මනුපගේ ශතකය නිසා නාලන්දාවට පළමු ඉනිමේ ජයක්

U19 Division 1 Schools Cricket Tournament 2023/24

256
U19 division 1 schools cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් අද (25) අවසන් වුනා. 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වුණු එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, නාලන්දා විද්‍යාලය එහි දී පළමු ඉනිමේ ජයක් කරා යෑමට සමත් වුනා. 

එමෙන්ම මෙම තරගයේ දී නාලන්දා විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කළ මනුප මන්මිත අගනා ශතකයක් ලබා ගැනීමට ද සමත් වුනා. 

මීට අමතරව මොරටු මහා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර අද ආරම්භ වූ දෙදින තරගයේ දී මොරටු මහා විද්‍යාලයේ දෙනෙත් සිතුමිණට අවාසනාවන්ත ලෙස සිය ශතකය මඟ හැරී ගිය අතර, සිය විද්‍යාලයේ සියලු පිතිකරුවන් දැවී අවසන් වන විට ඔහු ලකුණු 99ක් ලබා නොදැවී කඩුල්ලේ තනි වුනා.  

පළමු කොටසේ Tier A තරග 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය 

සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 24 – 25) 

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 159/10 (57.2) මහිත් පෙරේරා 46, නාතන් කල්දේරා 43, ඔසඳ පමුදිත 4/36, මිනෝද් කල්දේරා 2/25 & 223/6 (61) තිසේන් ඇහැලියගොඩ 72, අවිනාශ් ප්‍රනාන්දු 58, නදුල් ජයලත් 3/40 
  • කොළඹ නාලන්දා විද්‍යාලය – 214/10 (74.5) මනුප මන්මිත 118, අශේන් පෙරේරා 2/31 

තරගය ජය පරාජයෙන් තොරයි, නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

පළමු කොටසේ Tier B තරග  

මොරටු මහා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය  

කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 25 – 26)  

  • මොරටු මහා විද්‍යාලය – 264/10 (85.2) දෙනෙත් සිතුමිණ 99*, නිදර්ශන ප්‍රනාන්දු 62, දර්ශක සන්දීප් 4/55, විහඟ ඉඳුසර 2/28 
  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය – 9/2 (08) 

පළමු දිනයට තරගය නතර කළා. 

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<