ධර්මරාජ සහ මහානාම විද්‍යාල ජයග්‍රහණ ලබා ගනී

U19 Division 1 Schools Cricket Tournament 2023/24

202
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (11) සහ අද (12) අවසන් වුනා.

මෙම තරගවල දී ජයග්‍රහණ ලබා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාල විසින් සමත් වුනා.

මෙම තරගවල දී,

කොළඹ මහානාම විද්‍යාලය වෙනුවෙන් ඉනුක කරන්නාගොඩ ඉනිම් දෙකේ දී කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වුනා.

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් ප්‍රවීන් මදුසංක සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ශැරෝන් අභිෂේක් කඩුලු 5 දස්කම් දැක්වීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ මහානාම විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර

මහානාම විද්‍යාල ක්‍රීඩාංගණයේ දී – පෙබරවාරි 10-11

  • කොළඹ මහානාම විද්‍යාලය– 194/10(55.4) චාමික හීනටිගල 55, දුල්නිත් සිගේරා 30, මනුග ගුරුගේ 5/37, පෙසඳු සන්ජන් 3/29 & 25/0 (4.5) දුල්නිත් සිගේරා 20
  • මාතර සාන්ත තෝමස් විද්‍යාලය– 61/10 (25.4) අබ්දුල් මාජිඩ් 21, ඉනුක කරන්නාගොඩ 6/28 & 157/10 (f/o) (44.3) පෙසඳු සන්ජන් 64, අබ්දුල් මාජිඩ් 35, ඉනුක කරන්නාගොඩ 4/64

කොළඹ මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ දී – පෙබරවාරි 11-12

  • මහනුවර ධර්මරාජ විද්‍යාලය– 311/9d (63.1) අරෝශ මහගෙදර 72, පුලිඳු පෙරේරා 55, ඔනිජ සේසත් 53, නිශල් රශ්මික 3/48 & 17/0 (1.4)
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 149/10 (52.3) සුපුන් ලියනගේ 49, මහීෂ සිතුම් 29, දුලාර බන්දුලසේන 2/14, දක්ෂික මනුකල්ප 2/22 & 178/10 (f/o) (54) හසිත් කාවින්ද 82, මලීෂ නෙත්සර 46, දුලාර බන්දුලසේන 3/34, ඔනිජ සේසත් 3/58

මහනුවර ධර්මරාජ විද්‍යාලයට කඩුලු 10ක ජයග්‍රහණයක්.

දෙදින සාම්ප්‍රදායික තරග

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය

කටුනායක BOI – පෙබරවාරි 11-12

  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය– 170/10 (58) නිකිල් ජයවීර 43, චෙහාන් සුභසිංහ 40, ප්‍රවීන් මදුසංක 5/52, විරාන් චමුදිත 3/27 & 190/8 (67) කවීෂ ඉඳුවර 40, සෙනෙත් සිසාන් 38*, ප්‍රවීන් මදුසංක 3/60, රවීන් කවින්ත 2/15
  • මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය– 220/10 (84.3) විශ්ව සුපුන් 43, දිනිරු අබේවික්‍රමසිංහ 43, ශැරෝන් අභිෂේක් 5/93, කවීෂ ඉඳුවර 3/61

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<