“තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස මම යළි එනවා” – Hardik Pandya

788

ඉන්දියාව 3-0ක් ලෙස දකුණු අප්‍රිකාව හමුවේ පසුගිය දා පැවති එක්දින තරගාවලිය පරාජය වුනා.

ඉන්දීය පුහුණුකරු Rahul Dravid පවසා සිටියේ Hardik Pandya වැනි තරගයක් අවසන් කළ හැකි අංක 6 ස්ථානයේ පන්දුවට පහර දෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු නොමැති වීම තරගාවලිය පරාජය වීමට එක් හේතුවක් වූ බවයි.

Hardik Pandya වසර ගණනාවක් ඉන්දීය කණ්ඩායමේ එම වගකීම ඉටු කළ අතර ආබාධයක් නිසා ඔහු 2021 IPL තරගාවලියේ දෙවැනි භාගය සහ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කළේ පිතිකරුවෙකු ලෙස පමණයි. ලෝක කුසලානයෙන් පසුව Hardik Pandyaව කණ්ඩායමෙන් ඉවත් කෙරුණා.

Hindustan Times වෙත අදහස් දක්වමින් Hardik පවසා තිබුණේ ඔහු යළිත් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට පැමිණෙන බවයි.

“ඒක තමා මගේ සැලැස්ම, මට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරන්න ඕනේ. මම සූදානම් වෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරන්න. යම් දෙයක් වැරදුණේ නැත්තම් මම මහන්සි වෙලා සූදානම් වෙනවා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩා කරන්න”, Pandya පවසා තිබුණා.

“මම දැන් හොඳින් සිටිනවා. ශක්තිමත්ව සිටිනවා. කාලයත් එක්ක සුපුරුදු රිද්මයට එන්න පුළුවන් වෙයි.”

Hardik Pandya 2022 IPL තරගාවලියේ දී නව කණ්ඩායමක් වන Ahmedabad කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි. ඔහු සඳහා Ahmedabad කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 15ක් වැය කර තිබෙනවා.

ඊට අමතරව ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khan සහ යොවුන් පිතිකරු Shubman Gill ද එම කණ්ඩායමේ පළමු ක්‍රීඩකයින් තිදෙනා අතර සිටිනවා.

Hindistan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<