

SINGER U19 DIV I

පාසල් ක්‍රිකට් තරු සොයා යන සිංගර් අන්තර් පාසල් 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ, මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය අතර තරගය ඊයේ (29) සාන්ත ආනා පිටියේදී සාර්ථක නිමාවූයේ, ගුරුකුල විද්‍යාලයට කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 48 (පන්දුවාර 30.3): මලිදු විදුරංග 3/16, ප්‍රවීන් නිමේෂ් 3/30

කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 56.3): අසින්ත මල්ශාන් 69, ටෙශාන් මලින්ද 41, පෘථිවි රූසර 31, මනුජ පෙරේරා 4/65, මන්ජිත් රාජපක්ෂ 2/40

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී  ලකුණු 204 (පන්දුවාර 96.2): මනුජ පෙරේරා 79, මන්ජිත් රාජපක්ෂ 28, ප්‍රවීන් නිමේෂ් 4/62, එච්.චමිත් 2/21

සවිස්තර තරග වාර්තාව: ගුරුකුලට දැවන්ත ජයක්


වරාය අධිකාරිය සහ පානදුර පෙරමුණේ

SLC Premier League 2016/17 tier B January 29th roundup

පුරා මාස දෙකකට අධික කාලයක් කණ්ඩායම් 9ක් තරග වැදුණු ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරග ඊයේ (29) අවසන් වූයේ, පැවැත්වූ අවසන් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් කරමිනි.

ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම  දැවී  ලකුණු 260 (පන්දුවාර 93.2): යොහාන් ද සිල්වා 96, නිශාන් පෙරේරා 36, ඉශාන් රංගන 35, ඉශාන් අබේසේකර 3/58

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 232 (පන්දුවාර 77.4): බුද්ධික හසරංග 61, මදුර මදුසංක 56, කුසල් එදිරිසූරිය 47, චානක කොමසාරු 5/59, චාමිකර එදිරිසිංහ 4/62

ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය දෙවන ඉණිම  – සියල්ලන්ම  දැවී  ලකුණු 148 (පන්දුවාර 57): යොහාන් ද සිල්වා 45, අනුක් ද සිල්වා 26, චාමිකර එදිරිසිංහ 20, සුදාරක දක්ෂින 4/37, ඉශාන් අබේසේකර 4/47

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 33 (පන්දුවාර 5): චමින්ද බණ්ඩාර 3/19

සවිස්තර තරග වාර්තාව: පානදුර හා වරාය අධිකාරිය පෙරමුණේ


දිනෙත් සහ තරංග ගෙන් ශතක දෙකක්

Sri Lanka Sports News

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරන ක්‍රීඩා සමාජ 14ක් ඊයේ (29) ක්‍රීඩාංගණ 7කදී එකිනෙකා හා තරග වැදුනි. එහිදී සුපිරි 8 වටයේ තරගයකට මුහුණ දුන් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය දින දෙකක් වැනි අඩු කාලයක් තුලදී ප්‍රතිවාදී කෝල්ට්ස් කණ්ඩායම පරාජය කිරීමට සමත් විය. මෙහි දැක්වෙන මුල් තරග හතර සුපිරි 8 වටයේ සිව්දින තරග වන අතර අවසන් තරග තුන මූලික වටයේ තුන්දින තරග ලෙසින් ඊයේ නිමාවට පත්විය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 150 (පන්දුවාර 46.5): සදීර සමරවික්‍රම 29, ප්‍රභාත් ජයසූරිය 26, අකිල ධනංජය 24, අරෝෂ් ජනෝද 7/38, ඉසුරු උදාන 2/27.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 196 (පන්දුවාර 49.5): රුක්ෂාන් ශෙහාන් 36, මහේල උඩවත්ත 27, අරෝෂ් ජනෝද 22, විදුර අධිකාරි 21, අකිල ධනංජය 3/11, ඉශාන් ජයරත්න 3/46, දිල්රුවන් පෙරේරා 2/67.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 39 (පන්දුවාර 13.4): මලින්ද පුෂ්පකුමාර 4/03, මධූක ලියනපතිරණගේ 3/02, ඉසුරු උදාන 3/09.

සවිස්තර තරග වාර්තාව: හලාවත ක්‍රීඩා සමාජය සිව්දින තරගය දින දෙකකින් නිමා කරයි

දිනයක අවසානය