ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයෙන් ප්‍රබල T20 සංචිතයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

226

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම විස්සයි විස්ස තරගාවලිය මෙම මස 23 වැනිදා Cardiff හිදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා එංගලන්ත සංචිතය තෝරාගෙන තිබෙන්නේ එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Chris Silverwood මහතා විසින් බව ද වාර්තා වෙනවා. 

සුපුරුදු පරිදි Eoin Morganගේ නායකත්වය යටතේ නම් වී තිබෙන මෙම සංචිතය සඳහා 2015 වසරට පසුව පළමු වතාවට Chris Woakes එංගලන්ත විස්සයි විස්ස සංචිතය සඳහා නම් වී තිබීම සුවිශේෂී වෙනවා. එමෙන්ම 2019 වසරේ දී අවසන් වරට එංගලන්ත විස්සයි විස්ස කණ්ඩායම නියෝජනය කළ David Willey ද මෙම සංචිතයට කැඳවා තිබෙනවා.  

තවත් ක්‍රිකට් පුවත්: 

විශේෂඥ දඟපන්දු යවන්නන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහි මෙම සංචිතයට නම් කර ඇති අතර ඒ සඳහා 2018 වසරේ දී අවසන් වරට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළ Liam Dawson ද ඇතුළත්. 

Ben Stokes (ඇඟිල්ලක බිඳීමක්), Jofra Archer (දකුණු වැලමිටේ ආබාධයක්) සහ Reece Topley (side strain) ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් මෙම තරගාවලියට නම් කර නැහැ. මෙම විස්සයි විස්ස සංචිතයට අයත් එංගලන්ත ක්‍රීඩකයින් ජුනි 19 වැනිදා Cardiff වෙත වාර්තා කිරීමට නියමිතව තිබෙනවා. 

එංගලන්ත විස්සයි විස්ස සංචිතය: 

Eoin Morgan (නායක), Moeen Ali, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Liam Dawson, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Jason Roy, David Willey, Chris Woakes, Mark Wood.  

තරග කාලසටහන

  • ජුනි 23 – පළමු විස්සයි විස්ස තරගය – Cardiff හිදී 
  • ජුනි 24 – දෙවැනි විස්සයි විස්ස තරගය – Cardiff හිදී
  • ජුනි 26 – තුන්වැනි විස්සයි විස්ස තරගය – Southampton හිදී
  • ජුනි 29 – පළමු එක්දින තරගය – Durham හිදී 
  • ජූලි 01 – දෙවැනි එක්දින තරගය – London හිදී 
  • ජූලි 04 – තෙවැනි එක්දින තරගය – Bristol

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<